IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘උතුර ත්‍රස්තවාදයට විරුද්ධයි : චාවකච්චේරි බෝම්බය ගැන සොයනු‘‘

යළිත් වතාවක් රටේ ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට තර්ජනයක් ඇතිවීමට කිසිවිටක ඉඩ නොතැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කියයි.

යාපනය චාවකච්චේරියෙන් හමු වූ පුපුරණ ද්‍රව්‍ය ගැන ආරක්ෂක අංශ පුළුල් පරික්ෂණයක් කර ඊට සම්බන්ධ පිරිසට  එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පවසයි.

උතුරේ දෙමළ ජනතාව ත්‍රස්තවාදයට අකමැති බවත්, ඔවුන් නිදහසේ ජීවත් වන බවත්, මෙවන් ක්‍රියා හේතුවෙන් දකුණේ ජනතාව හා උතුරේ ජනතාව අතර සමගිය බිඳ වැටෙන බවත්, මේවාට එරෙහව නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බවත් සම්බන්දන් මහතා කියයි.

උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවන බවට පතුරුවන කතා අසත්‍ය බවත් ඔහු සඳහන් කරයි.



අදහස් (0)

‘‘උතුර ත්‍රස්තවාදයට විරුද්ධයි : චාවකච්චේරි බෝම්බය ගැන සොයනු‘‘

ආසිරි Sunday, 03 April 2016 04:52 AM

ඔය සම්බන්ධයෙන් පිටරට ගිහිල්ල කියන්නේ වෙනස් දේවල් ඊළාම් ගැන කියන්නේ -අපි එක හොඳට දන්නවා (කෞ)

:       0       0

සේන Sunday, 03 April 2016 05:02 AM

ලංකාවේ ඉන්න කුහක අවස්ථාවාදී දේශපාලකයන්ට හොද පිළිතුරක්. (බ)

:       0       0

රවී Sunday, 03 April 2016 05:10 AM

ප්‍රබා ඉන්න කාලේ කිසිම තැනක මේක කිව්වේ නෑ විතරක් නොවෙයි, ඒ වැඩ වලට උදව් දුන්න එක දැන් කාටවත් මතක නැහැ. විශ්වාස කරන්න එපා,ජනයාගේ ආරක්ෂාව සඳහා. (බ)

:       0       0

විදානේ Saturday, 02 April 2016 09:00 AM

වැඩක් නැහැ මේවා ගැන කතාකරලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 02 April 2016 09:07 AM

බොහොම හොඳ පණිවිඩයක් සමස්ත රටවාසීන්ටම. සමගිය බලය වේ! (නි)

:       0       0

චින්තක Sunday, 03 April 2016 05:49 AM

අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්ව කොටියට වඩා මෙම ප්‍රකාශනය හොඳා (බ)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Sunday, 03 April 2016 06:03 AM

දහම් වගේ මිනිස්සු හිතාගෙන ඇති මහින්ද තනියෙන් ගිහින් යුද්දේ කරලා පැරැද්දුවා කියලා.. ත්‍රස්තවාදය පරදවන්න සිංහල, දෙමල, මුස්ලිම් සියල්ලෝම උදව් කළා..(බ)

:       0       0

ඉන්දු Saturday, 02 April 2016 09:17 AM

එය සැබෑවටම එසේ නම් අපිත් ඔබතුමා සමඟ එකඟයි (නි)

:       0       0

ජිනේන්ද්‍ර Sunday, 03 April 2016 06:27 AM

ජයසේන වගේ නරුමයෝ අර කෝටි බෝම්බ වලට අහුවුනේ නැත්තේ ඇයි ?මනුස්සයෝ කෙනෙක් කරපු හොඳ අමතක කරන්න එපා එ්ක නරුම ලක්ෂණයක් පිරිහීමේ දොරටුවක් (බ)

:       0       0

අනුරාධ Sunday, 03 April 2016 06:51 AM

කස කාරයෝ විතරයි තාම අාවේ.පෙරහැර මග එනවා .1976 කස කාරයෝ අාවා.1983 ගිනි බෝල අාවා.2009 පෙරහැර ඉවර කළා .කොන්ද තිබ්බ නායක තුමා. (බ)

:       0       0

ශෂික Sunday, 03 April 2016 07:24 AM

ජයසේනලට මුල අමතක වුනාට අපි මැරිලා උපන්නේ නැහැ...(බ)

:       0       0

දහම් Saturday, 02 April 2016 09:56 AM

මෙයාටත් ලෙඩේ බෝවෙලා. යන්නේ කොහෙද මල්ලේ පොල්ල් කතාවක්. ත්‍රස්තවාදෙට විරුද්ධ නම් මහින්ද කරපු වැඩේ හරිනේ. ඉතින් ඔහෙලා ඇයි එයාව පැරැද්දුවේ. (නි)

:       0       0

ඈෂ්ලි Sunday, 03 April 2016 07:44 AM

ආර් අයින් කළොත් මෙයත් සම්බන්දයි (බ)

:       0       0

නුවන් Saturday, 02 April 2016 10:13 AM

කලකදී රහ වෙච්ච ඒවා කලකදී වහ වෙනවලු!(රේ)

:       0       0

සරත් Sunday, 03 April 2016 09:11 AM

ජයසේන කියන්නේ අර මහා සෝනගේ මල්ලි නේද (බ)

:       0       0

හේමන්ත Sunday, 03 April 2016 07:22 PM

නාමල්, හොඳට මතක තියාගන්න. මහින්දට තිබුනේ කෙලින් කොන්දකුයි, නියම සිංහලයන්ගේ ශක්තියයි පමණයි (නි)

:       0       0

ශෂික Saturday, 02 April 2016 03:46 PM

පොඩ්ඩක් බයහිතිලා වගේ..මහලොකුවට පැවැත්මට ඊලම ගැන කයිවාරු ගැහුවට ගොඨාභය කිව්වා මතක ඇතිනේ ..කොටින්ගේ ඝාතන ලිස්ට් එකේ මුලහරියේම ඔබතුමාත් හිටියා කියලා.(රේ)

:       0       0

හේමන්ත Sunday, 03 April 2016 07:32 PM

ජිනේන්ද්‍ර, ජයසේන වගේ අය ඉන්නකම් සිංහල ජාතියම අසරණයි. මෙවැනි අය නැති දිනෙක සිංහල ජාතියට පැහැදිලි අනාගතයක් ගැන සිතන්න හැකි වේවි. (නි)

:       0       0

ඉන්දු Sunday, 03 April 2016 09:54 AM

ඔබ හරි අනුරාධ, කනගාටුවට කාරණය අපේ මිනිස්සුන්ට සති දෙකෙන් සියල්ල අමතක වීමයි..(බ)

:       0       0

දහම් Sunday, 03 April 2016 10:17 AM

අනේ නාමල්, ඔයා හරි බොළඳයි. ඇයි එහෙනම් මහින්ද එනකම් එක් කෙනෙකුටවත් කොටියව විනාශ කරන්න බැරි වුණේ. කුහක වෙන්න එපා. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 02 April 2016 08:54 PM

මෙයා ගැන අපි දන්නවා. තමන් බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගැනීමට කැසකවන්නෙක් (නි)

:       0       0

ප්‍රියා Monday, 04 April 2016 03:26 AM

ප්‍රභාලා, කේ‍පීලා, කරුණලා එක්ක ගේම් දුන් අය තාම එළියේ! (නි)

:       0       0

සුගත් Saturday, 02 April 2016 05:55 AM

සම්බන්දන් මහතාණෙනි, ඔබට ස්තුතියි මෙවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කළාට. දැන්වත් තේරුම් ගැනීමට බලන්න. අපිට බෙදිලා වෙන්වෙලා ඉන්න බැහැ. (නි)

:       0       0

ජයසේන Sunday, 03 April 2016 01:17 AM

ශෂික වගේ ගෝඨාභය මහතාගේම පිහිට පතන අයත් ලංකාවේ ඉන්න ඕනෑනේ. (නි)

:       0       0

නිරාන් Saturday, 02 April 2016 06:54 AM

අපේ සිංහල යැයි කියාගන්නා සමහර දේශපාලකයන්ට නියම කණේ පහරක් (නි)

:       0       0

සංජීව Sunday, 03 April 2016 02:02 AM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වෙයිද? (නි)

:       0       0

නිරාන් Saturday, 02 April 2016 06:56 AM

ඔබතුමාට ස්තූතියි මෙම ප්‍රකාශය ගැන (නි)

:       0       0

මුණසිංහ Sunday, 03 April 2016 02:07 AM

පිටබැද්දර ජයා හැමදාම හීනමයි දකින්නේ. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 02 April 2016 07:07 AM

ළඟදිම ඔහෙලා ගැනත් හොයලා බලන්න වෙයි. (නි)

:       0       0

ශාන්ත Sunday, 03 April 2016 03:27 AM

කතාවයි ක්‍රියාවයි දෙකම එකයි නම් ඉතින් ප්‍රශ්න ඇතිවෙන්න හේතුවක් නැහැනේ. කියන දේවල් කරන්නේ නැති එක තමයි ප්‍රශ්නය. (බ)

:       0       0

අමිල- ඩුබායි Sunday, 03 April 2016 03:49 AM

මේ කතා විශ්වාස කරන්න පුලුවන්ද...? ඔහොම කියල තමා ඊලම ගැන හිතන්නේ.. ආරක්ෂාව තර කෙරුවොත් ගොඩක් හොදයි.(බ)

:       0       0

රුවන් Sunday, 03 April 2016 04:25 AM

උතුරේ දියුණුව දකින ඕනෙම කෙනෙකුට සතුටක් දෑනෙනෙවා ඒකෙන් ප්‍රතිලාබ එන්නේ දකුනට එලවලු සිට මලු කරවල දක්වා ත්‍රස්තවාදය ට ඒ මිනිසුන් නෑවතත් කෑමතිවේවිද දුක් විදින්න? දෑන් තියෙන දියුණුවත් එක්ක? (කෞ)

:       0       0

දුමින්ද Saturday, 02 April 2016 08:13 AM

එතකොට ඊළාම් මතවාදයටත් විරුද්ධද? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 03 April 2016 04:33 AM

මේ දේවල් වෙන්න කලින් ඉහත ප්‍රකාශය කරානම් අපි පිලිගන්නවා ,මේ බොරු කතාවක් විතරයි. මෙයාලගේ යටිහිතේ තියෙන්නේ ඊළාම් රජයක් විතරයි,බොරුවට මෙතන රගපානවා(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site