මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවර පිරිසක් මුහුදු යාමෙන් වැළැකී මන්නාරම නගරයට රැස්ව අලුතින් පිහිටුවීමට යන සිංහල ධීවර ගම්මානයකට එරෙහිව විරෝධතාවයක නිරත වූහ.
දකුණේ සිංහල ධීවර පවුල් 180 ක් පමණ මන්නාරමට රැගෙනවිත් ඔවුන්ව මුසලි පළාතේ පදිංචි කොට නව සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමට කටයුතු යොදා අති අතර එහි ඉඩම් මැනීමේ කටයුතු බදාදා (9) දා සිදු කිරීමට නියමිතව තිබුණු බවත් අතීතයේ කිසිම දිනක මන්නාරමේ සිංහල ධීවර ජනාවාස නොතිබුණු බවත් විරෝධතාකරුවෝ කීහ.
මෙම විරෝධය මත ඉඩම් මැනීමේ කටයුතු තාවකාලිකව නතර කොට දැමීමට බලධාරීන්ට සිදු වූ අතර විරෝධතා අවස්ථාවට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් විරෝධයේ නියුතු පිරිසගේ සන්දේශයක්ද භාර ගනිමින් කියා සිටියේ එම ගැටලුව සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිද්දී තමා හිතෙන්නේ මේ මිනිස්සු මොනතරම් කුහකද කියලා. මහා ජාතියේ බදු වලින්ම පඩි අරගෙන ප්‍රදේශය දියුණු කරගෙන මහා ජාතියටම කෙනෙහිලි කරනවා (නි)
තවම අපේ සමහරු පත්තර බලලා නැතුව ඇති (නි)
මේ අතීතයේ තිබුන ඒවාද දැන් වෙන්නේ. කිසිකෙනෙක් අමතක කරන්න එපා මේක එකම රටක් බව. ඕනෑ කෙනෙකුට ඕනෑ දිහාවක තම ජීවනෝපාය කටයුතු නීතියට එකඟව කරන්න පුළුවන්. ඕනෑනම් ඔය කරන දේවල් සිංහල මිනිසුන්ටත් මීටවැඩිය හොඳට කරන්න පුළුවන් බවත් මතක තියාගත්තොත් හොඳයි. (නි)
එතකොට කොළඹ වෙළඳාම් කරන කෝටිපති දෙමළ මුස්ලිම් ව්‍යාපාරිකයෝ ලංකාවේ දකුණේ සහ අනෙකුත් පළාත්වල අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්නේ නැද්ද? ඉඩකඩම් මිලදී ගන්නේ නැද්ද? මෙතන පැහැදිලිවම පෙනෙනවා කවුද ජාතිවාදීව හැසිරෙන්නේ කියලා. මෙම විරෝධතාකරුවන් වහාම අත්අඩංගුවට ගතයුතුය. ලංකාවේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම තිබෙනවා සියලුම පුරවැසියන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබෙන බව (නි)
ශ්රී ලංකාවේ උපන් ඕනෑම මිනිසෙකුට තමා කැමති ප්‍රදේශයක නිදහසේ ජීවත්වෙන්නත් තමා කැමති නීතියට පටහැනි නොවුණ රැකියාවක නිරතවෙන්නත් අයිතියක් තියෙනවා. එ්කට හිස නොනමා තම තමාට ඕනෑ නීති ස්ථාපිත කරන්න හදනවා නම් සිත් තබාගන්න, වාරකන් කාලය එන බවත්, එවිට සිංහලයින්ගේ ගම්බිම් වලට එ්මට නුඹලාටත් තහනම් කළ හැකි බවත්. හරිනම් සියලු ජාතිවල සියලු ධීවරයෝ කරන්න ඕනෑ රට වටේම ගම්මාන පිහිටවලා අසල්වැසි බලවත් රටවල මිනිස්සු අපේ මුහුදු තීරය කොල්ලකෑම වැළැක්වීමයි (නි)
වින්සන්ට්ගේ අදහස මමත් අනුමත කරමි. මම ජීවත්වන ජර්මනියේ ජාතිවාදී අදහස් දැරීම නීතියෙන් තහනම් කර ඇත. එම නීති කඩන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා කටයුතු කරනු ලැබේ. ලංකාවෙත් මෙම නීති ඇත. නමුත් අවාසනාවකට මෙම නීති ක්‍රියාත්මක වන්නේ දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් අනුවය (නි)
මන්නාරමේ ඉන්නේ කවුද? අපිට ඉදිරියේදී තිබෙන ප්‍රශ්නය හරියට හඳුනාගනිමු (අ)
සංහිදියාව අප්සෙට් විද මන්ද .මොනවා හරි කිව්වොත් .අපි සිංහල නිසා. (අ)
මේ රටේ සහජීවන එවුන්දැන්වත් ජාතිවාදීන් සිංහලයන්ද දෙමල බස කතා කරන්නවුන්ද කියා වටහා ගතහොත් යෙහෙකි.සිංහල ධීවර ගම්මානයට විරෝධය මුස්ලිමුන්ගෙන්. දේසපාලන මැදිහත්වීම දෙමළුන්ගෙන්. විල්පත්තුවේ මුස්ලිම් ගම්මාන හදාදී සහජීවන නරුමයන් මුනිවත රැක්කා. දේසපාලුවන්ද එසේමය. (බ)
මෙවුන් එක්ක මොන සහාජිවනයක්ද?පේනවනේ සිංහලයට දක්වන එදිරිවාදිකමක තරම.බලාගෙන යද්දී මෙවුන්නේ ජාතිවාදය පටලවාගෙන තියෙන්නේ.උද්ගෝෂණය කරපල්ලකෝ ඔය මුහුද හුරන්කන්න එන අල්ලපු රටේ උන්ට විරුද්ධව. (බ)
ලංකාවේ උපන් සෑම මිනිසෙකුටම ..මේ ලංකාවේ ඕනෙම තැනක කාටවත් කරදයක් නැතිව ..ජීවත්වීමේ අයිතිය ඇත ..? මෙයාල දැනට මෙහෙම වැඩ කරද්දී ..මටනම් හිතාගන්නවත් බැහැ..අපේ ලංකාවේ අයිතිය තියෙන්නේ කාටද කියල ....?මේ මිනිසුන්ට කියන කියන දේ කරන නිසානේ මේ (බ)
ප්‍රභාකරන් උතුරෙන් සිංහලයින් 30000ක් එලෙව්වා.ඒ අය නැවත පදිංචි වෙන්න අයිතිය ඉල්ලුවාම කිව්වේ \"සිංහල අහිකුන්ටිකයින් පන්නනු කියලයි.නුදුරු අනාගතයේම සිංහලයින් සිය මව් රටේම සරණාගතයින් වෙනවා. ඡන්ද ගොඩවල් හා මුදලට කෑදර කැබිනෙට් සාමාජිකයින් මේ තත්වය සිංහල ජාතිවාදය ලෙස දක්වනවා.ඔවුන්ට දෙමල මුස්ලිම් ජාතිවාදය පෙනෙන්නේ නැහැ. (බ)
මෙවැනි ඉල්ලීමක් සඳහා කිසිම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නොහැකි වනපරිදි රටේ නීති ක්‍රියාත්මක විය යුතුය. මෙවැනි තත්ත්වයන් පසුපස සිටින අවස්ථාවාදී දේශපාලකයන් උතුරේ වගේම දකුණේද සිටීම රටේ අවාසනාවට හේතු වී ඇත. (අ)
පැහැදිලිවම උතුරේ සිංහල ජාතියට විරෝධී බව හැමදේකින්ම පෙනෙන්නට තිබියදී පවා රට කරවන අය අඳ ගොළු බිහිරන් සේ හැසිරීම කෙතරම් උචිතදැයි නොදනිමු. (නි)
එහෙනම් දකුණට ඇවිල්ලා වෙළඳාම් කරන දමිළයන්ටත් යළි උතුරට යන්න කියමුද? (නි)
දකුණේ සහජීවනවාදීන්ට බැරිද දන්නේ නැහැ උතුරට ගිහින් දේශනයක් තියන්න. (නි)
"සියලුම දෙමළුන් රටේ අනිත් පළාත් වලින් පිටව වහා උතුරට යනු" නිකමට හරි සිංහලයෙක් මෙහෙම කිවුවොත් එහෙම කිවුව කෙනා එල්ලන්න වැල නොකැඩී ඒවි (නි)