උතුරේ හින්දු බැතිමතුන් ගේ සම්ප්‍රදායික කතරගම පාද යාත්‍රාව කුමන ජාතික වනෝද්‍යානය මැදින් අද (27) ඇරැඹිණි.
1500ක් පමණ වන්දනාකරුවෝ මේ ගමනට එක්වී සිටිති. පොතුවිල මූදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වූ කිරිබත් දන්සලකින් උදේ ආහාර ලබාගත් පිරිස කුමන හා යාල වනෝද්‍යාන මැදින් ගමන් කර ජූලි 5 වැනිදා කතරගම පුදබිමට ළඟාවීමට නියමිතය.
875 දෙනකු අද උදේ 6 වනවිට කුමන වනෝද්‍යානයෙන් පාද යාත්‍රාවට එක්වූ බව කුමන වනෝද්‍යාන භාරකරු සිසිර කුමාර රත්නායක මහතා කියයි.
කතරගම බලා එන වන්දනාකරුවන් වෙනුවෙන් ඔකඳ සිට වන මැද මහා මාර්ගය අද විවෘත කළ බව වනජීවී නිලධරයෝ කියති. වන්දනාකරුවන් නවාතැන් ගන්නා පොත්තන ඉපැරණි ළිං පිරිසිදු කළ බව කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. ඒ සඳහා කටගමුව යුද හමුදා කඳවුර සහාය දුන්නේය. ශ්‍රී ලංකා නාවික හමුදාව ද වන්දනාකරුවන්ගේ ඕනෑ එපාකම් සපුරයි.
ඡායාරූප - යූ.විජේසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි මේ හාමුදුරුවන්ටත් කතරගම දෙවි පිහිටයි...! (ර)
කද සුරුදුනි ඔබේ පිහිට ලැබේවා! අපේ රට සවුසිරියෙන් බැබලේවා! (බ)
කිසිවෙකුටත් කිසිදු කරදරයක් අපහසුවක් අතුරු අන්තරාවක් නොවී තම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කරගැනීමට හැකි වේවා..(හේ)
මෙය තමයි නියම වැදුම් පිදුම් ක්‍රම.ඉස්සර අපේ මුතුන් මිත්තන් ශ්‍රීපාද වන්දනාවේ ගියෙත් මෙහෙමලු නේද.(ම)
අනේ මෙහෙම මෝඩ මිනිස්සු..මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයන් කවදා ලෝකය දකියිද. භක්තියෙන් අන්ධ නොවී හිතල බලන්න එකම දෙයියෝ කොහොමද පිහිට වෙන්නේ සහ සාප කරන්නේ කියල.මොකද සමහරු පොල්ගහන්න යනවා පොල් අරගෙන .තවත් සමහරු පිහිට පතනවා මල් වට්ටි අරගෙන. (බ)
ජාතින් අතර සංහිදියාව සතුටුයි තෙරුවන් සරණින් ඔබ සැමට ශක්තිය නිරෝගී සුවය පතමි (බ)
සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි (ම)
මේ හැම දෙනාම අපේම පුරවැසියෝ .කඳ සුරිදු පිහිටෙන් බලාපොරොත්තු ඉටුවෙන සුභ ගමනක්ම වේවා (බ)
සියලුම දෙනාට කතරගම දෙවි පිහිටයි (බ)
මේ වගේ දේවල් දකින්නත් ආසයි.(හේ)
හරිම සතුටුයි දකින්නත් , මේක තමයි නියම සංහිඳියාව (හේ)
කතරගම දෙවි පිහිටයි (හේ)
යාපනය සිට එන බැතිමතුන්ගේ පහසුව පිණිස පොතුවිල් මුදු මහා විහාරය වඩාත් සංවර්ධනය කළ යුතුව ඇත. නවාතැන් පහසුකම් සහ දන්සල් දීම සදහා ගොඩනැගිලි සාදවා සියලු බැතිමතුන් විහාර භුමිය හරහා කතරගමට පැමිණීමට සලස්වන්නේ නම් මැනවි .මන්ද සිංහල දෙමළ සහයෝගය දැකීමෙන් පළාතේ බොදු උරුමයන්ට එක් ජාතියකින් වන හානිය අවම වනු ඇත (බ)
මේවගේ දකුණේ අයත් නාගදීපයට වන්දනා කලොත් මොකද වෙන්නේ සාදු සාදු සාදු (ම)
සියලු දෙනාටම කඳ සුරිඳු පිහිටයි (බ)
අපේ මුතුන් මිත්තෝ වනාන්තර මැදින් ගිහින් අලි කුලප්පු කළේ නැහැ ..? අපේ හමුදාව තමයි හැම දේටම ? පවු ? අත පය කැඩුනම වැටුපත් නැහැ ..? (බ)
යාපනය සිට එන බැතිමතුන්ගේ පහසුව පිණිස පොතුවිල් මුදු මහා විහාරය වඩාත් සංවර්ධනය කළ යුතුව ඇත. නවාතැන් පහසුකම් සහ දන්සල් දීම සදහා ගොඩනැගිලි සාදවා සියලු බැතිමතුන් විහාර භුමිය හරහා කතරගමට පැමිණීමට සලස්වන්නේ නම් මැනවි .මන්ද සිංහල දෙමළ සහයෝගය දැකීමෙන් පළාතේ බොදු උරුමයන්ට එක් ජාතියකින් වන හානිය අවම වනු ඇත ආරක්ෂක අංශ හා පොතුවිල මූදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියන්ගේ කරන මෙහෙය අගය කරමි (හේ)
මම මේ ප්‍රවෘත්තිය බැලුවේ පුදුම ගෞරවයකින්. මටත් ඔය ගමන යන්න තිබුණා නම් කියලා හිතුනා (නි)
ශාන්.ඔබගේ අදහස ඉතාම කාලෝචිතයි.(හේ)
නාග දීපයට වන්දනාවේ යනවනම් බස් වල යන්න එපා මේ විදිහට යන්න (හේ)