උතුරේ වෙහෙර විහාර ඉවත් කිරීමට කිසිවිටක කටයුතු කළ නොහැකි බව නැවත බන්ධනාගාර පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පැවසීය.
බෞද්ධ වෙහෙර විහාර මෙන්ම බුදු පිළිම ඉදිකිරීමේ අයිතිය භික්ෂූන් වහන්සේලාට හා සිංහල ජනතාවට ඇති බවත් උතුරේ ඉදි කළ බෞද්ධ විහාර හෝ බුදුපිළිම කිසිවිටෙක ඉවත් නොකරන බවද ඉදිකර ඇති බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා ඉවත් කිරීමට උත්සාහ කළ හොත් එය විශාල ගැටළුවක් බවට පත් වනු ඇති බව ද අමාත්‍යවරයා කීවේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ උතුරේ දේවාල ඉඩම්වල බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා ඉදිකරන බවට එම ප්‍රෙද්ශවල පිරිස් කිලිනොච්චියේ දී අමාත්‍යවරයා වෙත කරන ලද පැමිණිල්ලකට පිළිතුරු දෙමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමිනාදන් මහත්තයා කිව්වට අපේ පාර්ලිමේන්තුවේ එක නායකයෙක් කට අැරලා ඔය වචන ටික නම් කියන්නේ නැහැ නැහැමයි. (නි)
සිංහල අපිට යන්න වෙන රටක් නෑ..හැබැයි වැඩිය කල් යන්නේ නැතුවම මේ පාලකයෝ අපිව වෙන රටවලට යන්න වෙන සරණාගතයෝ වෙන තත්වෙට පත් කරනවා එක නම් ස්ථිරයි. (රේ)
අනේ මන්දා මෙහෙම ගියොත් ඉදිරියට රටට මොනවා වෙයිද කියලා (නි)
සිංහල නයකයන්ට වඩා ඔබ තුමා හොඳයි
අපි හොඳට දන්නවා මොකක්ද වෙන්නේ කියලා. ටිකෙන් ටික නැවත වාරයක් උතුරේ ජනතාවිරෝධී ක්‍රියා වල සමහර පිරිස් නිරත වෙනවා. බටහිර රටවල ආරක්ෂාව නිසා ඒ අය මෙසේ හැසිරෙනවා. (නි)
ජාතිවාදී නොවන ඇමතිවරයෙකු ලෙස මෙසේ ප්‍රකාශකිරිම ඉතාම අගයකළ යුතුයි. බෞද්ධයින්ට මෙන්ම, සියලු ආගම් වලට සමාන අයිතියක් ඇතිබව සැමෝම තේරුම්ගත යුතුයි. (නි)
දැන්වත් අපේ අයට තේරුනා නම් හොඳයි දෙමළ ඇමැතිවැරුනුත් බුද්ධිමත් විදියට සිතනවා නේද කියලා(රේ)
මේ උතුරේ ප්‍රශ්නය සදහටම විසඳන්න අවශ්‍ය නම් කරුණාකර දකුණේ මිනිසුන් උතුරේත්, උතුරේ මිනිසුන් දකුණේත් පදිංචි කරන්න. මෙය දිගටම කළයුතුයි. (නි)
ඔබතුමා මෙහෙම කිව්වුවත්, අපේ සමහර (ප්‍රධාන) දේශපාලන පක්ෂ හා ඒවගේ නායකයෝ කැමතියි ලංකාවෙන් සිංහල ජාතිය හා බෞද්ධාගම නැතිවෙලා යනවට, මේ තිත්ත ඇත්ත තේරෙන්නේ බොහොම ටික දෙනෙකුටයි. (රේ)
මේවා පටන්ගත්තුකට්ටිය කෝ? දැන් අර සේනාව කොහෙද ඉන්නේ???? මන් මේ දන්නේ නැති නිසා අහන්නේ.ජාතිවාදය වපුරලා නෙලගත්තු පල තමා මේ නෙලන්නේ ........(රේ)
දැනට තියෙන බුදු පිළිම කාටවත් ඉවත් කරන්න අයිතියක් නැහැ. එ් වුණාට බෞද්ධයො නැති තැන්වල පිළිම හදන්න ඕනෑ නැහැ. (නි)
මොහමඩ් දන්නවද? බෞද්ධයෝ කෙතරම් ඉවසිලිවන්තද?කියල. අපේ ගමේ මුස්ලිම් පල්ලි 11 ක් තියෙනවා. පල්ලිවලට කණ්ඩායම් බෙදිලා.සමහරු උසාවි ගිහින් නඩු කියනවා. උදේට දහවලට සවසට හතර වටෙන්ම ආගම සිහි කරන වෙලාවට මුළු ගම දෙවනත් කර ඇහෙන ශබ්දය? පොහොය දිනයටත් එහෙමයි. ඒත් අපි සමගියෙන් ඉන්නවා. පන්සල් තියෙන්නේ ගමටම 3 යි. ඒවා අතර බෙදීමක් නැහැ. අන්න එහෙමයි බෞද්ධයින්ගේ හදවතේ ඇති බෞද්ධකම(රේ).
ඇයි හැමෝටම ආගමික සහජීවනයෙන් ඉන්න බැරි? (නි)
ආගම් සියල්ලටම අපි එකවගේ ගරුකරනවා. මොනවද මේ අනවශ්‍ය ප්‍රශ්න? (නි)
.හැබැයි ඉන්දියන් ජාතික ලංකාවෙ අමෙරිකන් තානාපතිටයි, ඉන්දියන් ජාතික අමෙරිකාවෙ රාජ්ය ලේකම්වරියටයි, ඉන්දියාවෙ මෝඩිටයි ,ඉන්දියාවෙ ජයලලිතටයි පුලුවන්...(රේ)
දකුණේ පන්සලකට තීන්ත ටිකක් ගා ගන්න බැරි සමහර මිනිස්සු උතුරේ පන්සල් හදන්න වලිකනවා. පන්සල් හැදුවට වැඩක් නැහැ හදවතේ බුද්ධාගම නැත්නම්(රේ)
බෞද්ධයන් නොමැති උතුරේ ප්‍රදේශවල පන්සල් හදන්න දඟලනකොට දකුණේ ගම්වල තිබෙන සමහර පන්සල් වැසී යනවා පේන්නෙ නෑ. (රේ)
දැන් බෞද්ධාගම ගැන කතා කරන්නේ මැල්කම් රන්ජිත් රදගුරුතුමා සහ ඇමති ස්වාමිනාදන් වැන්නන්. සාදු සාදු සාදු. (අ)
වැදගත් මිනිසෙකුගේ ප්‍රකාශය සිංහල අපි පමණක් නොව , සියලුම ජන කොට්ටාස අගය කල යුතුයි . ඇයි සමහර අයට එහෙම හිතන්න බැරි? (අ)
ඔබ සමග සියයට සියයක් මම එකඟයි මොහොමඩ්.(රේ)
අමාත්‍යතුමනි දේවාල පිහිටි ඉඩම් වල බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා ඉදිකරනවාට ධර්මය දත් බෞද්ධයෝ වූ අපිත් විරුද්ධයි, එහෙත් දේවාල අභ්‍යන්තරයේ නොපිහිටි බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමාවන්ට කිසිවෙකුට ඇත තැබීමට ඉඩ නොතබන්න එය ජාතින් අතර සමගියට විශාල බාධාවක්. (අ)
ඔහුට ඇති හැඟීම සිංහල බෞද්ධයන්ට නැති වීම කනගාටුවට කරුණක් (රේ)
ගරු ස්වාමිනාදන් මැතිතුමනි, සමහර සිංහල බෞද්ධ නායකයන්ට ඇත්ත වෙනුවෙන් නැති කට ඔබට ලැබුනාට, සිංහල නයකයන්ට වඩා ඔබ තුමා හොඳයි (රේ)
චන්දන දන්නවද සත්වයාව සසරින් එතෙරට තල්ලු කරවන බුදුදහම හෙවත් ලෝකෝත්තර බෞතික විද්‍යාවට ,දේවාල දේව සංකල්ප ඕනේ නැහැ, මිනිස්සු මුලා කරන, ඒවායින් අෑත්වෙලා ඉන්න තරමටම බුදුන් වදාළ ධර්මයට සිදුවන්නේ යහපතක් ,එනිසා පන්සලට දේවාල ඕනෙම නැහැ ..ඔබ කුමක් සිතුවත්. (රේ)
නිමල් ලලිත , පන්සල් පිහිටි ඉඩම් වල දේවාල ඉදි උනානම් ,සිංහල බෞද්ධයන් වූ අපි මැනවින් සංවිධාන ගතවෙලා මේ අමාත්‍යතුමාටම බලපෑම් කරන්න ඕනේ නැවත ඒවා යතා තත්වයට පත් කරන්නට , ඒ සේ කරන්නේ කෙසේද සිංහල බෞද්ධයන් වූ අපට ඇති එකම සංවිධානයටත් ගරහන්නේ සිංහලයොමයි
ජාතිවාදය නැවතත් නැවහිස ඔසවන බව මනාව පැහැදිලිය. සිංහල බෞද්ධ සංවිධාන මීටවඩා අවදියෙන් සිටිය යුතුය. උතුරේ බෞද්ධ ජනතාවද සිටින බව ඔය විරුද්ධ වන කවුරුත් මතක තබාගත යුතුයි (නි)
කොයි කාටත් බුදුසරණ හැර අන් සරණක් නැත. නටඹුන් විනාශ කළද බුදු දහම කිසිවෙකුටත් විනාශ කළ නොහැක. කිසිවෙකු එසේ සිතන්නේ නම් එය ඔවුන්ගේ විනාශයටම හේතු වේ. (නි)
මෝහමෙඩ්, කූරගල,මුහුදු මහාවිහාරය වගේ බෞද්ධ සිද්දස්ථාන අල්ලාගත්තේ හදවතේ ඉස්ලාමය තියෙන නිසාද?(රේ)
නැවත අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න නම් එපා ඔන්න (නි)
ජාතිය කුමක් වුවත්(අදාළ නොවේ),උගත් දේශපාලකයෙක් ගේ හා නුගත් දේශපාලකයෙක් ගේ වෙනස මෙයයි.අගය කරමි ඔබ තුමාව(රේ)
ප්‍රකාශයට මගේ ප්‍රණාමය! රට කරවන ඇත්තන්ගේ දෙඇස් ඇරේවා! (නි)
කිලිනොච්චිය පැත්තේ කට්ටියගෙන් මට අහන්න තියෙන්නේ, ඒගොල්ලෝ දකුණේ කෝවිල් ඉවත්කරගන්න සුදානම් වෙලාද එහෙම පන්සල් ඉවත්කරන්න කියවන්නේ? (නි)
ගුණසිරි, ඔබ වැල යන අතට මැස්ස ගසනවා වැනි අදහසක් පළකර ඇත්තේ. (නි)
දකුණේ පන්සලකට තීන්ත ටිකක් ගා ගන්න බැරි සමහර මිනිස්සු උතුරේ පන්සල් හදන්න වලිකනවා. පන්සල් හැදුවට වැඩක් නැහැ හදවතේ බුද්ධාගම නැත්නම් (නි)
ඇයි සමහර අයට එහෙම හිතන්න බැරි? ඒ සැකය නිසයි. (නි)
උතුරේ පන්සල් ඉවත් කරන්න කියනවා නම් එ්ක ආගම්වාදය නොවේද? අපේ ආගම, අපේ ජාතිය ගැන අපි කතාකළොත් අපි ජාති සහ ආගම්වාදීන්. නමුත් අනෙක් ජාතීන්ට සිංහලයාට සහ බුද්ධාගමට විරුද්ධව කතා කරන්න පුළුවන්. අනේ මෙහෙව් රටක අපිත් ඉපදුනානේ හාමුදුරුවනේ (නි)
ගරු ස්වාමිනාදන් මැතිතුමනි, සමහර සිංහල බෞද්ධ නායකයන්ට ඇත්ත වෙනුවෙන් නැති කට ඔබට ලැබුනාට, ඔබ මෙලොවට බිහිකළ ඔබේ දෙමාපියන්ට පින්! (නි)
හිතට සැනසීම ගෙනදෙන ප්‍රකාශයක් (නි)
මා අසා ඇති අන්දමට ස්වාමිනාදන් ඇමතිතුමා උතුරට කැපවීමෙන් වැඩකරන අැමතිතුමෙක්. ඔබේ අදහසට අනුව අනෙක් අයට සහජීවනය ගොඩනඟාගන්න බැරිවීම අභාග්‍යයකි (නි)
දකුණේ ඇති කෝවිල් ඉවත්කරන්න යෝජනා කළොත් මොනවගේ තත්ත්වයක් ඇතිවෙයිද? (නි)
පන්සල් හැදුවට වැඩක් නැහැ හදවතේ බුද්ධාගම නැත්නම්. මේක සිංහල බෞද්ධ රටක්. එ්ක මතක තියාගන්න. (නි)
බටුගෙදර, සේනාව නිසා තමයි දැනගත්තේ සිංහල බෞද්ධයාට විරුද්දව ක්‍රියාවලියක් රටේ යන බව. නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (නි)
ඇමතිතුමනි, ඔබතුමාගේ ප්‍රකාශයට දස දහස් වරක් පින්! ස්තුතියි! (නි)
ගුණසිරි, මම දන්නා පරිදි නම් දේවාල පිහිටි ඉඩම් වල පන්සල් ඉදිවී නැහැ. නමුත් පන්සල තිබුණු ඉඩම්වල නම් දේවාල ඉදිවුණා (නි)
ඔබ වැනි රට ගැන හිතන මිනිසුන් ගැන අපට ජාතියක් හැටියට ආඩම්බරයි. ඒ වගේම ශක්තියක් (නි)
දේවාල ඉඩම්වල පන්සල් බුදු පිළිම හැදුවට වරදක් නැහැනේ (නි)
හැමතැනම පල්ලි කෝවිල් හදන්න දෙන්න හොඳ නම් පන්සල් හදන්න බැරිද? අනේ මන්දා මෙහෙමත් නීතියක්! (නි)
සැම බෞද්ධයෙකුම තමන්ගේම ඉඩමේ බුද්ධ පිළිමයක් සහ බෝධියක් හදා ගත යුතුයි. මේ සඳහා ඉඩම් නැති බෞද්ධයන්ට රජයෙන් ඉඩම් ලබා දුන්නම ප්‍රශ්නය ඉවරයි නේ! (රේ)