උතුරු පළාත් ආර්ථික මධ්‍යස්ථානය ඉදි කළ යුත්තේ වවුනියාව තාන්ඩිකුලමේ නොව ඕමන්තේ බව දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ මත විමසුමෙන් තීරණය විය.
ආර්ථික මධ්‍යස්ථානය තාන්ඩිකුලම්හි ඉදි කළ යුතු බවට පක්ෂ නායක හා විපක්ෂ නායක සම්පන්දන් යෝජනා කළ අතර එය ඕමන්තේ ඉදි කළ යුතු බවට උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් යෝජනා කළේය.
යෝජනා දෙකක් පැමිණි නිසා ඒ සඳහා මත විමසුකම් පැවැත්වීම සුදුසු බව තීරණය කළ විපක්ෂනායකවරයා අද උතුරු පළාත් සභාවේ දී පැවැත්වීය.
ඡන්දය සඳහා උතුරු පළාත් සභාවේ මන්ත්‍රිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කුට ආරාධනා කළ තිබිණි. අද මතවිමසුමට පැමිණියේ ඉන් 26 දෙනකු පමණි.
ආර්ථික මධයස්ථානය ඕමන්තේ ඉදි කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු 21 දෙනෙක් ඡන්දය දුන්හ. එය තාන්ඩිකුලම්හි ඉදි කළ යුතු බවට තම තමය ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර පහකට කඩන්න පුළුවනිනම් තවත් හොඳයි (බ)