ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් (රුපියල් 21773052.22) රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටින උතුරු කොරියා ජාතිකයින් දෙදෙනා නිදහස් කරන්නැයි ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි උතුරු කොරියා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇතැයි දකුණු කොරියාවේ යොන් හැප් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.
එසේම ඔවුන් සතු මුදල්ද මුදා හරින ලෙසද නවදිල්ලියේ උතුරු කොරියා තානාපති කාර්යාලය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉකුත් සඳුඳා මෙම උතුරු කොරියානුවන දෙදෙනා ඕමානයේ සිටි චීනය බලා යන අතර තුරු වෙනත් ගුවන් යානයකට ගොඩවීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී රේගු පරීක්ෂණයකට ලක්වී ඇති අතර එහිදී මොවුන් දෙදෙනා මෙම මුදල් සමඟ අත්අඩංගුවට පත්විණී.මෙම උතුරු කොරියා ජාතිකයින් දෙදෙනා එහිදී සඳහන් කර ඇත්තේ තම සහෝදර සේවකයින් ඕමානයේ වැඩබිම් වලදී උපයා ගත් මුදලක් මෙලෙස රැුගෙන යන බවය.
මෙරට පවතින රේගු නීතියට අනුව ඇමෙරිකා ඩොලර් දහසකට වැඩි මුදලක් තොරතුරු සඟවා ගුවනින් රැගෙන යාම තහනම් වේ.
කෙසේ වෙතත් මෙම උතුරු කොරියානුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගැණුන මුදල් නිදහස් කරන ලෙස ඉන්දියාවේ උතුරු කොරියා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බවද දකුණු කොරියාවේ යොන් හැප් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් හරි, අනික අපේ නායකයෝ රට ගැන නොහිතනවා විතරක් නෙමෙයි, තියන ටිකත් තමන්ගේ සාක්කුවට දාගන්නවා. කොහොමත් උතුරු කොරියාව දරුණු පිස්සු ඒකාධිපතියෙකු විසින් පාලනය කරන රටක් කියන එක නම් මමත් හිතනවා. 71 කැරැල්ල කාලෙ මතක් කරලා බලන්න. උතුරු කොරියානු තානාපති කාර්යාලය වහන්න සිද්ධ වුණා අපට. (බ)
රේගු නීතිය දන්නා අයගෙන් අහන්න. මෙය ලංකාවට අදාළ නැත. නිකම් ඉල්ලන් කන්න එපා. (නි)
නාමල් නිව් යෝර්ක් !! හොඳට ඇමරිකාවට කඩේ යනවා වගේ , ඔය කියන දේවල් හදන්නේ නැද්ද ඇමරිකාවේ , ඇමරිකාවේ පාලකයෝ එකාධිපති නොවේද ? මුළු ලෝකෙම ගිනි අවුළුවන රට ඇමරිකාව (රේ)
එහෙම උතුරු කොරියාව ඉල්ලුවානම් දෙන්න වෙනවා , නැත්නම් ඒ අය ගාව තියෙන මිසයිල බට්ටෙක් අපට ඒවා ගෙහුවොත් , ඔන්න ඕක දීල දාන්න. (ර)
ඉල්ලන් කන්න එපා මිනිසුනේ! ප්‍රවේශමෙන්! (නි)
දැන් එයාලා කියන විදිහටද අපි වැඩකරන්න ඕනෑ? (නි)
කිසිම රටක ජාත්‍යන්තර ගුවන් තොටුපලක ඇතුළත කෙනෙක් ඉන්නවිට ඔහු ඒ රටේ නීතිවලට යටත් නොවේ. ඔවුන් ඕමානයේ සිට චීනය බලායන නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින්නේද ලංකාවේ ගුවන් යානයක් නොවේ. ජාත්‍යන්තර උසාවියේ නඩුවක් දැම්මොත් ලංකාවේ රේගුව වැරදිකරුවන් වෙනවා පමණක් නොව වන්දි ගෙවීමටද සිදුවේවි (නි)
ඇමරිකාව කියන්නේ හරිම කරුණාවන්ත යහපත් පරිත්‍යාගශීලි රටක්නේ. ඒ අය හොර ආයුධ හදන්නෙම නැහැ. විකුණන්නෙත් නැහැ (නි)
නාමල් සියල්ල දත්තෙක් වගේ (නි)
අපොයි. උතුරු කොරියාවෙ නම් ඕක දීල දාන්න. නැත්තන් හෙට උදේට මිසයිලයක් එවාවි සීනි දාල. කූඹි කාල මැරෙන්න.(රේ)
අනුර, ඔබේ කතාව සහතික ඇත්ත... (නි)
වැඩේ නීතිවිරෝධී නම් මොන කොරියාව වුණත් කමක් නැහැ දඬුවම් දෙන්න. මේක ලංකාවේ කෙනෙකුට උතුරු කොරියාවේදී වුණා නම් කොහොමද? (නි)
මේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනයන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය නොවේ නම් කොරියානු රජයත් සමග සාකච්ඡා කර නීතියානුකූල ආකාරයට එම රජයට මුදල් හා කොරියානුවන් බාරදෙන්න. අනවශ්‍ය ප්‍රශ්න වෙනත් රටවල් සමඟ ඇති කර ගැනීමෙන් අපේ රටට වන ප්‍රයෝජනයක් නැහැ (නි)
ඉක්මනට ඔය උතුරු කොරියන් ජාතිකයින් දෙදෙනා සල්ලි මල්ලත් එක්ක එරටට බාර දෙන්න. නැත්නම් උතුරු කොරියන් ඒකාධිපති ජනපති අපේ රටට බැලස්ටික් මිසයිලයක් එවාවි. කොරියානුවන්ගේ බඩට බත් නැති උනත්, කඩවල අත්‍යාවශ්‍ය භාණ්ඩ හිග උනත් ලෝක බලවතුන් වගේ මේ කොරියන් නායකයා ඩොලර් කෝටි ගණන් උඩුගුවනේ පුළුස්සා දමනවා. (ර)
හැම රටකම නායකයෝ රටට ආදරේ නම් ක්‍රියාකරන්නේ තමන්ගේ රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් මිසක් වෙනත් රටවල්වල ආර්ථිකය ගොඩගන්න නොවෙයි. ඇමෙරිකාවේ නායකයෝ කරන්නෙත් එ් ටිකමයි. ඉන්දියාවේ නායකයෝ කරන්නෙත් එ් ටිකමයි. අපේ අවාසනාවට අපේ නායකයෝ එ්ක නොකරන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. (නි)
උතුරු කොරියාව කියන්නේ අන්ත ඒකාධිපති මානසික රෝගියෙක් විසින් පාලනය කරන, මිනිස්සුන්ට කන්න නැතත් න්‍යෂ්ටික ආයුධ හදන රටක්.. මේ සල්ලිත් ඔය රටේ පාලකයා මොකක්හරි ආයුධ මගඩියකින් ගත් මුදල් වෙන්න ඔනෑ.. නිදහස් කරන්න නරකයි.. (අ)
මේ වගේ අවස්තාවක ජාත්‍යන්තර නීතිය අනුගමනය කරමු. (ර)
උතුරු කොරියාවට අාර්ථික සම්බාධක පනවා ඇති නිසා විදේශ මුදල් නීත්‍යානුකූලව රට තුලට ගෙන යා නොහැකි, මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල රැකියා කරන උතුරු කොරියානුවන් (98% පමණ කම්කරුවන්) නිවාඩු සඳහා සිය රටට යාමේදී මෙලෙස මුදල් රැගෙන යනවා (නි)
උතුරු කොරියාව මොනවා කිවුවත් කාගෙවත් පදේ නටන්න අපි කාගෙවත් අතකොලුවක්ද මේක අපේ රට නීතියක් තියෙනවා අපිට එහෙම මිසයිල් ගහන්න මොකාටවත් බෑහෑ (බ)
ඉල්ලන් කන්න එපා (බ)
ඔන්න රටවල්. තම රටේ මිනිසුන්ට කුමක් හෝ සිදුවීමක් වුණාම පටගාලා සොයාබලා ඉක්මනින් තීරණ අරගන්නවා. රටේ පුරවැසියන්ට වටිනාකමක් තියනවා. එ්කට ලංකාව? සෞදි වල මිනිස්සු කන්න නැතුව එම්බසි වල හිරවෙලා දුෂණය වෙනවා. මිනිසුන්ට කිසිම වටිනාකමක් නැහැ (නි)
මෙම මුදල් මැදපෙරදිග වැඩකළ මේ රටේ සේවකයන්ට තම රටට බැංකු හරහා යැවීමට ක්‍රමයක් නොමැතිවීම නිසා උතුරු කොරියානු රජය මඟින් යොදාගත් උපක්‍රරමයක් වීමට බැරි නැත. එම රටට සම්බාධක පැනවීම නිසා මේ මුදල් නොමැතිවීමෙන් උතුරු කොරියානු රජය ශ්‍රී ලංකාව කෙරේ බොහෝ සේ කිපීමට ඉඩ ඇත. (නි)