(අංජුල මහික වීරරත්න)
උතුරු නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන්ගේ මරණවලට හේතුව සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව විමර්ශන මගින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් විය. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් විය.
මෙම හදිසි සත්ව මරණ සම්බන්ධව විධිමත් විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එම සත්ව මරණ පිළිබඳ සිදු කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී ඇත.
මෙම සතුන් මිය යාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය නිසා බව සනාථ වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන් ඔරොත්තු දීමට අපහසුව ඇතැයි ද ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබෙන බවද විමර්ශන වාර්තාව වැඩිදුරටත් සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ තත්වය අනික් පැත්ත තමා පිටරටවලින් ගේන එන එළුවන් හා කිරි දෙනුන්ට වෙන්නේ.
2022 වසරේ සොයා ගැනීම්.