ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අත්තනෝමතිකව වේලාවක් නොමැතිව උතුරු පළාතේ ධාවනය සිදු කිරීමට විරෝධය අද උතුරේ සියලුම පෞද්ගලික බස් රථ ධාවන කටයුතු වලින් ඉවත් වූහ.
වෙනත් පළාත් වලට අයත් ඩිපෝවල බස් රථද උතුරු පළාතේ ධාවනයට යොදවා ඇත්තේ පෞද්ගලික බස්රථ ධාවනයට දැඩි බලපෑමක් එල්ල කරමින් බවටද වැඩ වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ හිමියෝ කියති.
මේ අනුව පෞද්ගලික බස් රථ හිමියන් විසින් විරෝධතා සන්දේශයක් වව්නියාව අතිරේක දිසාපති තිරේස් කුමාර් මහතා වෙතට බාර දෙමින් කියා සිටියේ තම ගැටලුවට විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියටද වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.
මේ අතර ලංගමය හා ඒකාබද්ධ කාල සටහනකට එකඟ නොවු හලාවත කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් සේවකයෝද අද වර්ජනයක් ඇරඹු බව පොලිසිය කියයි.
ඡායාරූප - රොමේෂ් මධුෂංක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නත්, අයිතිවාසිකමුත් තියෙන්නේ මෙයාලට විතරයි. ලංගම විනාශකර, අවුරුදු 35ක් තිස්සේ මේ ප්‍රවාහන සේවයේ ‘කෑලි‘ ගොඩට මිනිස් ජීවිත වැටෙනතුරු කිසිම රජයක් කිසිදෙයක් කළාද? (නි)
අද ලංකාවේ ඇති උද්ඝෝෂණ, විරෝධතා දකිනවිට හිතෙන්නේ ඒවා ප්‍රජාතන්ත්‍රවාදය නිදහස නිසා ඇතිවන්නක් නොවන බවය. රටක් දියුණු කරගැනීමට රාජ්‍යයක සෑම අංශයකටම නිවැරදි ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එහි අඩුපාඩුව මේ හැම අවස්ථාවකම අපට පෙනෙන්නට ඇත. ප්‍රතිපත්තිය රටේ අවශ්‍යතාවය නම් පෞද්ගලික බස් හිමියන්ටවත්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජීවත්වෙන දේශපාලකයන්ටවත් එය වෙනස් කිරීමට රාජ්‍යක ඉඩ නොතිබිය යුතුය. ජනතා සේවයට කැපවී සිටින රාජ්‍ය ආයතනයක්, තමන්ගේ මල්ල පුරවා ගැනීමට පමණක් දුවන මෙවැන්නන්ට යටත් වියයුතු නැත. (නි)
අයින් කරගෙන ඉන්න කියන්න එක සතියක්. ඊළඟ සතියේ ඉඳලා ආපහු එනවා.(හේ)
ඔය සේවය ජනතාව සහ රට විනාශකළා. වැරදි සංස්කෘතියක් බිහිකළා. ඔය සේවාව අපිට එපා. ජනතා හිතවාදී ලංගම පණගන්වන්න. (නි)
තවත් ලංගම බස් දාන්න. එක සතියෙන් ආපහු එනවා (නි)
මේ අයට බය වෙන්න එපා.මහජනයාට හොද ප්‍රවාහන සේවයක් ලබාදෙන්න තව තව බස් දාන්න .(හේ)
අපෝ අයින් කරගන්න කියන්න. ඕන තරම් බස් මහින්ද මහත්තයා ගෙනාවා ගිය ආණ්ඩුවෙන්. එ් දවස්වල මෙයාල 138, 154 ඔහොම තමා කරන්න ගියේ. නමුත් මුකුත් වුණේ නැහැ. (අ)
මේ අය වැඩිම වුනොත් සතියක් වර්ජනය කරයි.(හේ)
බස් සේවකයන් ගැන හොයන්න කවුරුවත් නැහැ. ඔවුන්ට හෙට ගැන සිතන්න වෙලාවක් නැහැ. බස් සේවකයෝ අද ලැබෙන සල්ලි ගැන හොයනවා අර අනාගතයට ලැබිය යුතු ඊ.ටි එෆ් , අර්ථසාදක මුදල්, විශ්‍රාමික බෝනස් යනාදියට බස් හිමිකරුවන් දායක වෙන්නේ නැහැ. බස් සේවකයෝ වර්ජන කළ යුත්තේ මේවාටයි. හෙට උදේට බස් හිමියන් සේවකයන්ව ඉවත් කරන්නත් පුළුවනි. බස් හිමියන් රජයට බදු ගෙවනවාද? (බ)
තව තවත් ලංගම බස් දාන්න. වර්ජනය කරන බස් අයින් කරලා නව බස් රථ දාන්න අවසර දෙන්න (බ)
පෞද්ගලික කියන්නේ පොදු ජනතාවට සේවය කරන්න හදන අය නොවන නිසා බය වෙන්න දෙයක් නැහැ. ලංගම බස් රථ වැඩියෙන් යොදවල සේවය ශක්තිමත් කරන්න, ජනතාව සහයෝගය දැක්විය යුතුයි. එක මාසයක් ලිසින් ගෙවා ගන්න බැරි වුනාම ආපහු එයි. (බ)