උතුරු පළාත් සභා මැතිවරණයේ ගිනි අවි භාවිත වීම සාධාරණ මැතිවරණයකට බරපතල තර්ජනයක් බවත්, මේ වන විට සාමාන්‍ය පුද්ගලයන් ගිනි අවි අතට ගෙන සිදු කැරුණු සිද්ධීන් දෙකක් යාපනයෙන් වාර්තා වීම භයානක තත්ත්වයක් බවත් සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (01) යාපනයේදී පැවසීය.
යාපනය නගරයේදී අපේක්ෂකයකුට ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම, චාවකච්චේරියේදී අපේක්ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනකුට වෙඩි තැබීම යන සිද්දීන් දෙ වාර්තා වී ඇති බවත්, මෙතෙක් හොද තත්ත්වයෙන් පැවැති මැතිවරණ ව්‍යාපාරයට එය බලවත් තර්ජනයක් බවත් ඒ මහතා අවධාරණය කළේය.
මැතිවරණ ප්‍රචාරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සැළකිය යුතු මට්ටමකින් ඉහළ නගිමින් තිබෙන බවත්, පොලිසියේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවීම නිසා සාමාන්‍ය ජනතාවයෙන් පොලිසියට චෝදනා එල්ල වන බව පැවසීය.
දැනට ගිනි අවි භාවිතා කිරීමේ චෝදනා එල්ල වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානයේ යාපනයට තරග කරන අපේක්ෂකයකුගේ පියකුට බවත් පැවසූ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ චෝදනා එල්ලවී සිටින තැනැත්තාට මීට පෙර මැතිවරණ වලදීද මෙවැනිම චෝදනා එල්ල වූ අයකු බවයි.
සිවිල් සංවිධාන විශාල ගණනක් යාපනයේ ක්‍රියාත්මක වන බවත්, මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා සිවිල් සංවිධාන ශක්තිමත් විය යුතු බව ද කීය.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු ඡන්දයට ගිනි අවිත් එයි?
අචිනි Monday, 02 September 2013 01:57 PM
ලංකාවේ ඔහොම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕනේ. (ස)
පද්මසිරි Sunday, 01 September 2013 11:25 PM
ඒ පළාතේ දේශපාලනයට සම්බන්ධ දෙන්නෙක් වේදිකාවකදී මහජනතාවට කිව්වනේ ප්‍රසිද්ධියේම, අවි ආයුධ අනිවාර්යයි ඒ ගොල්ලන්ගේ ඉදිරි අනාගතයට කියලා (නි)
උපාලි Monday, 02 September 2013 05:56 AM
ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ මැතිවරණ වලිනි. මැතිවරණ රැකෙන්නේ පකෂ වලිනි. පක්ෂ රැකෙන්නේ (සල්ලීය බාගේ ඇති) අපේක්ෂකයන්ගෙනි. අපේක්ෂකයන් රැකෙන්නේ ගෝල බාලයන්ගෙනි. ගෝලබාලයන් රැකෙන්නේ ගිනි අවි වලිනි. ඒ අනුව අවසාන විග්‍රහයේදී, "ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ ගිනිඅවි වලිනි". මේ ලංකාව ගැනයි. (නි)
විජේ Sunday, 01 September 2013 08:57 PM
අයියෝ ඕක මොකක්ද? සුළු දෙයක්නේ. (නි)
අස්මිත් Sunday, 01 September 2013 09:02 PM
තුවක්කු නැතුව දැන් මොකුත් කරන්නම බැහැ. චණ්ඩි ටිකට ජනතාව හොදට සළකනවා නම් මින් ඉදිරියට රට යහපත් විය හැකියි.නමුත් එහෙම වෙයිද? (නි)