උතුරු හා නැගෙනහිර පළාත්හි රක්ෂිත වනාන්තර අක්කර 16,500 කට අධික ප්‍රමාණයක් නීති විරෝධී අන්දමින් හෙළි පෙහෙළි කර ජනාවාස හා වගා කටයුතු සඳහා යොදා ගනිමින් සිටින බව පරිසර සංරක්ෂණ භාරය කළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.
වව්නියාව මුලතිව්,මන්නාරම හා අම්පාර යන දිස්ත්‍රික්කවල රක්ෂිත වනාන්තර මෙසේ සංහාරයට ලක්වෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පැවැසීය.
වන සංරක්ෂණ ආඥා පනත ජාතිකපාරිසරික පනත, පුරාවස්තු ආඥා පනත රජයේ ඉඩම් ආඥා පනත, ආදී අණ පනත් රැසක් උල්ලංඝණය තරමින් මෙම වන සංහාරය සිදු කෙරෙමින් පවතින බව ද චාමිකර මහතා ප්‍රකාශ කලේය
මෙම මහා පරිමාණ වන විනාශය හේතුවෙන්වැව් හා ගංගා වල ජල පෝෂක අහිමි වීම ද, අලි ඇතුන්ට වාසස්ථාන අහිමිවීම ද, සිදුවන බවද හොතම සදහන් කළේය.
වන රක්ෂිත 17 කට අයත් වනාන්තර මෙසේ විනාශ කරමින් පවතින පව ද ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ ජනාධිපතිතුමා .?. මේවා නවත්වනවා කිව්වා නේද ?..කට විතරයි වැඩ නැනේ (බ)
අම්පාර දිස්ත්‍රික්කයේ ඉතා විශාල ලෙස වන සංහාරය, තණ බිම් හා ජලාශ රක්ෂිත ප්‍රදේශ අනවසරයෙන් වගා කිරීම සිදු වේ. මේවා ප්‍රාදේශීය ලේකම් හා දිසාපතිලාට නොපෙනෙන්නේ මන්ද? (බ)
මොකක්ද මේ වෙන්නේ.(හේ)
මොනවා වුනත් කොටි හිටියනම් මෙහෙම වෙන්නේ නෑ.(හේ)
කෝ විෂය බාර ඇමතිතුමා නිදිද දන්නේ නැහැ (ම)
කොහොමත් උතුරු නැගෙනහිර දැන් තියෙන්නේ, කැලැ නීතිය තමයි. (බ)
ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්ගේ? (බ)
යහපාලන ගිවිසුම අනුව කටයුතු කරනකොට ඉතින් ඔහොම වෙනවා. ඕවට කැමති වෙලානේ මිනිස්සු යහපාලනය ගෙනාවේ, දැන් ඉතින් මොකද මේ මැසිවිලි. (රේ)
වැදගත් පුවතක් (නි)