‘ඒකීය ශ්‍රී ලංකාවක ස්වයං පාලනය අරමුණු කර ගත් දේශපාලන විසදුමක් පතා අපි ක්‍රියා කරන්නෙමු.අපි අහිංසාවෙන් ස්වයං පාලනය කරා යන්නෙමු. අපි මේ රටේ කොටස් කරුවෝ වෙමු.බදු කරුවෝ නොවෙමු ,අපි බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීනට එරෙහිව සටන් කළෝ වෙමු.අපේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන අරමුණු ඉටු කරගනිමින් අනාගතයේදී ස්වයං පාලනය සදහා වන සටන අරඹන්නෙමු.’
උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා එහි මංගල සභා රැස්වීම අමතමින් එසේ ප්‍රකාශ කළේය .
උතුරු පළාත් සභාවේ මංගල සැසිය ඊයේ (25) පෙරවරු 9 ට යාපනයේ කයිනඩියේ පිහිටි නව පළාත් සභා ගොඩනැගිල්ලේ දී රැස්වීය.
‘ඡන්ද කාලේ මම ප්‍රභාකරන් ගැනත් කතා කළා. ඒ කතාව ගැන දෙමළ මිනිසුන් සතුටු වෙන්න ඇති. සිංහල මිනිසුන් සතුටු නොවෙන්න ඇති. ඒවගේම තමයි බ්‍රිතාන්‍යය යුගයේ දී කැප්පෙටිපොළ දිසාවෙ ගැන සිංහල මිනිසුන් සතුටු වෙන්න ඇති. බ්‍රිතාන්‍ය පාලකයන් තරහෙන් බලන්න ඇති. මම කියන්නේ අපි මේවගේ දේවල් එක් එක්කෙනා හිතන ආකාරය අනුවයි සිදුවන්නේ.
මෙවැනි දෙයින් අප සිතා ගත යුත්තේ එකට ජීවත් විය යුත්තේ කෙසේ ද යන්නයි. එකට වැඩ කළ හැක්කේ කෙසේද යන්නයි. එකට වාසය කළ හැක්කේ කෙසේද යන්නයි. එහෙම නැතිව තරහ වී දෙපැත්තට වී කුළල් කා ගැනීම නොවේ. එසේ කිරීමෙන් කාටවත් වැඩක් වෙන්නේ නෑ. අපට උතුරෙන් ජනවරයක් ලැබුණා.ආණ්ඩුවට සහාය දෙන්න කැමතියි. රජය අපට සහය දුන්නොත් උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පුළුවන්. ජනතා දුක වේදනාව නැති කරන්න පුළුවන්. අවශ්‍ය සහයෝගයෙන් වැඩ කිරීම පමණයි.‘ යැයි ද මහ ඇමැති විග්නේෂ්වරන් පැවසීය.
බෞද්ධ, හින්දු ,කතෝලික මුස්ලිම් ආගමික නායකයෝ ද මේ අවස්ථාවට සහභාගී වුහ.උතුරු පළාත් ආණ්ඩුකාර මේර්ජ ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි හෝ හමුදා නිලධරයෝ පළාත් සභා මංගල රැස්වීමට සහභාගී නොවීය. පොලීසිය සහභාගී විය. යාපනය මහ දිසාපති සුන්දරෙයි අරුණනෙයිනායගම් මහතා ඇතුළු රාජ්‍ය නිලධරයෝද සහභාගී වී සිටියහ.
එහිදී උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සංධානයේ සී වී කේ ශිවඥානම් මහතා තේරී පත් විය.උප සභාපති ලෙස ඇන්ටන් ජෙගනාදන් හා විපක්ෂ නායක ලෙස එන් කමලේන්ද්‍රන් මහත්වරු තේරි පත් වුහ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීටී කුරකුලරාජා මහතා ඔහුගේ නමයෝජනා කළේය. දෙමළ ජාතික සන්ධානයේ පී අයින්ගරනේෂන් මහතා එම යෝජනාව ස්තීර කළේය.අනතුරුව එම යෝජනාව ඒකමතිකව සම්මත විය.
උතුරු පළාත් සභාව රැස් වීමට පෙර පළාත් සභා ගොඩනැගිල්ලල විවෘත කළ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි හා උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ඒකීය ශ්‍රී ලාංකාවක ස්වයං පාලනය උතුරු පළාත් සභාවේ අරමුණ බවත් පැවසු ඔහු කෙට් කාළින හා දීර්ඝ කාලීන සැළැසුම් ඉදිරිපත් කළේය.දීර්ඝකාලීන ඉලක්ක යුද හමුදාව කදවුරුවලට යවා මෙම ඉඩම් හිමිකරුවනට දිය යුතු බවත් මහ ඇමැති සාමාන්‍ය වැසියන් පස් දෙනකුට සෙබළකු බැගින් සිටින බව කී මහ ඇමැති පියවරෙන් පියවර හමුදාව ඉවත් කරන බව සදහන් කළේය.
අන්තර්ජාතික ප්‍රජාවගේ සහායෙන් සෙබළුන් සාමාන්‍ය ජන ජීවීතයට හුරු කළ යුතු බව කී මහ ඇමැති අතුරු සන්නද්ධ කණ්ඩායම් සතු අවි ඔවුන්ගෙන් ඉවත් කළ යුතු බවද සදහන් කළේය.
උතුරේ ආණ්ඩුකාරවරයා හමුදා නිලධරයකු බව කී මහ ඇමැති සාමාන්‍ය කෙනකු එම පදවියට පත් කළ යුතු බවත් කීවේය.
උතුරට දෙමළ කතා කරන පොලීසියක් අවශ්‍ය බව කි මහ ඇමැති අස්ථාන ගත වු මුස්ලිම් ජනයා යළි පදිංචි කරවන බවද කීවේය.
අල්ලස දුෂණය හා දේශපාලන ඇගිලි ගැසීම්වලට උතුරු පළාත් සභාවේ ඉඩක් නැතැයි කී මහ ඇමැති ජනපද පිහිටුවීමේ නාමයෙන් හමුදා සහාය ඇතුව කොළණි පිහිටවීමට විරුද්ධ බවද මහ ඇමැති පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් රනිල් වික්‍රමසිංහ මැති තුමාට ගෞරව ව කල යුතුයි .. ජනාදිපතිතුමාට තුමාට මේ විදියට රට පාලනය කරගන්න උදව් කලාට (නදී)
ප්‍රභාකරන් කියන්නෙ මිනිමරුවෙක්. කැප්පෙටිපොලට සමාන කරන්නේ කොහොමද මිනීමරුවා ? මේ අයට පිස්සු. අපිට හිතාගන්න පුළුවන් ඉදිරි අනාගතය.(අ)
ලංකාවේ ඕනෑම තැනක හමුදාවට ඉන්න පලුවන්. ඒකට උතුරේ මහඇමතිගේ අවසරය ඕන නෑ සිංහල මිනිසුන්ට ලංකාවේ ඕනෑම පළාතක ඉන්නත් පලුවන් ඒගැන මහ ඇමැති දැනගත්තොත් හොදියි අපේ මහින්ද ජනාධිපති සහ ගෝටාභය ඕවට ඉඩ දෙන්නේ නෑ. දවල් හීන දකිනවා වගේ මෙයා.අපේ වීර රණවිරුවන් ගැන හොදට දන්නවනේ මහා ඇමැති .ආරක්ෂක ලේඅකම්තුමනි අවදියෙන් ඉන්න. (අ)
ද්‍රවිඩ,මුස්ලිම් අය විතරද උතුරේ අනාථ වුනේ ඇයි සිංහල අයව අමතක උනාද?යාපනනේ 25,000ක් හිටිය සිංහලයන්ට මොකද වෙන්නේ ...මහා ඇමැතිත් ඒ ගැන කතා නැ ආණ්ඩුවත් කතා නැ ..මොනවා කරන්නද සිංහලයෝ වෙලා උපන් කරුමෙට ..මේ අය කොහොම හරි ඊළම ගන්නවා.....ආණ්ඩුව සිංහලයන් ගැන නොසිතුවොත් ....(අ)
එකනේ චමත් 1505 දී කිව්වේ සිංහලයා මෝඩයා කියලා. (අ)
හැබැයි ස්වයං පාලනයක් ඉන්දියාවෙන් ඉල්ලුවා නම් ජයලලිතා උදවු කරන්නත් පුළුවන් (නි)
පරසුද්දගෙන් අපේ රට බේරාගත්තේ අපේ වීර සිංහලයෝ බොලව් ,උඹල කව්ද (අ)
මෙහෙම ගියොත් හැම ජාතියකටම ස්වයං පාලනය දෙන්න වෙනවා නේද? (නි)
ස්වයං පාලනයට වෙන රටක් සොයාගන්න වෙයි. ලංකාවේ නම් ඒ දේවල් වලට ඉඩක් නැත.(නදී)
මේ අය කරන මෙම ක්‍රියාවලින් මෙතෙක් සාමකාමීව සහජීවනයෙන් ජීවත් වුන ජනතාව බෙදා වෙන්වී යනවා මිසක් අනාගතයට සුබවාදී පරිසරයක් ඇතිවීමක් දකින්න බැරිවෙනව මට නොතේරෙන්නේ මෙම මිනිසුන්ට සියලු ජාතිකයන් එකමුතු කරලා ජීවත් කරන්න නොසිතෙන එක. අපේ රටේ අනාගතය හරිම කාලයකට පියනගන බව හැගෙන කොට වචනවලින් කීමට බැරි දුකක් දැනෙනවා.(නදී)
එහෙම කතා කරනවා නම් සියළුම දෙමළ මිනිස්සු උතුරට යන්න ඕනෑ.එයාලට ඕනෑ තැනක ඉන්න දෙන්නත් ඕනෑ. වෙනම පාලනයක් දෙන්නත් ඕනෑ.මේක පුදුම අසාධාරනයක් නේ. (නි)
කැප්පෙට්ටිපොළ වීරයා සහ ප්‍රභාකරන් එකට තබා ගණන් ගත හැකිද? (නි)
මහා ඇමතිතුමනි, ඔබතුමාගේ උතුර දකුණ එකමුතුව ගැන කතාව අගය කරමි. එහෙත් කැප්පෙට්ටිපොළ වීරයා සහ ප්‍රභාහකරන් ත්‍රස්තවාදියා එකට තබන්න නොහැකි දෙදෙනෙක් (නි)
හා! හා! බලාගෙනයි... දෙතොලේ කටු ඇනෙයි..... සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ! ..මල් පෙති වලට යටින් විසකුරු කටු තිබේ........... .(නදී)
ජිම්,නුවර නගරයෙත් ඔය වගේම තත්වයක් තියෙනවා ඒ ද්‍රවිඩ නෙමෙයි වෙන ජන කොටසකින් හැබැයි ඒකට මුණ දෙන්න සිංහල ව්‍යාපාරිකයෝ...සංගමයක් පිහිටුවාගෙන තමාගේ ව්‍යාපාරයක් හෝ දේපලක් විකුනනවානම් එය විකිණිය යුත්තේ සිංහලයකුටමයි කියලා නීතියක් දාගෙන එයාලා ඉදිරියට යනවා ..... මේ දේ කොළඹත් අපේ අය ක්‍රියාත්මක කලානම් හරි ...... ඒත් අපේ අවාසනාවටද කොහේද .... අපේ සිංහල අය ඒ දේ කරන්නේ නෑ.....(අ)
වදේ වදේ වදේ.... මල වදයක් නෙ තියෙන්නේ.. තමිල්නාඩුවම තියෙන්නෙ. යනවලකො එහේ. මෙහේ නිජබිම් නැහැ. (ස)
ලංකාවේ ඉන්න මුළු ද්‍රවිඩ ජනගහනය මිලියන දෙකක් විතර ...ඒකෙන් අල්පයක් කැමති ඔය ජාතිවාදී දේශපාලයට වැඩි දුර යන්න බැහැ. එයාලට යුද්ධයක් ආයෙත් උවමනා නම් , අපේ කොල්ලෝ තවමත් එයට ලෑස්ති බව අමතක වෙලාද කොහෙද....නමුත් බහුතර දෙමල ජනතාව අපි හැමෝම එකයි කියල සාමකාමී දිවියක් ගෙවන්න කැමති ඇති. (ස)
මෙන්න මෙයාලත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට විරුදදව සටන් කරනවලු,. අතීතයේද අනාගතෙදීද.(නදී)
යුද්දෙන් බැරිවුනදේ මුන් ටික කොහොමහරි ගන්නමනේ බලන්නේ .කොටිය කොටියම තමා කොළඹ ඇතුළු අනෙක් නගර වලට වඩා උතුර නැගනහිර කොපමණ සංවර්ධනය කලාද කාලගුණ නොදන්නා ජාතියක්.(නදී)
චමත්,තමුන් ඉන්නෙත් පිටරටක කියලා හිතාගත්තොත් ටිකක් හොදයි නේද? (නි)
මේ අයගේ ස්වයන් පාලනය කියන්නේ මුළු ලංකාවම පාලනය කරන්න යන එකද?.(නදී)
විජය රජතුමා ඉන්දියාවේ සිට ලංකාවට එනකොට, කුවේණි තම්මැන්නාවේ කපු කටිමින් හිටියේ.ඊට පස්සේ වූ දෙය සියලුදෙනාම දන්නවා ඇති.කුවේණි දෙමළද ? සිංහලද ? (නි)
උගත් මහත්තයාට පොදු රද මඩුල්ලටම ඇවිල්ලා ඕනෑ දේවල් ඉල්ලන්න කියමු. (නි)
අවසානේදී උන් දිනුවා පුතේ අනේ අපේ කොල්ලෝ ටික.(නදී)
ඕවට මගේ පුංච් රටේ ඉඩ නෑ... (ස)
කැප්පිටිපොල නිලමේ තුමාවමතක් උනේ, දුටුගැමුණු රජතුමගන කියන්න මතකුනේ නැද්ද, (අ)
ප්‍රභාකරන් කැප්පෙටිපොල දිසාවේ ගේ මයිල් ගහකටවත් සමාන කරන්න පුළුවන් ද? (ස)
මහා ඇමතිතුමනි,ඔබ මොනවා කිවත් කමක් නැ,ජාති වාදියෙක් නොවී උතුරු දකුණ සාමය වෙනුවෙන් කැපවෙන්න.දෙමල ජනතාව,රටේ අන් ජාතීන්ගේ පිළිකුලට පත් වෙන් අයුරින් දේස පාලන වාසි තකා,තීරණ නොගන්න.උතුරේ ජනතාවට දැන් හුගක්ම අවශ්‍ය සාමයයි. (අ)
වීර කැප්පෙටිපොල නිලමේතුමා සටන් කලේ මේ රටට පැමිණි පර දෙසක්කාරයෝ ගෙන් රට මුදවා ගන්න මිසක්, තමන්ට අයිති නැති භූමියක් තම ජාතියේ මිනිසුන් ඉත්තොන්ට දාගෙන එතුමා ත්‍රස්තවාදය කරන්න ගියේ නැහැ. (ස)
අපේ ජනාධිපති තුමා ඉන්නකම් අපේ රට ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ. එතනින් එහාට කියන්න දෙයකුත් නැහැ. (අ)
ඒකීය හ ශ්‍රී ලංකාවක් තුල ස්ව්‍යං පාලනයක් ගැන කතාකරන්නේ ඇයි? අපි කව්රුත් තලබල විය යුතු නැහැ..(නදී)
කප්පටිපොල කවදද තමාගේම ජාතියේ උන්ව මැරුවේ?..සිංහලයේ අවසාන රජවරු 3 දෙනාම ද්‍රවිඩ , අපේ මුතුන් මිත්තෝ ඒ ද්‍රවිඩ රජවරු යටතේ හිටිය වගේ මේ ගොල්ලන්ට මොකද ඉන්න බැරි? (අ)
දෙමළ ජාති වාදය...(නදී)
දර්ශන පින්වත, එක ගැන ඉතින් කුවෙනිගේ අම්ම ගෙන් තමෛ අහන්න ඕන . (අ)
මුළු දෙමල ජනතාවෙන් 30% විතර තමයි උතුරේ ඉන්නේ. එගොල්ලොද මුළු දෙමල ජනතාවටම අවශ්‍යදේ තීරණය කරන්නේ? උතුරට ස්වයං පාලනයක් දුන්නම දකුණේ දෙමල ජනතාවට මොකද කරන්නේ?.(නදී)
පෘතුගීසි සහ ලන්දේසි පාලන කාල වල ඔයගොල්ලෝ උන්ට බය වෙලා සටන් කරන්නේ නැතුව හිටියා. ඒකයි යාපනය පෘතුගීසි අල්ලා ගත්තේ. කෙප්පෙටිපොල තිරිසන් විදියට මිනිස්සු මැරුවේ නැහැ ප්‍රබාකරන් වගේ..(නදී)
මේ කතාවේ එ හැටි වැදගත් දෙයක්නම් නැහැ නිලමේ මහා වීරයනන්ට අපහස කිරීම බල්ලෙක් බිරුවාට කන්දක් පාත් නොවේ හිතලා අමතක කරන්න. නමුත් මේ කතාවේ එක තැනක් මගේ හිතට වැදුනා එගොල්ලෝ එහෙ අල්ලසට, දූෂණයට ඉඩ දෙන්නේ නැහැලු.. එයාල නොකිය කියනවා අපේ පැත්තේ අල්ලස, දූෂණය රජ කරනවාලු. (අ)
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියන එක නම් සහතික ඇත්ත........(නදී)
අනේ විග්නේස්වාරන් මහත්තයෝ.ප්‍රභාක්කරන් කියන මෘගයව කැප්පෙටිපොල දිසාවට සමාන කරනවානම් ,එසේ කල යුත්තේ අසිහියෙන් සහ පස්ස පැත්තෙන්, නැති නම් අධෝ මුඛයෙන් . මේ රටේ බල ලොබි හිංගල දේශපාලකයන් කට වසාගෙන සිටියට.කෙදිනක හෝ ඊලමක් ප්‍රකාශ කළහොත් එදාට මේහේ ඉන්න හැම දෙමල ජාතිකයක්වම ඔබේ ඊලමට ගන්න සිදුවෙව්වී. එදාට උන්ට කත් අදින හිංගලයන්ටත් වන්දි ගෙවන්නට සිදු වේවි. මේ සිංහල ජාතිය එදත් රැකුණේ ,අදත් රැකෙන්නේ වීරෝදාර සිංහලයන්ගේ ඇස ඉස් මස් ජිවිත පුජා වලින්,ඉදිරියේදීත් එසේම වේවි. ඊලම ගත්ත දාට වෙන්නෙත් ඒකම තමා.(නදී) හොදින් මතක තියාගන්න.
ආණ්ඩු කාරකමට වාසු ඕනෙද? ඒකීය ශ්‍රී ලංකාවේ ඒකීය පාලනයක් ද වියුතුමය, මේ බවත් ඔහු සිතුවොත් හොදයි. හැම රටකම ආරක්ෂාවට හමුදාවද සිටිය යුතුමය ,ඔවුන්ද සිටිය යුත්තේ මේ පොලොවේමය. විකාර නැතිව ඔහොමයන්.(නදී)
උතුරේ ආණ්ඩුකාර මේජර් ජනරාල් මේවා ඇසුනේ නැද්ද. (ස)
සෙන්තිල්,මම පිටරටක ඉන්න බව කවදාවත් අමතක කරලා නැහැ.මම කතා කරන්නේ පිටරටක් ගැන නෙමෙයි.මගේ රට ගැන.මේ රට ගැන කතා කරන ඕනෑතරම් පුරවැසියෝ මේ රටේ ඉන්නවා (නි)
මොහුට පිස්සු හැදීගෙන එනවද, කැප්පෙටිපොල තුමාව අර කාලකණ්නි මිනීමරුවාට සමාන කරන්න. ජාතික වීරෙයෙකුට අපහාස කලාට සමාව ගන්න ඕනේ ලාංකික ජනතාවගෙන්. (ස)
මම නම් ඒ තරම් විශේෂයක් මේ කතාවේ දකින්නේ නැහැ. මේක තවත් දේශපාලන කතාවක් පමණි. අනික මේ කතාවේ තහවුරු කරලා තියෙනවා මේව කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකීය ශ්‍රී ලංකාවක කියල. .(නදී)
ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි යන්නෙන් මම අදහස් කළේ, යාපනයේ දෙමල ජාතිකයන්ට වැල්ලවතෙන් ඉඩම් ගැනීමේ අයිතිය තිබෙනවා මෙන්ම දකුණේ සිංහල අපිට යාපනයේ ඉඩම් ගැනීමේ අයිතියත් තිබිය යුතුයි. (නි)
විග්නේශ්වරන් මහතා, ඔබ තුමා උගතෙක් කියලා මේ මිනිස්සු කිව්වට ඉතිහාසය ගැන නම් මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ වගෙයි .මොකද කැප්පෙටිපොල කියන්නේ කවුද කියලා ඕනෑම පොඩි ළමයෙක් දන්නවා. මූනට මූණ සටනක් කරන්න බැරි බියගුළු නිවට ත්‍රස්තවාදියෙක් ප්‍රභාකරන් කියන්නේ. කැප්පෙටිපොල කියන්නේ ඉංග්‍රීසින්ගේ ආයුධ වලින් උන්ටම ගහන්නේ නැතුව හමුදාවත් එක්ක ආපහු යවපු වීරයෙක්. ඉතිහාසය නොදැන හෝ දැනගෙන මේ වගේ ප්‍රකාශ ප්‍රසිද්ධ මාද්‍ය වලට කරන්න එපා. ඒක මහා ඇමති කමකට නොගැලපෙන දෙයක්. ත්‍රස්තවාදියෙක් නොවෙයි වීර කැප්පෙටිපොල කියන්නේ. තේරුනාද? (නදී)
දර්ශන්, කුවේණිය එකල ලංකාවේ සිටි ගෝත්‍ර හතරෙන් එකක් වන "යක්ෂ " නම් ගෝත්‍රයට අයිති කෙනෙක්. ඒ වන විට සිංහල හෝ දෙමළ භාෂා ලංකාව තුල තිබුනේ නෑ.(අ)
මහා ඇමති උනාට මොහුට පාර්ශව දෙකක් සතුටු කරන්න සිද්ධ වෙනවා. රජය වෙනුවෙන් පෙනී සිටින්නත් ඕන බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනී සිටින්නත් ඕන. සිංහල, දෙමල, මුස්ලිම් සැවොම එකට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙන්න ඕන. (ස)
උතුරටත් නැගෙනහිරටත් ජය මංගලම් කියන්න වේවිද.? (ස)
ටිකිරි බණ්ඩා මහතාණෙනි, ඔබගේ අදහස මගේ ද අදහසයි. (ස)
වෑඩි විස්තර ලිය්න්න ඕනා නෑ ....මෙයාට චන්ද ටික ලෑබුනාම ..ඔලුව අතගාලා ටොපිය දෙන්න වගෙ හදන්නේ....දන්නෝ දනිති ...(අ)
ඉස්සර එක් කෙනෙක් කොඩියක් ඔසවල වෙනම රාජ්‍යයක් පිහිටුවන්න ගිහින් වෙච්ච දේ මතකනේ? එදා විසුරුවල දමපු පළාත් සභාව මේ ආණ්ඩුව නැවත ලබල දුන්නා. මේ කට්ටිය මෙහෙම කියනවා නම් මොනවද ? තව ටිකක් බලල විසුරුවල දන්නා තියෙන්නේ. (ස)
කැප්පෙටිපොල සටන් කලේ බ්‍රිතාන්‍ය යුධ හමුධව සමඟ මිසක් නිරායුධ සිවිල් ජනතාව සමඟ නොවේ. සිංහල වීරවරයන් ත්‍රස්තවාදීන් හා සමාන කරමින් නිග්‍රහයට ලක් කරන මෙවැන්නන්ට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමට සිංහලයන් වන අපට නීතිමය අයිතියක් තිබේද? (ස)
අනේ හිටපු නඩුකාර මහත්තයෝ ඔබ ශ්‍රී ලාංකීය ඉතිහාසය දන්නේ නැහැ වගේ .ප්‍රභාහකරන් කියන සෝලිය කැප්පෙටිපොලට සමාන කරන්න කොහොමද? කැප්පිටිපොල සටන් කරේ මුළු මහත් ශ්‍රී ලංකාව වෙනුවන් රට බේරගන්න මිස්සක් ප්‍රබාකරන් වගේ රටෙන් කැල්ලක් කඩා ගන්න නෙවි. මේජෙර් ජෙනරාල් සහභාගි නොවන එක ගැන අපි සතුටු වනවා .උතුරේ ඉන්න හමුදාව ශ්‍රී ලාංකීය හමුදාව රට ඕන තැනක හමුදාවට සිටිය හැකි බව මතක තබා ගන්න .අපේ හමුදාව ඉන්නේ ශ්‍රී ලාංකීය පොලවේ මිස්සක් තමිල්නාඩුව නෙමේ. (ස)
අපේ මිනිස්සු මෝඩ වැඩ කරන කොට එයාල බුද්ධිමත්ව වැඩ කරන බැවි පේනවා ආණ්ඩුවට සිංහල මිනිස්සු රවටනවා වගේ එයාලව රවටන්න බැරිව යාවි.(නදී)
කැප්පෙට්ටිපොළ වීරයාට අපහාස කල එකට සමාව ගන්න ඕනේ..(නදී)
අනේ මන් දන්නේ නෑ යටි අරමුණු මක්ක වෙතියි මට නොසිතේ...... (ස)
ලංකාවේ සියලුම පුරවැසියන්ට එක සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි (නි)
අපේ කොල්ලෝ ටික ජීවිත පූජා කරලා දිනාගත්ත නිදහස අයෙත් බන්දේසියේ දාලා කොටියට දුන්නා වගේ දෙයක් නේ වෙලා තියෙන්නේ!! (ස)
මුන්ගේ මේ ගතිය නම් කවදාවත් නැති කරන්න බැරි දෙයක්...කොච්චර උඩ පැන්නත් මුන්ට කවදාවත් අපේ රට අයිති කර ගන්න දෙන්න බෑ.... (ස)
කැප්පෙට්ටිපොළ වීරයා, ප්‍රභාහකරන් ත්‍රස්තවාදියා ගැන නොදන්නා කෙනෙක්. (ස)
මේ පේන්නෙ කොටියගේ අඳුරු සෙවනැලි නොවෙයිද? (ස)
තීරණයක් ගැනීමට කාලය ඇවිල්ලා (නි)
කවර තරාතිරමක හෝ දේශපාලකයන් කරන සියලු ප්‍රකාශ ගැන අප වඩා කලබල විය යුතු නැහැ. මන්ද, දේශපාලන වාසි තකා ඔවුන් කරන, හිස් ප්‍රලාප වලට වඩා වැදගත් වන්නේ, රටේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවයි. අනෙක් කරුණ තමයි පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරිය හැකි ව්‍යස්ථානුකුල බලයක් සහිත විධායක ජනාධිපති වරයෙක් ලංකාවේ සිටින මෙවන් පසුබිමක පළාත් සභා මහා ඇමති වරයෙකුගේ ප්‍රකාශ ගැන අප බිය විය යුතුද? නමුත් විග්නේෂ්වරම් මහතා, මිලේච්ජ ත්‍රස්තවාදී ප්‍රභාකරන් වන්නකු, වීර කැප්පෙටිපොල යන් හා සමාන කිරීමේ ප්‍රකාශය ගැන නම් අපගේ දැඩි අප්‍රසාදය පලකල යුතු වෙමු. (ස)
සිංහලයාගේ මෝඩකම් නිසා සිංහලයා ලංකාවෙන් අතුගෑවෙන දවස ඇතක නොවේ. දැන්වත් සිංහලයිනි, එක්වවූ. ජාතිවාදී බෙදීම් වලට එරෙහි පනත් සම්මත කරවූ! ඉතිහාසයේ වැඩිම සිංහල ජීවිත පුදා රැකගත් අපේ රට මතු පරපුර වෙත රැකදෙවූ! උතුර දකුණ නැගෙනහිර බටහිර සිව් දෙස සිංහල බලය පතුරවවූ. ....! (නි)
අහෝ හෙලයනි කැප්පෙට්ටිපොළ වීරයාට අපහාස කරද්දී නිදිද.... අහෝ පාලකයිනි මිනීමරු ත්‍රස්තවාදියා අගය කරද්දී නිහඩද.... (ස)
අපේ රට දෙකට කඩලා කවුරුවත් පාලනය කරන්න ඕනේ නෑ ..මේකේ ඉන්න පුළුවන් එක නායකයයි...ඒ නායකයා දැන් රට හොඳට පාලනය කරනවා..නුඹලගෙන් නායකයෝ කවුරුවත් අපිට එපා...ඉන්න පුළුවන් නම් මේ රටේ ඉන්න ...නැත්තන් ජයලලිතාව හොයාගෙන යවමු... (ස)
අපි කවුද කියා පෙන්නුම් කරන්නේ ප්‍රතිරූපයෙන් පමණක් නොව අපගේ කතාවෙන් හා හැසිරීමෙන්. (නි)
බයවෙන්න එපා. දැන්ම කලබල වෙන්න එපා. ඔය යන විදියට යන්න දීලා බලාගෙන ඉදිමු. (නි)
මෙයා ප්‍රභාකරන් කප්ප්පෙටිපොලට සමාන කරනවා එතකොට සිංහල ජාතිය විග්නේශ්වරන් සමාන කෙරන්නේ අදිරජ්‍යවාදී ජාතියකට කප්ප්පෙටිපොල මම දන්නා විදිහට නම් අහිංසක මිනිස්සු අමු අමුවේ මැරුවේ නැහැ (දිල්)
මහත්තයෝ, ඔබ මහා ඇමති ලෙස දිව්රුම් දුන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බව අමතක කරන්න එපා (නි)
අපි දන්නවා ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න තමා කියලා.එත් විග්නේශ්වරන් මහත්තයෝ කැමති නම් දමිල අහිංසක ජනතාවට සේවය කලාට නම් අපෙන් කිසිම බාදාවක් නැත.(දිල්)
ඉන්දියාව උතුරේ වැඩවලට අත ගහනකොට , ලෝකය හිතාගෙන ඉන්නේ යාපනයේ ජනතාවත් වතුවැඩට ඉන්දියාවන් ගෙන්වපු කට්ටියක් කියලා. එමනිසා දකුණේ ආණ්ඩුව සමග එකතුවෙලා පෙන්වන්න අපි ලාංකිකයෝ කියලා (නි)
ඔහොම යන්නේ ටික දුරයි.ගොඩක් දුර යන්න හම්බවෙන එකක් නෑ.මොකද අග මුල දන්නේ නැතිව කොහේ ස්වයං පාලනයක්ද .එයා තේරුම දන්නේ නෑ.පව් පොඩි එකා.හෙට අනිද්දට කන හැටි බලන්න පුළුවන්. (ස)
කැප්පෙටිපොල නිලමේ තුමා ජාතික වීරයෙක්. එතුමා මව්බිම අධිරාජ්‍යවාදීන්ගෙන් මුදවා ගැනීමට තම ජීවිතය පුජා කලා. එවැනි ජාතික වීරයෙකුට ම්ලේච්ච මිනීමරුවෙකු වූ ප්‍රභාකරන් සමකිරිම ගැන මගේ බලවත් විරෝධය. (ස)
අමුතුම එකක්,... ඒකීය ලංකාව තුල ස්වයං පාලනය,,....දොන්ද ... සිමන්ද ...දොන් සිමන් දෙකක් එකට බැහැ. (ස)
දැන්වත් 13 අහෝසි කරන්න..එහෙම නැත්නම් මුන් රට බෙදන එක සිකුරුයි..,. (ස)
දමිළ ජනයාට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතියක් තිබෙන්නා සේ සිංහලයනටද එම අයිතිය ඇත. එබැවින් කොළනි හැදීමට අවශ්‍යතාවයක් නැත. අවශ්‍ය වන්නේ සිංහල ජනතාවද ඔවුන්ට අවශ්‍ය තැනකට ගොස් ජීවත් වීම පමණි. එහෙත් තේසවලාමේ නීතිය කුමක්ද කියා මම නම් දන්නේ නැත. (නි)
ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාත්‍රන්තවාදී රටක්.ඒ රටේ හෑම පලාත් සභාවකටම එකම බලයක් තිබිය යුතුයි.(දිල්)
ඔබතුමන්ලාගේ යටි අරමුණු, ත්‍රස්තවාදීන්ගේ යටි අරමුණු අතහරින්න, ඔබ පළාත් සභා බල ප්‍රදේශයේ ගසා කෑමට, සූරා කෑමට පුරුදුවූ මන්ත්‍රීවරු හෝ ඇමැතිවරු වැඩිය නැති නිසා ලංකාවේ අනිත් පලාත් වලට වඩා සීඝ්‍ර දියුණුවක් ඇති කර ගැනීමට හැකිවේව්. ගසා කෑමට, සුරා කෑමට, අල්ලසට, දේශපාලකයින්ගේ දඩබ්බරකම්ට ඉඩ දෙන්න එපා. නීතියට ඉඩ දෙන්න. ඔබ ආදර්ශයක් දෙන්න. සමගිය සදහාද ආදර්ශයක් දෙන්න.(නදී)
නිලමේට අපහාස කරන්න එපා...(නදී)
අනේ ඉතින්, ගෙවල් වලත් ඒකීය රාජ්ජය තුල ස්වයං පාලනය කරනවාද දන්නෙ නැහැ. මමත් බලන්න ඕනෑ කොහොමද ඒක කරන්නේ කියලා (නි)
වැනිසියේ වෙළෙන්දාගේ කාලයේ හිටපු නීති විශාරදයෝ අවශ්‍ය වී ඇත ....ලේ හලන්නේ නැතිව මස් රාත්තල කපා ගැනීමට උපදෙස් දීම සඳහා .(නදී)
කැප්පෙටිපොල නම් විශ්ව වීරයා ගේ මයිලකට වත් සම කල හැකිද ප්‍රභාකරන් මේ මනුස්සය මේ කතාව නිසා නිකන් සවුත්තු වෙනවා..(නදී)
බලලා මල්ලෙන් එලියට පැන්න නේද ?.(නදී)
ප්‍රභාකරන් කැප්පෙටිපොලගේ මයිල් ගහක් තරම්වත් වටිනනේ නැහැ මට පේන විදියට. (නදී)
ප්‍රියන්ත,තේසවලාමේ නීතිය කියන්නේ යාපනයේ ජිවත් වෙන දමිල කෙනෙකුට තමන්ගේ ඉඩම විකුණන්න ඕනෑ නම් එක විකිණිය යුත්තේ දමිළයකුට පමණයි කියන නීතිය. වෙනත් ජාතික කෙනෙකුට විකිණීමට ඔහුට අයිතියක් නැහැ.මේක සම්ප්‍රධායක් විදියට තිබුන දෙයක් පසු කාලයේදී නීතියක් බවට පත් වුණා. මේ වගේ නීතියක් සිංහල අපිටත් තිබුණා නම් අද වැල්ලවත්ත ඔය තත්වයට පත් වෙන්නේ නැහැ (නි)
පිඩිත ජනතාවට සේවය කරන්න. සියලුම අදහස් සිංහල ජාතිවාදයට අත වනනවා ... .(නදී)
ජයවේවා උතුරු සභාවට. හොද වෙලාවට අපි කෙවුම් කෑවේ නැත්තේ. ගරු ජනාදි පති තුමාට ජයවේවා...(නදී).
ශ්‍රී ලංකාව වාසනාවන්තයි. විග්නේෂ්වරන්ට කොටි ප්‍රශ්න වලට අතදාන්න කාලයක් නැහැ. (නදී)
මොනවා වුනත් අපිට හොඳ කොන්දක් ඇති නායකයෙක් ඉන්නවා,.. ජාත්‍යන්තරයට ගරු කරන ගමන්ම ජාත්‍යන්තරේ නෝන්ඩි කතාවලටත් බය නැතිව මුහුණ දෙන හැටිත් ඔහු හොඳට දන්නවා ...ඒ හින්දා බොරුවට ඇනගන්න හදන්න එපා.(නදී)
පොන්සේකා මහතා ඇතුළු හමුදා නිලදාරීන් තම ජීවිත පවා පරදුවට තියල මේ ත්‍රස්තවාදය අතුගාලා දැම්මා. ඒත් දැන් ලංකාවම ත්‍රස්තවාදය යලිත් පැතිරුණා. අපි දැන් මෙයට සුදුසුම කෙනා පොන්සේකා .(නදී)
කලබල වෙන්න ඕනේ නැහැ. ඔහොම නොකිව්වොත් ජයලලිතා සතුටු වෙන්නේ නැහැ.(නදී)
අඩු ගනනේ කැප්පෙටිපොල අදිකාරම්ගේ පස්චාත් බාගයේ මයිලකටවත් .(නදී)
විග්නේස්වාරන් මහා ඇමති තුමා ප්‍රභාකරන් වෙන්න හදන්නේ නැතුව කදිරගාමර් පොන්නම්බලම් රාමනාදන් වගේ මහත්මයෙකු වේවායි පතමු. රට පළමුව...(නදී)
රට පුරා සිටින සියලුම ද්‍රවිඩ ජනතාව එකතු කරගෙන යන්න උතුරට. ඊට පස්සේ කැමති විදිහට ඔවුන් පාලනය කරන්න. (නි).