ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අත්තනෝමතිකව වේලාවක් නොමැතිව උතුරු පළාතේ ධාවනය සිදු කිරීමට විරෝධය අද උතුරේ සියලුම පෞද්ගලික බස් රථ ධාවන කටයුතු වලින් ඉවත් වූහ.
වෙනත් පළාත් වලට අයත් ඩිපෝවල බස් රථද උතුරු පළාතේ ධාවනයට යොදවා ඇත්තේ පෞද්ගලික බස්රථ ධාවනයට දැඩි බලපෑමක් එල්ල කරමින් බවටද වැඩ වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ හිමියෝ කියති.
මේ අනුව පෞද්ගලික බස් රථ හිමියන් විසින් විරෝධතා සන්දේශයක් වව්නියාව අතිරේක දිසාපති තිරේස් කුමාර් මහතා වෙතට බාර දෙමින් කියා සිටියේ තම ගැටලුවට විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියටද වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.
මේ අතර ලංගමය හා ඒකාබද්ධ කාල සටහනකට එකඟ නොවු හලාවත කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් සේවකයෝද අද වර්ජනයක් ඇරඹු බව පොලිසිය කියයි.
ඡායාරූප - රොමේෂ් මධුෂංක





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.