උතුරේ සියලු පාසල් අද (27) වසා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. උතුරේ අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාසා මහතාගේ නියෝගයකට අනුව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආර්.රවීන්ද්‍රන් මහතා විසින් සියළු අධ්‍යාපන කාර්යාලවලට මේ බව දැනුම් දී ඇත.
යාපනයේ කොකුවිල් පාසල් සිසුවා දිවි නසා ගැනීමේ සිද්ධියට පාසල් දරුවන් අතර කලහකාරි තත්ත්වයක් ඇතිවේයැයි සැකයක් හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීමට කටයුතු කළ බව මාධ්‍ය නිවේදනයක දැක්වේ. එම නිවේදනය නිකුත් කර ඇත්තේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසිනි.
මෙම තිරණය පිළිබඳ නොදන්නා පාසල් දරුවන් හා ගුරුවරු විශාල පිරිසක් පාසල් පැමිණ ඇති බවත් ඔවුන් ආරක්ෂාකාරීව නිවෙස් වෙත යැවීම දැඩි වගකීමක් බවත් විදුහල්පතිවරු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල සිදුවී හමාරය. (ම)
ඔය සියල්ලටම වග කිය යුත්තේ හිටපු රජය තනිකර බොරුවක් කළේ (බ)
මෝඩ කොල්ලෙක් කෝච්චියට පැන්නා කියලා පාසල් වහන්න තරම් පාලකයෝ ඉන්න රටක්ද මේක.(හේ)
අනේ මන්දා මොනවා සිද්ධවෙනවද කියලා (නි)
සිරගත කර ඇති සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන්න.(ම)
බොරු වැඩක් කරලා තියෙන්නේ්.(හේ)
ගමගේ මහත්මයාට නම් සියල්ල අමතකයි වගේ මේ වසර කිහිපයට (නි)
මටත් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)
මෙයාව තල්ලු කරලා ලියුම එතෙන්ට දැම්ම වෙන්න පුළුවන්. අපි නොදන්නා කොටි. (බ)
මෙම නිලධාරීන් සහා අනුවණ උතුරේ දේශපාලුවන් ගැන රජය මිට වඩා යමක් කලයුතු බව පෙනී යනවා. අහිංසක මිනිසුන් නොමග යවන පිරිස් සදහා උපරිම දඩුවම් පැමිණිවිම රජයේ වගකිමයී. (රේ)
කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියනවනේ (නි)
ගමගේ මහත්තයා මොනවගේ කෙනෙක්ද මන්දා? (නි)
ගමගේ කියන අදහසට මමත් එකඟයි (නි)
මේ ප්‍රශ්න ඉක්මණින් විසඳෙනවා නම් හොඳයි (නි)
ඊළම නැමති අන්ධ රාජ්‍යයට උතුරේ ජනතාව ඇද දැමීම සදහා අහිංසක පාසල් සිසුවා කෝච්චියට බිලිදුන්නා වත්ද? වියරු මිනිසුනේ සිරිලක උදාකල සාමය යලිත් විනාශ නොකරනු මැනවි (ම)
කලබලනොවී ඉවසීමෙන් කටයුතු කිරීමයි නුවණට හුරු (නි)
මේ මිනිස්සු කවදාවත් පාඩමක් ඉගෙන ගන්න අය නෙවේ! (ම)