කොටි ළමා පුහුණු කඳවුරු උපදේශිකාවක් උතුරු නැගෙනහිර කොටි සංවිධානයේ ළමා පුහුණු කඳවුරුවලට දරුවන් තෝරාගත් සහ ළමා සොල්දාදුවන් පුහුණු කළ තිදරු මවක් ඕස්ටේ‍්‍රලියානු සරණාගත කඳවුරකට අවුත් දේශපාලන රැකවරණය ඉල්ලා සිටින්නීය.
තමන් කොටි සංවිධානයේ ළමා පුහුණු කඳවුරුවල සේවය කළ බවට පාපෝච්චාරණය කරමින් ඕස්ටේ‍්‍රලියාවේ සරණාගත රැකවරණය අයඳුම්කළද, එය කිහිප වරක්ම ඕස්ටේ‍්‍රලියානු බළධරයන් විසින් ප‍්‍රතික්‍ෂ්පකර ඇති බව වාර්තා වන්නේය.
ඇගේ මෙම ප‍්‍රකාශය අසත්‍යයක් බව කොටි හිතවාදීන් පෙන්වා දීමට උත්සහ කරති.
කොටි සංවිධානයේ හිටපු දේශපාළන නායක තමිල් සෙල්වම් බටහිර මාධ්‍යයට එකළ පවසා සිටියේ ළමා පුහුණු කඳවුරු ගැන තමන් නොදන්නා බවත් එය ශ‍්‍රී ලංකා රජයෙන් එල්ටිටීඊ සංවිධානට එරෙහිව ගෙනෙන අවලාද බවත්ය.
පසුගිය සතියේ සිට මෙම ළමා සොල්දාදු උපදේශිකාවගේ දරුවන් පාසල වෙත රැගෙනයන දිවා ආහාර බහාලූම් පවා සරණාගත කඳවුරු ආරක්‍ෂකයින් විසින් පරික්‍ෂාවට ලක් කරණ බවද වාර්තාවන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිවුවත් අපි කියන දේ ලෝකයා ගණන්ගන්නේ නැහැනේ (නි)
කෙමනෙන් බැරිනම් හබකෙන් කියලා ඔය අපේ රටට විරුද්ධව සිනමා සංදර්ශන එහෙම තියන අයගේ ඇත්ත තත්වයත් මේ වගේ දවසක ලොවටම එළිවෙනවා.පිල්ලේ නෝනට දුරකථන ඇමතුමක් දෙන්න.දැන් මොකද කියන්නේ අහලා. (නි)
චමින්දට ඉන්දියාව කීයක් ගෙවනවද ? ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවට .ඕස්ට්‍රේලියාවේ ගොඩක් සිංහලයෝ ඉන්නවා. සල්ලිවලට කහින අය.එයාල බොරුවට සිංහල කොඩිය ගත්තට යටින් ඉන්දියාවට උදව් කරනවා. (ස)
මා දන්නා සිංහල අයද මෙහි සිටිනවා කොටින්ට රැකවරණ දුන් නිසා ලංකාවේ සිටියහොත් මරනවා යැයි කියා සරණාගත විසා ලබා ගත් (නි)
කේ එච් ආර් කේ දිසානායක ඔහේ මොන රටේද ජීවත් වෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඔහේ ජීවත් වන රටේ ආරක්ෂක අන්සවලට ළමයිගේ කෑම පෙට්ටි පරීක්ෂා කරන්න පුළුවන් ඇති. ඒත් මේ රටේ ඒ සෙල්ලන් හරියන්නේ නැහැ. ලාල් සිඩ්නි ඔහෙටයි මේ කියන්නේ, කව්ද හොලෝ මෙතන රෙදි වැලක් ගැන කතා කලේ? කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ ඕවටයි. මීට පස්සෙවත් මත්තෘකාව කියවල අදහස් ප්‍රකාස කරන්න ඉගෙන ගන්න(නදී)
ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල අය වැඩි හරියක් දෙකට දෙපැත්තට ඉන්නේ. කොටි ත්‍රස්තවාදයට එරෙහිව ඒගොල්ලෝ ලොකු හඬක් නැගුවේ නැහැ. චන්ද්‍රා, ඕස්ට්‍රේලියාවේ හොරු ආසියානු කාරයෝ නම් ඔයත් හොරකමේ යනවද? නැහැ, ඕස්ට්‍රේලියන් කාරයෝ අමු හොරු. ඒ ටී එම් මැෂින් අසල හැංගිලා ඉඳල වයසක කෙනෙක් මුදල් ගත්ත ගමන් ඔලුවට පොල්ලකින් ගහල සල්ලි අරන් පනින්නේ අසියාතිකයෝ නම් නෙවෙයි. .(නදී)
මේ කතාව චැනල් 4 එකට කියන්නකෝ අනේ! (නි)
කළකම් පළදෙනවා කියන්නේ ඕවට තමයි (නි)
පිටිගල, මෙල්බන් වල ලොකු රස්සාවක් කරන ඔයාගේ පුතාගේත් ජොබ් එක ගහල යයි ඔයා ඔහොම අදහස් ලිව්වොත්..(නදී)
පිටිගල මිලානෝ , පුතා ඉන්නෙත් ඕස්ට්‍රේලියාවේ නේද? මම එයා ගැන හොදට දන්නවා..(නදී)
ලාල්, ඔය ඉතින් අසියානුකරනයේ විපාක තමා.අපරාදේ කියන්න බැහැ, සුද්දෝ වැඩිපුර ඉන්න ප්‍රාන්තවල දොර ඇරලා තිබුනත් කිසි දෙයක් නැතිවෙන්නේ නැහැ. බ්‍රිස්බනය කොපමණ හොඳද? ඔය කට්ටිය ඔහෙම තියාගන්න. (නි)
බල මාළු කෑවා නම් විදවපන් බළලෝ කිව්වලු (නදී)
ඔය කියන්නේ ලස්සනට. ඇත්ත හං ගන්න හැදුවට බැහැ කොහොම හරි එලියට එනවා. හරියට වතුරේ හංගපු පලාස්ටික් බෝලේ වගේ.(නදී)
ඔව් ඔව් පිටිගලගේ පුතා ඔස්ට්‍රලියාවේ තවම ඇතුලේ . එලියට දාන්න තව කල් තියෙනවා කරපු වැරද්දට . ඒකේ ඇතුලේ ලොකු රස්සාවක් දැන් කරන්නේ .(නදී)
ඇත්ත එළිවෙනවා කැනඩාව මොකද කියන්නේ (නදී)
ඕවා පිළිගන්න එපා. කිසිදාක දරුවන්ගේ කෑම බදුන් මේ රටේ කිසිම කෙනෙකුට පරීක්ෂා කරන්න බැහැ.(නදී)
චමින්ද මහත්තයෝ, කවුද ඔබතුමාට එහෙම කිවුවේ?ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම සැක කටයුතු ස්ථානයක් පරික්ෂා කරන්න ආරක්ෂක අංශ වලට පුළුවන් (නි)
ලාල් බ්‍ර්ස්බනේ කියන්නේ වේගයෙන්ම දියුණුවෙන ප්‍රාන්තය. දැන් වසර දෙකක් ආපස්සටට ගිහින් බැලුවත් ලොකු වෙනසක් තිබෙනවා. සැම තැනම කොන්ක්‍රීට් වනාන්තරයක් අවසානයේම ස්බාවික වනාන්තරයක් තිබෙනවා. මෙහෙ ලපි සිපි ජොබ් නැහැ. ඔහේ වගේ ඉන්දියානු පෙනුමකුත් නැහැ.(නදී)
අපේ රට හොඳ නැහැ කියල හිතල මෙහෙන් හැම දේම ලබාගෙන අවසානයේ සුද්දන්ගේ රටවල්වල ලැගගෙන කුලියට කහින ලැජ්ජා නැති කට්ටියත් ඉන්නවා නේද? (ස)
නිමල් අපිත් මෙහාට එනකොට ගොඩක් කට්ටිය කිව්වේ ඔහොම තමයි. ආවට පස්සේ හිතුනා මේ අයගේ කටවල් තලන්න ඕනා කියා. (නදී)
මෙතන ඉන්න සමහර මැටි වහන්සෙලා අහනවා ඉන්දියාව කියක් ගෙව්වද කියලා.ලියලා තියෙන සිංහල අදහස තේරුම් ගන්න බැරි සමහර මැට්ටෝ එනවා අදහස් පල කරන්න.ඔක්කොටම ඉස්සල්ල මේ කට්ටියට සිංහල ඉගැනන්නුවා නම් හොඳයි. (ස)
අපොයි මමත් බ්‍රිස්බේන් වල හිටියා, ලංකාවේ මොනරාගල ඊට වඩා දියුණුයි. (ස)
චමින්ද අපෝ...ඕස්ට්‍රේලියාවේ රෙදි ටිකක් හෝදලා වැලේ දමන්න බැහැ හොරකම් කරගෙන යනවා. හදිසියේ පොලිසියට කෝල් කලොත් එන්නේ පෙරහැර ගියාට පස්සේ. ආරක්ෂාව ඇති අන්තිමයි.(දිල්)
ලාල් සිඩ්නි, ඕස්ට්‍රේලියාවේ හොරු තාම පොලු යුගයේද ඉන්නේ? ඒ කියන්නේ ලංකාවේ හොරු ගොඩක් දියුණුයි. දැන් ලංකාවේ හැම එකාටම ටී56 ක් තියෙනවා. (ස)
පිටිගල අයියා අද උදෙන්ම සප්පායම් වෙලා වගේ. (ස)
බ්‍රිස්බේන් වලට වඩා නම් සිඩ්නි ගොඩක් හොඳයි. කැලේට ගිහිල්ල අත ඇරලා දැම්ම වගේ. කිසිම දියුණුවක් නැහැ. රස්සාවලුත් නැහැ. මම ඉන්න දවස් වල බ්‍රිස්බෙන්වල වයසක මිනිහෙක්ට හොරෙක් පොල්ලකින් ගහල මරල අතේ තිබුන සල්ලි ටික ගත්තා. (ස)
තිදරු මවක්නම් දරුවෝ ෂුවර් එකටම කොටි පැටව්. ලොකු උනාම පුල්ලිවල ලපය අරින්න අමාරුයි. ඒ නිසා පුනුරුත්තාපයකොට සමාජයේ නිසි අවබෝදය ලබාදී වැඩදායි පුද්ගලයන් කිරීම බලදාරින්ගේ වගකීමකි .(නදි)
සියල්ල දත් පිටිගල මිලානෝ,නොදන්නා දේ කතා නොකර සිටීමෙන්, අනවශ්‍ය අපහසුතාවයන්ට පත්වීමෙන් වැළකි සිටිය හැක. (නි)
කොටි හිතවාදීන් ඇත්ත වසන් කරන්න හැදුවත් මුළු ලෝකයම දන්නවා ළමයින්ව බලෙන් පැහැර ගෙන ගිහින් ළමා සොල්දාදුවන් හැටියට එල්ටීටීය පුහුණු කල බවට. (ස)
නිලූ විදානගේ,මොකද ඔබ විතරක් රට ගියාම ඇද්ද?අනෙකුත් ජාතීන් සහ මිනිස්සුත් යන්න ඕනෑ (නි)
හලෝ චන්ද්‍ර සුද්දන්ට අනුන්ගේ රෙද්දක් හොරකම් කරලා වැඩක් නැහැ.ඒකයි සුද්දෝ අනුන්න්ගේ රෙදි හොරකම් නොකරන්නේ. නමුත් සුද්දෝ හොරකම් කරන්නේ ගෙඩි පිටින්ම අනුන්න්ගේ රටවල්. ඒ හොරකම් කරලා කරලා එකතු කරගත්තු දේපලවලට තමා හිරු නොබසින අධිරාජ්ජය කීවේ.දන්නැත්නම් ආච්චිගෙන් අහල බලන්න. (ස)