යළිත් වතාවක් රටේ ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට තර්ජනයක් ඇතිවීමට කිසිවිටක ඉඩ නොතැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කියයි.
යාපනය චාවකච්චේරියෙන් හමු වූ පුපුරණ ද්‍රව්‍ය ගැන ආරක්ෂක අංශ පුළුල් පරික්ෂණයක් කර ඊට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පවසයි.
උතුරේ දෙමළ ජනතාව ත්‍රස්තවාදයට අකමැති බවත්, ඔවුන් නිදහසේ ජීවත් වන බවත්, මෙවන් ක්‍රියා හේතුවෙන් දකුණේ ජනතාව හා උතුරේ ජනතාව අතර සමගිය බිඳ වැටෙන බවත්, මේවාට එරෙහව නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බවත් සම්බන්දන් මහතා කියයි.
උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවන බවට පතුරුවන කතා අසත්‍ය බවත් ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සම්බන්ධයෙන් පිටරට ගිහිල්ල කියන්නේ වෙනස් දේවල් ඊළාම් ගැන කියන්නේ -අපි එක හොඳට දන්නවා (කෞ)
ලංකාවේ ඉන්න කුහක අවස්ථාවාදී දේශපාලකයන්ට හොද පිළිතුරක්. (බ)
ප්‍රබා ඉන්න කාලේ කිසිම තැනක මේක කිව්වේ නෑ විතරක් නොවෙයි, ඒ වැඩ වලට උදව් දුන්න එක දැන් කාටවත් මතක නැහැ. විශ්වාස කරන්න එපා,ජනයාගේ ආරක්ෂාව සඳහා. (බ)
වැඩක් නැහැ මේවා ගැන කතාකරලා (නි)
බොහොම හොඳ පණිවිඩයක් සමස්ත රටවාසීන්ටම. සමගිය බලය වේ! (නි)
අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්ව කොටියට වඩා මෙම ප්‍රකාශනය හොඳා (බ)
දහම් වගේ මිනිස්සු හිතාගෙන ඇති මහින්ද තනියෙන් ගිහින් යුද්දේ කරලා පැරැද්දුවා කියලා.. ත්‍රස්තවාදය පරදවන්න සිංහල, දෙමල, මුස්ලිම් සියල්ලෝම උදව් කළා..(බ)
එය සැබෑවටම එසේ නම් අපිත් ඔබතුමා සමඟ එකඟයි (නි)
ජයසේන වගේ නරුමයෝ අර කෝටි බෝම්බ වලට අහුවුනේ නැත්තේ ඇයි ?මනුස්සයෝ කෙනෙක් කරපු හොඳ අමතක කරන්න එපා එ්ක නරුම ලක්ෂණයක් පිරිහීමේ දොරටුවක් (බ)
කස කාරයෝ විතරයි තාම අාවේ.පෙරහැර මග එනවා .1976 කස කාරයෝ අාවා.1983 ගිනි බෝල අාවා.2009 පෙරහැර ඉවර කළා .කොන්ද තිබ්බ නායක තුමා. (බ)
ජයසේනලට මුල අමතක වුනාට අපි මැරිලා උපන්නේ නැහැ...(බ)
මෙයාටත් ලෙඩේ බෝවෙලා. යන්නේ කොහෙද මල්ලේ පොල්ල් කතාවක්. ත්‍රස්තවාදෙට විරුද්ධ නම් මහින්ද කරපු වැඩේ හරිනේ. ඉතින් ඔහෙලා ඇයි එයාව පැරැද්දුවේ. (නි)
ආර් අයින් කළොත් මෙයත් සම්බන්දයි (බ)
කලකදී රහ වෙච්ච ඒවා කලකදී වහ වෙනවලු!(රේ)
ජයසේන කියන්නේ අර මහා සෝනගේ මල්ලි නේද (බ)
නාමල්, හොඳට මතක තියාගන්න. මහින්දට තිබුනේ කෙලින් කොන්දකුයි, නියම සිංහලයන්ගේ ශක්තියයි පමණයි (නි)
පොඩ්ඩක් බයහිතිලා වගේ..මහලොකුවට පැවැත්මට ඊලම ගැන කයිවාරු ගැහුවට ගොඨාභය කිව්වා මතක ඇතිනේ ..කොටින්ගේ ඝාතන ලිස්ට් එකේ මුලහරියේම ඔබතුමාත් හිටියා කියලා.(රේ)
ජිනේන්ද්‍ර, ජයසේන වගේ අය ඉන්නකම් සිංහල ජාතියම අසරණයි. මෙවැනි අය නැති දිනෙක සිංහල ජාතියට පැහැදිලි අනාගතයක් ගැන සිතන්න හැකි වේවි. (නි)
ඔබ හරි අනුරාධ, කනගාටුවට කාරණය අපේ මිනිස්සුන්ට සති දෙකෙන් සියල්ල අමතක වීමයි..(බ)
අනේ නාමල්, ඔයා හරි බොළඳයි. ඇයි එහෙනම් මහින්ද එනකම් එක් කෙනෙකුටවත් කොටියව විනාශ කරන්න බැරි වුණේ. කුහක වෙන්න එපා. (නි)
මෙයා ගැන අපි දන්නවා. තමන් බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගැනීමට කැසකවන්නෙක් (නි)
ප්‍රභාලා, කේපීලා, කරුණලා එක්ක ගේම් දුන් අය තාම එළියේ! (නි)
සම්බන්දන් මහතාණෙනි, ඔබට ස්තුතියි මෙවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කළාට. දැන්වත් තේරුම් ගැනීමට බලන්න. අපිට බෙදිලා වෙන්වෙලා ඉන්න බැහැ. (නි)
ශෂික වගේ ගෝඨාභය මහතාගේම පිහිට පතන අයත් ලංකාවේ ඉන්න ඕනෑනේ. (නි)
අපේ සිංහල යැයි කියාගන්නා සමහර දේශපාලකයන්ට නියම කණේ පහරක් (නි)
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වෙයිද? (නි)
ඔබතුමාට ස්තූතියි මෙම ප්‍රකාශය ගැන (නි)
පිටබැද්දර ජයා හැමදාම හීනමයි දකින්නේ. (නි)
ළඟදිම ඔහෙලා ගැනත් හොයලා බලන්න වෙයි. (නි)
කතාවයි ක්‍රියාවයි දෙකම එකයි නම් ඉතින් ප්‍රශ්න ඇතිවෙන්න හේතුවක් නැහැනේ. කියන දේවල් කරන්නේ නැති එක තමයි ප්‍රශ්නය. (බ)
මේ කතා විශ්වාස කරන්න පුලුවන්ද...? ඔහොම කියල තමා ඊලම ගැන හිතන්නේ.. ආරක්ෂාව තර කෙරුවොත් ගොඩක් හොදයි.(බ)
උතුරේ දියුණුව දකින ඕනෙම කෙනෙකුට සතුටක් දෑනෙනෙවා ඒකෙන් ප්‍රතිලාබ එන්නේ දකුනට එලවලු සිට මලු කරවල දක්වා ත්‍රස්තවාදය ට ඒ මිනිසුන් නෑවතත් කෑමතිවේවිද දුක් විදින්න? දෑන් තියෙන දියුණුවත් එක්ක? (කෞ)
එතකොට ඊළාම් මතවාදයටත් විරුද්ධද? (නි)
මේ දේවල් වෙන්න කලින් ඉහත ප්‍රකාශය කරානම් අපි පිලිගන්නවා ,මේ බොරු කතාවක් විතරයි. මෙයාලගේ යටිහිතේ තියෙන්නේ ඊළාම් රජයක් විතරයි,බොරුවට මෙතන රගපානවා(කෞ)