කිලිනොච්චිය හා යාපනයේ අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීම සඳහා ප්‍රදේශවාසීන් උනන්දු කිරීම, වගා කරන බෝග වලට ඉහළ මිලක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය වෙළඳපොළ නිර්මාණය කිරීම හා එම නිෂ්පාදනයන් වෙනුවෙන් අගය එකතු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ මහතා කියා සිටියේ පුද්ගලික අංශයට වැඩි අනුග්‍රහයක් ලබා දෙමින් හා උනන්දුවක් ඇති කරමින් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවශ්‍ය සහාය රජයක් ලෙස ලබා දීමට කටයුතු කළ යුතු බවයි. ඒ අනුව රජයට සමගාමීව පුද්ගලික අංශයේ ද රැකියා උත්පාදනය වීම ආරම්භ වන බවත් ඒ හරහා රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ අරමුණ දිනා ගත හැකි බව ද ඔහු සිහිපත් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කුෂි කර්මය දියුණු කරන්න මිනිස්සු කාලා බිලා හරි ඉදියි. (ර)
සිවිල් යුද්ධයට පෙර උතුර සරු ගොවිබිමක්. ඇමතිතුමනි ඔබේ මැදිහත්වීම අගය කරනවා. බිඳී පලදු වී ඇති හොඳ හිත වගා කරන්න. රටට අවශ්‍යය රතු ලුණු යාපනෙන් අපිට ලැබෙයි.(ම)
ජය වේවා (ම)
දයා ගමගේ කියන්නේ නව මානයක් තුලින් ලෝකය දකින මහත්මයෙක් එතුමා රටට ලොකු දෙයක් කරයි කියලා හිතෙනවා. මම ඔබතුමාට යෝජනා කරනවා "මයිසූර් පරිප්පු" මෙරටේ වවන්න පුලුවන්ද කියලා හොයලා අත්හදා බලන්න කියලා. (ර)
දයා මහත්තයා අවංක කෙනෙක් රටට යහපතක් කරන්න එතුමාට සහය දෙමු.(හේ)
උතුර අමතක කරන්න හොද නැ. සාරවත්ම පස තියෙන්නේ කිලිනොච්චියේ. එහෙ ගොවියන්ට ඕනි වතුර වලක් විතරයි දියුණු වෙන්න. ආදාර ඕනි නැ. (අ)
අපි වැඩියෙන්ම කන්නේ පරිප්පු, ගෙහෙන්නේ පිටරටින්. අපිම වවන්න උත්සහ කරමු (ම)
ගොවියාගේ දුක දන්නේ ගොවියා පමණයි. (ර)