හෙරොයින් මත් කුඩු ගෙන අවුත් ධිවරයින් අට දෙනාගෙන් ඉන්දියා ඉන්දියා ධිවරයින් පස් දෙනා පමණක් නිදහස් කිරීමෙන් ඉතිරි ශ්‍රී ලාංකික ධිවරයින් තිදෙනාට දැඩි අසාධාරණයක් සිදු වී ඇතැයි උතුරේ ධිවරයෝ යාපනයේ උද්ඝෝෂණය කළහ.
ගුරු නගර් හි පදිංචි ලාංකික ධිවරයින්ද නිදහස් කරන තුරු උද්ඝෝෂණය දිගටම සිදු කරන බව උතුරේ ධීවර සමුපකාර සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුනි හරි. ලංකාවේ අය ලංකා නීතියට යටත්. මේ ගොල්ලෝ විතරද ?ඇයි බන්ධනාගාරවල ඉන්න කුඩු ගෙනාපු කට්ටිය. කලකට ඉහතදී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලයක මිනීමැරුමක් වුනා. එය රටේ ගෞවරවය ආරක්ෂා කිරීමට. නමුත් එම රටේදී විත්තිකරු හිරයට නියම වුනා. (නදී)
ආරක්ෂක නිළධාරීන් දිවි පරදුවට තබා කරන රාජකාරියෙනුත් ඵලක් නෑ මේ විදධියට නිදහස් කරන කොට. (ස)
කතාව සම්පුර්ණ ඇත්ත. ඇයි දෙගොල්ලන්ට නීති දෙකක්. (නදී)
සාධාරණ උද්ගෝෂණයක්. ඔන්න ඔතන තමයි කට්ටිය හිර වෙන්නේ .නිතිය නම් කාටත් පොදුයි. දැන් ඉතින් ඉන්දීය අගමැතිට කියලවත් බලන්න මේකට මොකක්ද ගන්න ඕන විසදුම කියලා. (නදී)
මෙතන වෙලා තියෙන්නේ නිදහස් කිරීමක් නෙමෙයි. ඉන්දීය රජයට භාර දීමක් පමණයි. ඔවුන් හිර කිරීම හෝ නිදහස් කිරීම එහෙ වැඩක්. (ර)
මොනවා කරන්ඩද? ධීවර ඇමති රාජිත දැන් ඉන්නේ පොදු අපේෂකයත් එක්ක. ජනවාරි 8 වෙනකන් ඉවසන්න වෙනවා කට්ටියට. දැන් අපේ මණ්ඩලේ කචල් වෙලා තියෙන්නේ පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. (නදී)
ඕක නැතිකරන්න තමයි මෛත්‍රීය පතුරවන්න කියන්නේ. විදායක බලතල වල ප්‍රතිපල නේ මේවා. ලංකාවේ ඔක්කොම කුඩු කාරයෝ නිදහස් කරන්න කියල හැමෝම උද්ගෝෂණය කරාවි. (නදී)
කොයි තරම් කෙලින් තියෙන කොන්දක් උනත් ඉන්දියාව ඉදිරියේ නැවෙනවා. නමුත් දේශීය ප්‍රශ්නවලදී කොන්ද ඉද්ද ගහල වගේ කෙලින් වෙනවා. ප්‍රශ්නය එතනමයි. (නදී)
සදුනි, එහෙම කියල තමයි ඉස්සෙල්ල හිතුවේ. නමුත් ඔවුන් මෙරට අධිකරණයෙන් නිදහස් කරනු ලැබුවා. එතන තමයි වැරැද්ද. (නදී)
ශ්රී ලංකාවට කුඩු ගෙනෙන ලංකාව නැති කරලා විනාශකරලා දාන බලාපොරොත්තුවෙන් අලි මදිවට හරක් කිව්ව වගේ කොටි යුද්දයෙන් පසු කුඩු යුද්දයක්. ඉතින් මේ විදිහට මේවා බලාගෙන හිටියොත් ලංකාවේ අනගතයට අබ සරණයි (නදී)