ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකු අද කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ තෝපායි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි.
ඔහු පසුගිය 07 වෙනිදා කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 660 දරන ගුවන් යානයෙන් දෝහා කටාර් හරහා ඉතාලියාට යාමට මෙරටින් පිටත්ව ගොස් ඇත. දෝහා ගුවන්තොටුපොළ බලධාරීන් විසින් සැකකරුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඔහු ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කරන බව අනාවරණය වීමෙන් පසු ආපසු හරවා මෙරටට පිටුවහල් කර ඇත.
සැකකරුගේ ඉතාලියේ සිටින මිතුරෙකු විසින් මාස හයක වලංගු කාලයකට ඔහුට මෙම ව්‍යාජ වීසා සකස් කර දී ඇති බැව් වාර්ථා වෙයි.
මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු තරුණයා කටාරයෙන් පිටුවහල්
අරුණ Tuesday, 10 February 2015 07:59 PM
ඇසළ, ඔබ හරියටම හරි (නි)
දුමින්ද Monday, 09 February 2015 06:39 AM
දැන්වත් රටට වෙලා ඉන්න බැරිද (නදී)
ඇසළ Monday, 09 February 2015 09:35 AM
ලංකාවෙන් එලියට යන්න ගුවන් තොටුපලේ නිලධාරීන්ට කියක් දුන්නද ? විසා හොර බව අහුවුනේ කටාර් වල නම් ඒ ගැන පරීක්ෂණයක් නැද්ද.? ලංකාවෙන් යන්න සිල් ගහපු නිළධාරියාවත් මෙයත් එක්කම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දුන්න නම් ඉවරයි. (නදී)