ඒකීය ශ්‍රී ලංකාවක උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊලාම් ප්‍රදේශීය රාජ්‍යක් වශයෙන් නම් කළ යුතු බවට කිලිනොච්චිය පුරවැසි කමිටුවේ ලේකම් සින්නරාජා ජීවනායගම් කළ යෝජනාව සම්මත වී ඇත.
මෙම යෝජනාව කර ඇත්තේ රජය මගින් සිදු කිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉදිරිපත් කළ යුතු යෝජනා හා අදහස් සාකච්ඡා කිරීම පිණිස ඊයේ (08) කිළිනොච්චියේදී ආරම්භ කරණ ලද දින දෙකක සාකච්ඡාවේදීය.
මෙම සාකච්ඡාව කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර ඊට පළාතේ මහජනතාව සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින් රැසක් සහභාගි වී තිබේ.
මීට අමතරව නව ව්‍යවස්ථාවට ඉදිරිපත් වූ යෝජනා වලින් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ඊලාම් රාජ්‍යක් අවශ්‍ය බවටත් උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීමේදී එහි වෙසෙන ජනතාව ආගම්, ජාති, කුළ වශයෙන් හෝ සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් යළි බෙදීම් වලට ලක් නොකළ යුතු බවට ස්ථිර තීරණයක් ව්‍යවස්ථාවකින්ම සම්මත විය යුතු බවටද මෙහිදී යෝජනා වී ඇත.
කිළිනොච්චියේ කාන්තාවන් සුරැකීමේ සංවිධානයේ ලේකම් ගණේෂ්කුමාර් ග්‍රේෂි කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයකදී තේරී පත්වන මන්ත්‍රීවරුන්ගෙන් උතුරු නැගෙනහිර කාන්තා නියෝජනය සඳහා වැඩි ප්‍රතිශතයක් ලබාදිය යුතු බවටද සාකච්ඡා වූ බවයි.
සිංහල හා දෙමළ භාෂා භාවිතයේදී ශ්‍රී ලංකාවේ සෑම පළාතකම සාධාරණ අන්දමට එම භාෂා දෙක භාවිත විය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත වරක් ඉල්ලන් කන්න වගේ හදන්නේ ?(ම)
දැන් ඉතින් කාගෙන් ඉල්ලගෙන කන්නද පිටබැද්දර ජයා, (ර)
ව්‍යවස්ථා සංශෝධනයට රටේ ජනතාව අතරන් එන දහස් ගණනක් යෝජනා අතරින් මේ එක් අදහසක් පමනයි. මේකට අදහස් දාන අය එකෙන්ම හිතන්නෙ දැන් ඊළම දීලත් ඉවරයි වගේ. නොතේරුම්කමද නැත්නම් දේශපාලන අඳබාලකමද? (ර)
ඉල්ලීම් ඉල්ලීම් ඉවරයක් නැති ඉල්ලීම් (නි)
ආ! අපි මේ දෙන්න තමයි බලාගෙන ඉන්නේ (නි)
අහිංසක දෙමල ජනතාව උසි ගන්වමින් මේ දමිල නායකයින් කියාගන්නා අවස්ථාවාදීන් කරන්න හදන්නේ රට නැවතත් ලේ විලක් කරන්න නේද ? (ර)
ඇත්ත තත්වය තේරුම් නොගැනීමෙන් වෙන්නේ මුළු මහත් ද්‍රවිඩ ජාතියම අනතුරේ දැමීමයි. වෙනමම රටක් ලබාදීමට ඉන්දියාවවත්, සිංහල ජනතාව මෙන්ම සමහර ද්‍රවිඩ පිරිසකුත් කැමති වෙන්නේ නැහැ. වෙන්නේ සංවර්ධනය අඩාල වීම පමණයි. කල්පනාවෙන් වැඩ නොකළොත් තවත් අවුරුදු තිහක් අවතැන්වුවන් ලෙස ජීවත්වීමට සිදුවෙනවා සිකුරුයි. (නි)
ඒක දුන්නහම ඇතිවෙයිද දන්නෙ නැහැ? (නි)
ඔය ඊළාම් රාජ්‍යයක් ඉල්ලලා තමයි ප්‍රභාකරනුත් අවුරුදු 30ක් යුද්ධ කළේ. දැන් ඒක නිකන්ම දෙන්නද යන්නේ. අපරාදේ අපේ රණවිරුවන්ගේ ජීවිත නැතිවුණේ. (නි)
හොඳට බලාඉන්න. අපි දෙන්නම් (නි)
මඩුවල්ගෙන් තලන්න ඕන කාටද? (ම)
දැන් වෙනස කොහොමද? සනීපයි නේද? තාම ආරම්භය පමණි. මගේ රටට ශ්‍රී දළදා හිමි සරණයි! (නි)
ජාතික ගීයත් දෙමළ භාෂාවෙන් කියලා දෙන්නද හදන්නේ.(ම)
අන්න හොඳයි. සංහිඳියාව කියලා ආපසු බෙදිල්ල පටන් ගන්නද කියන්නේ? (නි)
සබැ වෙනසක් ඉල්ලපු අයටයි මේ දීමනාව. (ර)
අකුලාගෙන තිබෙන කොටි වලිගත් ටික ටික දිග හැරෙන්නයි යන්නේ. (නි)
හොද අදහස, සහ නියම වෙලාව. (ර)
මේ කස හඬ පමණයි. පෙරහැර පසුපසින් එනු ඇත. (නි)
උතුරු සහ නැගෙනහිර පලාත් එකතු කර දෙමළ ඊලාම් රාජ්‍යයක් වශයෙන් නම් කර එහි වෙසෙන ජනතාව තවදුරටත් සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් බෙදීම් වලට ලක් නොකල යුතුයි යනුවෙන් අදහස් කරන්නේ එම බිහිකරන රාජ්‍යය තුල ජීවත්වන සියලුම ජනතාව දෙමළ ජාතිකත්වය පිලිගතයුතුයි කියන එක නේද? එහෙම නම් ඇයි ඒ අයට බැරි 80% ක් සිංහල ජනතාව ජීවත්වන ඒකීය ශ්‍රී ලංකාවක් තුල සිංහල ජාතිකත්වය පිලිගන්න. (ර)
මෙයාලට තාම අමතකයි වගේ. (ර)
ප්‍රභාකරන් පස්සෙන් යන්න කියන්න . එතකොට හම්බවේවි. (ර)
කරුණාකරල මේ රටේ ඉන්න සියලු දෙනා ශ්‍රී ලංකික කියන පදනමට එන්න එහෙම හිතල ජාතිය ආගම කුලය අනුව නීති හදන්නේ නැතිව ශ්‍රී ලංකික ජාතියට ගැලපෙන නීතියක් හදන්න එහෙම කලොත් ඔය ප්‍රශ්න සියල්ලටම උත්තර ලැබේවි. (ර)
ඕක තමයි දෙන්න යන්නේ. ඉන්නකෝ ටිකක් හදිසි නොවී (නි)
අපි නම් මොකුත් කියන්නේ නැහැ. මොකටද නිකන් අහගන්නේ අපි ජාතිවාදය අවුස්සනවා කියලා. (නි)
ඔහොම යං(කෞ)
තවම ආරම්භය පමණයි (නි)
දැන් ඕක දෙනවද? අපි යුද්ධ කළේ මොකටද බලනකොට? (නි)
දමිළ සහෝදර සහෝදරියන්ගේ ප්‍රතිචාරය දෙස සිංහල අප උවමනවවෙන් බල සිටිනවා. මේ රට නැවත යුද්ධයකට ඇද දමන්නට සැරසෙන මෙම බෙදුම්වාධින් පරාජය කිරීම ඒකීය ලංකාවක ජීවත් වීමට කැමැති දෙමළ ජනතාවගේ වගකීමක්.(ම)