කවුරු මොනවා කීවත් සැප්තැම්බර් මාසයේ උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වනවා. උතුරේ සියලුම දෙනා ඊට ඒක් රැස්විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව අපේ රජයෙන් ලබා දී තිබෙනවා. උතුරේ වැසියන්ට හිතන්න අවස්ථාව තියෙනවා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා. දැන් ප්‍රධාන මාර්ගය අපි හදලා දුන්නා. ගම්මානවල තවත් මාර්ග හදන්න තිනෙවා. යටිතල පහසුකම් ලබා දිය යුතුය. ඒවා ඉදිරියේදී ලබා ගැනීමට නම් පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණවලිදී නිවැරදි තීරණයක් ගෙන මේ රජයෙන් ඒ සංවර්ධන කටයුතු ඉටුකර ගන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති කිලිනොච්චියේ දී අද (15) පවැසැයීය. මහනුවර - යාපනය ඒ නවය මාර්ය ප්‍රතිසංස්කරණය කර විවෘත කරමින් පැවැති ජන හමුවේදී ජනපති එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන වලවල් වල නොවැටන්න නම් ඡන්දය නිදහස් හා සාධාරණ වෙන්න ඕනා. ඉල්ලන අයනම් ගොඩ යයි. හැම තැනදීම වෙන්නේ එකනේ. මේ අයව කොන් නොකරමු කිව්වත් දැන් කෙරෙන වාද විවාද වලින් වෙන්නෙත් ඒකම නේද්?(නදී)
ගාමිණී, ඔයා කියන්නේ සහතික ඇත්ත. මේ තරම් විශාල දෙයක් කරලත් මිනිස්සුන්ට අමතක වෙලානේ. පොඩි දේවල් ලොකු කරගෙන දගලනවා.මේ විදිහට මෝඩ තීරණ ගන්න බැරි නැහැ. (නි)
දේශපාලන අර්බුදය සාදා විසදුම් සෙවීමේ කලාවෙහි එම අර්බුදය නිර්මාණය කිරීමක් වන්නේ නිවැරදි විසදුම් වැරදි ප්‍රතිකාරයක් ලබාදිමේ ප්‍රතිපලය නිසයි.(නදී)
මෙම ප්‍රදේශවල දැන් ඉන්නේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් වගේම යුද්ධයෙනුත් පීඩාවට පත්වුන ජනතාවක්. තමන් කැමති පක්ෂයකට ඡන්දය දෙන්න අයිතියක් මේ අයට තිබිය යුතුයි (නි)
එතකොට විමල්ගෙ පුරප්පාඩුවට කව්රු එයිද දන්නෙ නැහැ. (අ)
ඡන්දය පවත්වනවා වගේම එය ඉතාම සාධාරන සහ නිදහස් මැතිවරණයක් විය යුතු බවට රජය වගබලාගත යුතුයි.උතුරේ දෙමල ජනයාගේ තීරණය කුමක් වුවත් අප එයට ගරුකළ යුතු බව හා එය 1982 සංවර්ධන සබා චාදය මෙන් නොවිය යුතුයි (නි) .
කට්ටියව කරත්තෙට නග්ග ගත්තට කමක් නෑ තෝන් ලනුවනම් කාටවත් දෙන්ඩ එපා පුතෝ දන්නවනේ හැටි උතුරේ කට්ටියගේ.(නදී)
ගාමිණී සිරි, ඔයාට යමක් වැරදි වගේ පෙනුනට ඒ පළාතේ බහුතරයකට ඒක නිවැරදි නම් ඔයා නිවැරදි වෙන්නයි ඕනෑ. ඔයා කියන යුද්ධයක් නැවත ඇතිවෙන්න ඉඩ තිබෙන්නේ බහුතරය ඔයාගේ තීරණය අනුව ජිවත් කරවන්න ගියොත්. මෝඩ විදියට හැසිරෙන්න එපා මෙතන. මේක බුද්ධිමත්ව තීරණ ගන්න ඕනෑ වෙලාවක්. (නි)
බඩ පපුව නොවෙයි බුද්ධිය පාවිච්චි කරලා, මතු පරම්පරාව ගැනත් හිතලා වැටුන වලෙන් ගොඩ එන්න මේ සැරේවත් තීරණයක් අරගනිමු. (නි)
මම හිතනවා මේ දීපු අවවාදය ලංකාවේ සියලුම ඡන්ද දායකයන්ට වැදගත් එකක්. මීළඟ වතාවේ ඡන්දෙ දෙනකොට මේක හොඳට හිතට ගන්න. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා. (නි)
යුද්දේ ඉවර කරලා එල් ටී ටී ඊ එක නැති කරලා උතුරේ පාරවල් හදල රටේ හැමෝටම එහෙ මෙහෙ යන්ඩ එන්ඩ සලස්වපු එකෙන් පමණින් ප්‍රශ්නේ විසදිලා කියල හිතුවොත් ඒක ලොකු වැරදීමක්. (නදී)
වැටෙන්න දෙයක් නෑ ගොඩවෙන්න ක්‍රමයක් හොයනවා මිසක්. මෙහෙම ගියොත් වලට උඩින් පස්දාලා ගොඩකරයි.(නදී)
නිදහස් කරගත්ත රට නැවතත් කොටියට දෙනවද නැද්ද කියලා තීරණය කරන්න විතරයි තියෙන්නේ. බුද්ධිමත්ව ඡන්දය දෙන්න. අපේ මිනිස්සුන්ට රටේ තිබුන තත්වේ අමතක වෙච්ච එක ලොකු කනගාටුවක්.(නදී).
පළාත්සභා වල පොලිස් හා ඉඩම් බලතල නැතිව තියන එක හොඳයි. රට බෙදුම්වාදයෙන් මිදී නැත. එසේ නොවුනොත් අනාගතයේදී විසාල ප්‍රශ්න රාශියක් ඇතිවේ. ඔය කවුරු මොනවා කිව්වත් රට බෙදන තීරණ ගන්න එපා. අවශ්‍ය වන්නේ සිංහල ,දෙමල මුස්ලිම් හැම ජාතියකටම ඉගෙනීම රැකියා කිරීම ව්‍යාපාර කිරීම අවස්ථා ලබදීමයි හා එමගින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමයි.(නදී)
1977 ඡන්ද නාම ලේඛනය අනුව ඡන්දෙ තියන්න බැරිද? මම පළාත් සබා ක්‍රමයට විරුද්ධයි. ඒත් පළාත් සබා පවත්වනවා නම් සංශෝධනයක් ඇතුව පැවැත්විය යුතුයි. අපිට බය වෙන්න දෙයක් නැහැ. (නි)
බොරු ජාතිවාදී වැඩ කලොත් ,ජාතිවාදී, ආගම් වාදී තීරණ ගතහොත් අපට සිදුවන්නේ ඉරානයට උන දේයි. අන්ත දුක්ඛිත තත්වයට පත් වෙන එක. ජනාධිපතිතුමාගෙන් සාදාරණ සමාජ ක්‍රමයක් බලාපොරොත්තු වෙමු.(නදී)
තමන්ගේ පාලනය තමන් විසින් කරගන්න ක්‍රමයක්, පලාත් සබා, නගර සබා, ගම් සබා වලින් ලබා දුන්නොත් ඒක ජනතාවට වෙන සේවයක්. දුර පලාත් වල ඉන්න උදවිය කොලබින් ගන්න තීරනවලට හැම තිස්සෙම අවනත වෙන්න ඕන කියන ආකල්පය උතුරෙ විතරක් නෙවෙයි දකුනෙත් ප්‍රස්න ඇති කරනවා. නමුත් ජාතිය අනුව පාලනය බෙදුවොත් අන්තිමට කුලයට අනුවත් පාලන ඒකක බෙදන්න වෙනවා. ආර්ථික කලාප අනුව බලය බෙදන එක මීට වඩාත් ප්‍රායෝගිකයි.(නදී)
මේ අවස්ථාවේ උතුරේ දේශපාලකයින් සහ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බෙදුම් වාදී අදහස් තිබෙන වෙලාවක්. ඉඩම් පොලිස් බලතල දුන්නොත් ලොකු ප්‍රශ්නයක් වෙන එක වලක්වන්න බැහැ. තමිල් නාඩුව පිටරට දෙමල ප්‍රජාව, ඉන්දියාවේ නැති උනාට ලංකාවේ වෙනම රටක් හදන්න පුලුවන්ද කියල උත්සහ කරන්නේ ඉන්දියාවේ බැහැ කියලා දන්නා නිසා. බෙදුම්වාදී අදහස් නැති උනාට පස්සේ ඕනෑම බලයක් දුන්නට කමක් නැහැ. දැන් තත්වය මත නම් හරිම භයානකයි. ඒ තත්වයට ගන්න ලොකු වැඩ පිළිවෙලක් අවශ්‍යයි. යම් කාලයක් යයි. ප්‍රශ්නේ තියන්නේ තේරුම් නොගැනීම. දේශපාලනය, කඹ ඇදිල්ල, මහා ජාතිය එකමුතු කමක් නැති කම, ලොකුම අභියෝගය දෙමල දේශපාලකයින්ගෙන් දෙමල ජනතාව බේරා ගැනීම. සිංහල අන්තවාදයක් ඇත්නම් එය පරාජය කරන්න අමාරු නැහැ. සිංහල ජනතාව එකතු වීමෙන් (අන්තවාදයකට නොවේ) ඔවුන් ශක්තිමත් වීමත් සමගම දෙමල ජාතිවාදී දේශපාලඥයින් දුර්වල වෙයි. ඊට පසු දෙමල ජනතාව බෙදුම්වාදී නැති වෙයි. ඊට පසු අවශ්‍ය පරිදි බලය බෙදිය හැකිය. ජනාදිපති උනත් දෙමල කෙනෙක්ට කව්රුත් ජනතාව ඡන්දය දෙන කාලයක් එයි. දැන් බලය බෙදීම නම් පිස්සු වැඩක්, මෝඩ වැඩක්. (නදී)
ජයවේවා අපි ඕකනේ කියුවේ (දී)
එපා කියලා කියුවා නේද මිනිස්සු අනේ මන්දා (දී)
ආසියාවේ අශ්චාර්යය තුලින් සුභ අනාගතයක් කරා යන ගමන දැක ගුරුවරුන් පවා දණ ගසති. (නි)
උතුරේ ප්‍රශ්න සහ සිංහලයන් පිලිබඳ ද්‍රවිඩ ජනතාව තුල ඇති කළු තිත නැති කරීමට නම් , ද්‍රවිඩ ජනතාවගෙන් නියෝජනය වෙන පරිදි ප්‍රජාන්ත්‍රවාදී සාධාරණ මැතිවරණයක් තිබීම ඉතාමත් කාලෝචිත දෙයකි. ජානදිපතිතුමනි ඔබ හරි.(නදී)
ඉතා අමාරුවෙන් ජීවිත දහස් ගනනාවක් බිලිදීලා ඇතිකර ගත්තු නිදහස නැතිකරගන්න හදන්න එපා. ඡන්දය තියන්න ඉස්සර අවශ්‍ය කටයුතු සියල්ල හරියට කරන්න. (නි)
එතකොට දැන් දවල් වැටිලා ඉන්න එකෙන් ගොඩවෙන්නේ කොහොමෙයි? (නදී)
රෑ වැටුණු වලේ දැන් වැටෙන්න එපා !...නියමයි ...ඒ දේ කරපු කෙනාගේ කටින්ම එය කියුව එක ගැන . ලොක්කෝ හිතන්න එපා තවත් මිනිස්සු අන්න්දවන්න . අසරණ ජනතාව කබලෙන් ලිපට අද දැමීමම.(නදී)
අපේ රට රුදරු ත්‍රස්තවාදයෙන් බේරාගත්තත් සිංහල ජාතියේ වදවීම නම් වළක්වා ගන්න අමාරුවෙයි(නි)
ලුම්බිණි කියන දේ හරියට හරි. මේ අවවාදය ඉතාම වටිනා එකක්. රෑ වැටුණු එක ගැන සිහි බුද්ධියෙන් කල්පනා කරලා ආයේ නොවැටෙන්න කවුරුත් වග බලාගත්තේ නැත්නම් ඉතින් වලේම තමයි. (ත)
එල්.ටී.ටී.ඊ සමයේ සිදුකල ම්ලේච්ච ක්‍රියා මර්ධනය කරලා ,සියලූම ජාතින් යුධ බියකින් තොරව නිදහසේ සිටීම උතුරටත්,දකුණටත් දැන් බොහෝදුරට අමතකවෙලා.දැන් මතුකරන්නේ එදිනෙදා දැවෙන ප්‍රශ්න. උතුරු පළාත් සභා මැතිවරණයේදී බැරිවෙලාවත් නිවැරදි වෙනුවට වැරදි තීරණ ගත්තොත් සංවර්ධන කටයුතු අඩාල වෙයිද?(අ)
පළාත සභා ක්‍රමයට මම විරුද්යි. එත් ඒක කරගෙන යනවනම්, සෑම පළාතකටම එකම සාධාරන ක්‍රමයක් අනුගමනය කල යුතයි.ජාති වාදය හෙලා දකිමි.(අ)
කුමකටද කාටද බයවෙන්නේ? උතුරේ ඡන්දය තියන්න.ඔබතුමා මුළු ශ්‍රී ලාංකිකයන්ගේම ජනපති වෙන්න. ලෝකෙටම පෙන්වන්න. (නි)
උතුරේ දේශපාලඥයා උත්සාහ කරන්නේ ඉන්දියාවේත් උදව් ඇතිව තැටිය රත්වෙලා තියෙන වෙලාවේ තොසේ ටිකක් හදාගන්නයි. පොලිස් හා ඉඩම් බලතල සහිත උතුරේ පළාත් සභාව අපේ රටේ අනාගතයට බරපතල තර්ජනයක් වේවි.(නදී)