තම දරුවන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිටුපස සිටින්නේ ආරක්ෂක හමුදාව නොව ඉන්දීය සාම සාධක හමුදාව බව යාපනය වැල්වටිතුරෙයිහි දී ව්‍යාපාරික පුතුන් දෙදෙනා 1989 දී අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනපති කොමිසමට සාක්කි දෙමින් ඔවුන්ගේ මව කියා සිටියාය.
කොටි සංවිධානය හා ඉන්දීය සාම සාධක හමුදාව අතර 1989 වසරේ ගැටුම් පැවැති කාලයේදී වැල්වෙටිතුරෙයි හි වෙළඳසලක් පවත්වාගෙන ගිය තම තරුණ දරුවන් දෙදෙනා සාම සාධක හමුදාවේ නිලධරයින් විසින් පැහැරගෙන යනු ලැබූ බවත් ඔවුනට සිදුවූයේ කුමක්දැයි තවමත් නොදන්නා බවත් මව අතුරුදන්වූවන් සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළාය.
එබැවින් ඔවුන් පිළිබඳව සෙවීමට ඉන්දීය සාම සාධක හමුදාවත් විමර්ශනයට ලක් කරන්නැයි කොමිසම ඉල්ලා ඇත.
අතුරුදන්වූවන් සෙවීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේ දෙවැනි අදියරේ සාක්කි ලබා දීමට යාපනය දිස්ත්‍රික්කයේ 993 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.
කොමිසමේ සභාපති විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් දින 6ක් පුරා යාපනය දිස්ත්‍රික්කයේ 1620 දෙනෙක් කැඳවනු ලැබූහ. ඉන් 993 දෙනෙක් සාක්කි දුන්හ. තවත් පැමිණිලි 337 ක් ලැබී ඇති බව කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ අම්ම කෙනෙක් සැබැ දෙය එලෙසින් කීම ගැන ලාංකික අපි සතුටු වෙමු . එතකොට දකුණේ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම කළ අම්මලාට...? (බ)
බොරුවෙන් ජයගන්නට නොසිතු ඉතාම ආදර්ශවත් නුවණැති කාන්තාවක්. (ර)
දකුණේ භීෂණ කාලේ අතුරුදහන් වෙච්ච අය ගැන හොයන්න කවුරුත් නැද්ද. හොයන්නේ නැත්තේ ඒ එජාප ආණ්ඩුව කාලේ වෙච්ච දේවල් නිසාද දන්නේ නෑ. (බ)
සතුටුයි මෙවැනි අපක්ෂපාති සිද්ධියක් අහන්න ලැබීමත්. (ම)
නියම අම්මා කෙනෙක් (ම)
අම්මත් හොඳයි , කොමිසමත් හොඳයි. (ර)