වසර 27 කට පසුව යාපනය අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි ඉඩම් අක්කර 906ක් එහි මුල් පදිංචිකරුවනට ලබා දීමට ඊයේ (11) දින යාපනය ආරක්‍ෂක අංශ විසින් පියවර ගත්තේය.
යාපනයේ පිහිටි ග‍්‍රාම නිලධාරි වසම් 9ක වැසියන්ට මෙසේ මුල් ඉඩම් ලබා දීමට පියවර ගත් අතර නව රජය බලයට පත් වීමේන් පසුව යාපනයේ ඉඩම් ගැටලූ විසඳීමට දුන් පොරොන්දුවේ එක් පියවරක් වශයෙන් මෙම ඉඩම් ආපසු දුන් බව යාපනය ආරක්‍ෂක අංශ කියයි.
මේ අනුව කන්කසන්තුරෙයි දකුණ, තෙලිප්පලෙයි, උතුරු පලෙයි, දකුණු පලෙයි, කට්ටුවාන්, තෙන්මයිලෙයි, වරුතවිල්ලාන් ,පලාලි දකුණ ,කෝපායි , වලෙයි ආදි ප‍්‍රදේශ වල මෙසේ ඉඩම් මුල් පදංචි කරුවන් වෙතට ලැබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් ඉතාමත් හොඳ වැඩක් ......අැසල ගේ නඩරාජා ගේ ප්‍රශ්නෙට මොකක්ද පිළිතුර.....මෙහෙ හිටපු අපේ මිනිස්සුන්ට මොනවද ලැබෙන්නේ ...? (බ)
මෙතන කමෙන්ට්ස් දාන අයගේ ඉඩම් හමුදාවෙන් අරගෙන දෙන්නේ නැතුව තියාගෙන ඉන්න ඕනා. එතකොට තේරෙයි එ්කේ තියන අමාරුව. මහත්වරුනේ දැන් යුද්දේ ඉවරයි අායෙමත් කොටියට සැහෙන කාලෙකට එන්න බැහැ (නදී)
මේ ගැන වැඩිය කතා කලොත් ජාතිවාදී ලේබලය වදිනවා. ඒ නිසා රට බේරා ගත් රණ විරුවෝ මේ ගැන කතා කරාවි. ඉඩම නැති අයට ඉඩම් ලබා දීම උතුරේ හෝ දකුණේ හෝ කොහේ හෝ අගය කල යුතුයි. නමුත් මේ අය මේ ඉඩම්ම ඉල්ලෙමෙන් ජාතික ආරක්ෂාවට වෙන තර්ජනය ගැන නැවත සිතිය යුතු නැද්ද ? අද ජාතික ආරක්ෂාව ගැන හිතනවාද ? මේ අයට විකල්ප ඉඩම් දිය නොහැකිද ? මහවැලි වියාපාරය යටතේ ඉඩම් අහිමි වූ අයට විකල්ප ඉඩම් ලැබුනේ සිහිනෙන් වත් නොසිතු ප්‍රදේශ වල යි . එයාල මුල් ඉඩම් කිට්ටුව හි ඉල්ලපු තැන ලැබුනේ නැ. මහා මාර්ග වලට ඉඩම් අත්පත් කර ගැනීමේ දීද මේ ප්‍රශ්නය පැන නගුනද විකල්ප ඉඩම් ලැබුනේ එයා ලා හිටපු ප්‍රදේශ වල නොවේ. ප්‍රශ්නය එය නොවේ , ඡන්දෙට කලින් මේ ඉඩම් ඉල්ලු බවත් ඒවා ලබා දෙන බව අපි කියූ විට , නැ ඒවා දෙන්නෙත් නැහැ මොකුත් දෙන්නේ නැහැ කිව්වා. නමුත් දැන් කියනවා එයා ලගේ ඉඩම් එයාලට දුන්නම මොකද වෙන්නේ කියලා . මේකත් වෙනසෙහි කොටසක්ද මන්දා ? මේ දේවල් වල බයානක ප්‍රතිපාල ඇති වෙන්නේ සමහරවිට තව අවුරදු සිය ගණනකින් වෙන්න පුළුවන් (නදී)
මේ ගැන වැඩිය කතා කලොත් ජාතිවාදී ලේබලය වදිනවා. ඒ නිසා රට බේරා ගත් රණ විරුවෝ මේ ගැන කතා කරාවි. ඉඩම් නැති අයට ඉඩම් ලබා දීම උතුරේ හෝ දකුණේ හෝ කොහේ හෝ අගය කල යුතුයි. නමුත් මේ අය මේ ඉඩම් ඉල්ගමින් ජාතික ආරක්ෂාවට වෙන තර්ජනය ගැන නැවත සිතිය යුතු නැද්ද ? අද ජාතික ආරක්ෂාව ගැන හිතනවාද ? මේ අයට විකල්ප ඉඩම් දිය නොහැකිද ? මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම් අහිමි වූ අයට විකල්ප ඉඩම් ලැබුනේ සිහිනෙන් වත් නොසිතු ප්‍රදේශ වල යි. එයාල මුල් ඉඩම් කිට්ටුව ඉල්ලපු තැන ලැබුනේ නැ. මහා මාර්ග වලට ඉඩම් අත්පත් කර ගැනීමේ දීද මේ ප්‍රශ්නය පැන නගුනද විකල්ප ඉඩම් ලැබුනේ එයා ලා හිටපු ප්‍රදේශ වල නොවේ . ප්‍රශ්නය එය නොවේ ඡන්දෙට කලින් මේ ඉඩම් ඉල්ලු බවත් ඒවා ලබා දෙන බව අපි කියූ විට නැහැ ඒවා දෙන්නෙත් නැහැ මොකුත් දෙන්නේ නැ කිව්වා. නමුත් දැන් කියනවා එයාලගේ ඉඩම් එයාලට දුන්නම මොකද වෙන්නේ කියලා . මේකත් වෙනසෙහි කොටසක්ද මන්දා ? මේ දේවල් වල බයානක ප්‍රථිපල ඇති වෙන්නේ සමහරවිට තව අවුරදු සිය ගණනකින් වෙන්න පුළුවන් (නදී)
එක මහත්මයකුට ඇරෙන්න අනෙක් අයට නම් සත්‍ය පැහැදිලියි වගේ . මේවා ඡන්ද පොරොන්දු නොවේ වෙන්න ඇති නේද ? අපි පිලි ගත්තත් නැතත් , මා හැම දා කියන පරිදි රට පැහැදිලවම සීග්‍රයෙන් අනාරක්ෂිත බාවයට විවිධ මාර්ග වලින් යනු ඇත. නිතිපතා දිනපතා අවධියෙන් ඉන්න. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි. අඩුම ගානේ දැනුවත් වන්න. අනෙක් අයව දැනුවත් කරන්න. මේක අපගේ ජාතික වගකීමයි .ඉන්දික ඔබ සමග 200% එකඟයි. (නදී)
ජනාධිපති තුමා ඇතුළු මේ ආණ්ඩුව දැනට කරලා තියෙන දේ . මහින්ද මහතා , චන්ද්‍රිකා මැතිනිය අවුරුදු 22 ට නොකරපු දේවල් දින 100 ක් වගේ කෙටි කාලෙකින් ඔබ තුමා ලබා දුන්න දෙන්න කටයුතු කරගෙන යනවා , කාටද මේවා දෙන්නේ ? ඇයි මේවා දෙන්නේ ? තව මොනව නොදෙයිද ? මේවා චන්ද පොරොන්දු ද ? ප්‍රශ්නද පිලිතුරද පාටකයන්ට භාර කරමි (නදී)
සමීර කියන දේ ඇත්ත මේ ආපසු දෙන්නේ ඔවුන්ගේ ගත් ඉඩම් (නදී)
සමිරා - ඔයාට ගොඩාක් දේවල් ඉගෙනගන්න තියනවා වගේ. 1977 සිට තමයි මෙයාලා හොඳටම සංවිදානය උනේ. ඉතින් අපේ හිටපු මිනිස්සුන්ට සියලු දේපොළ අත හැරලා එන්න වුනා. ලංකාවේ අනිත් පළාත් වල දෙමල අයට නිදහසේ පදිංචි වෙලා ඉන්න පුළුවන්. නමුත් සිංහල අපිට උතුරේ එහෙම ඉන්න ඉඩ ලැබෙන්නේ නැහැ. තමන්ගේ රටේම කොන්වෙලා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මහා ජාතිය වන සිංහල අපිටයි. උතුරේ හමුදා ඉවත් කිරීම නොකළ යුතු දෙයක්. එහි ප්‍රතිපල ඉතා නුදුරේම දැක ගන්න පුළුවන්. (නදී)
අධි ආරක්ෂිත කලාප කියන්නෙ යුද්ධෙ තියෙද්දි හමුදා කඳවුරු අවට හිටපු මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල් ඉඩම් වලින් පදිංචිකාරයින්ව අයින් කරල ආණ්ඩුවට අයිතිකරගත්ත ඉඩම් වලට. දැන් යුද්ධෙ නැති නිසා කඳවුරු අවට ඉඩම් නැවත අයිතිකාරයින්ට දෙන්න බාධාවක් නෑනේ. මොකද අවශ්‍ය ඕනම වෙලාවක මේව නැවත පවරගන්න පුළුවන් නිසා. අපේ අය හුඟක් දෙනෙක් වරදවා වටහගෙනයි කියලයි මට හිතෙන්නෙ. උදාහරනෙකට ගත්තොත් බෙද්ධාලෝක මාවතත් අධිආරක්ෂිත කලාපයක් ඒ අවට තියෙන වැදගත් ස්ථාන හින්ද, ඒත් දැන් යුද්ධෙ නැති නිසා ඒවා අයින් කළා.(නදී)
මෙම ඉඩම් වල අයිතිය තියෙන්නේ මේ දමිල ජනතාවට යුද්දේ නිසා උන්හිටිතැන් අහිමි වෙච්ච මේ ජනතාගේ අයිතිය ලබාදීම කුමන රජයක් උනත් වගකීමක් මේ දේ මට උනානම් මම සිතන්නෙත් ඒ විදියට සමහර අය පවසන්නේ හැම දාම මේ ජනතාව අනාථ කඳවුරුවලට වෙලා ඉන්න කියලද රජය ක්‍රියා කරන විදිය හරි වෛරය ක්‍රෝධය තුලින් රටක සාමයක් ගොඩනැගෙන්නේ නැහැ හැමෝම කැමති තමන්ගේ සුපුරුදු ජීවිතය ගොඩනගාගන්න පරණ ගම්බිම්වල ගිහිල්ල කෘෂිකර්මාන්තේ යෙදිමින් දෛනික වැඩ ටික කරගෙන බලන්න මේ මිනිස්සුන්ගේ තිබෙන සතුට එයයි සැබෑ නිදහස සැවොම රට ගොඩ නගන්න එකතුවෙන්න ජාති බේද ඉවතලා.(බ)
යුද්දය දැන් ඉවරයි කියලා කවුරු හරි හිතා ඉන්නවා නම් , ඇයි කොටි සංවිධානය යුරෝපයේ තහනම් කළේ ගිය සුමානේ ? අපිට කියනවා හැමදේම දෙන්න කියලා නමුත් ඔවුන් තහනම් කළා . කොටි සංවිධානයේ අවදානම අපිටත් වඩා කලින් ඉන්දියාව හදුනා ගත්නිසා , දෙසැම්බර් 16 , 2014 , කොටි තහනම තව අවු 5 කට දීර්ඝ කළා ? ඇයි මේ ??? මතක තියා ගන්න , කොටි සංවිධානය යුදමය අතින් පරාද උනාට , ප්‍රතිපත්තිමය අතින් අද එදා ට වඩා ප්‍රබලයි . ඩයස්පෝරාව අද හොදින් සංවිධානය වෙලා කලින් වැරදිත් හදාගෙන ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරනවා යුරෝපය හරහා . දැන් එයාල හදන්න අවිහිංසා වාදය පෙරට දා ගෙන නෙල්සන් මැන්ඩෙලා හා මහත්මා ගාන්ධි යන නායකයින් අනුගමන කරපු ක්‍රම වන ආයුධ වලින් තොර ව යන්නයි . අවි ගත්තෝ අවියෙන් විනාශ කළ හැක , නමුත් පැනෙන් යුද්ද කරන අය කිසිවිටකත් විනාශ කළ නොහැකිය , ඔබ අප මේ අත්දකින්නේ ඒ ක්‍රියාදාමයයි , ද්‍රවිඩ ජනතාව අහිංසකයි , ඒ වගේම වඩාත් දුක් විදින්නේ ඔවුන් , නමුත් ඔවුන් බෙදුම්වාදීන් ගේ අතකොලු වී නිසා අද ඔවුනට ත් දුක් විදින්න වී ඇත. අද ඇත්තේ යු එන පි ශ්‍රී ලංකා ප්‍රස්නයක් නොවේ , ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයකි . කරුණාකර ඒ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න .(බ)
මෙවන් වේදිකාවක කෙටියෙන් හෝ කරුණු පැහැදිලි කිරීම ගැන මහානාම - කඳාන මහතාට ස්තුති කරමි. ඔහු කියන දේ තුළ පක්ෂ, පාට, ජාති, ආගම්, බේද නැති බව පැහැදිලිය. (බ)
මහත්වරුනි අධි ආරක්‍ෂිත කලාපයක සහ කඳවුරක වෙනස මුලින්ම තේරුම් ගන්න. අයෙමත් යුද්ධයක් අවොත් බයවෙන්න එපා කඳවුර වටේ තියන ඉඩම් ටික එක රජයෙන් පවර ගන්න පුළුවන්. එහෙම යුද්දයක් එයි කියල ඉඩම් වහගෙන තියාගෙන ඉන්නෙක මොන විදියකින් වත් සාදාරණ නැහැ එ්ක හරියට අායෙමත් ජේවීපී කලබල වෙන්න පුළුවන් කියල පනාගොඩ වටේට තියෙන ඉඩම් ටික වහගෙන ඉන්නවා වගේ (බ)
අද මේ රට යන විදිහට උතුරේ විතරක් නොවේ දකුණේත් අගලෙන් අගල පොලිසි හෝ හමුදා අනු කණ්ඩ පිහිටවිය යුතුයි . කොතරම් ආරක්ෂාව තිබුනත් කොටකෙතන තවමත් මිනීමැරුම් සිදුවේ . ඒ වගේම දකුණේ හැම තැනම හොරකම් සිදුවේ අද උතුර බේරිලා තියෙන්නේ මේ හමුදා හා පොලිසි නිසා . මොකද කිසිම කෙනෙකුට සංවිධානය ඉඩක් නැ, නමුත් පහුගිය වසරේ අවි ගත් තරුණ මංකොල්ල කණ්ඩායමක් උතුර හොල්ලපු බව මේ අයට අමතක ඇති . අමතක කරන්න එපා , එදා 1975 ඇල්ෆ්‍රඩ් දොරෙයප්ප්ව මරනකොට , මේ ප්‍රශ්නය මෙතරම් දුර දිග යයි කියලා හිතුවේ නැ . එහෙම හිතුවා නම් එදාම සියල්ල ශුද්ද කල හැකිව තිබුනා . මගේ පුද්ගලික මතය මේ බෙදුම් වාදය නිසා වැඩිපුරම බැට කන්නේ අහිංසක දුප්පත් ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවයි . මොකද මුදල ඇත්නම් එයාලත් කොළඹ හෝ පිට රට පදිංචියට යනවා . ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයකදී , අපේ අලුත් ජනාධිපති තුමාට දෝෂාබියෝගයක් වුවත් ගෙන ආ හැකිය (බ)
මේ පාලනයෙන් කරපු ...හොදම ගොන් වැඩේ.......ජයවේවා! (බ)
මහානාම මහතාට මගේ ප්‍රණාමය! ඔබ හොඳ බුද්ධියකින් අදහස් ප්‍රකාශ කරන්නේ. මෙහෙම හිතන එක මිනිහෙක් හරි ඉන්න එක ලොකු දෙයක්. (නි)
උතුරේ රජයට අයත් වෙනත් ඉඩම් ජනතාවට බෙදාදීමේ හැකියාවක් නැතුවාද? (නි)
මහානාම මහතා සමඟ එකඟවෙමි. ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිතන ආකාරයට කොටි ප්‍රශ්නය අවසන් වී නොමැත. එය ශ්‍රී ලංකාව තුළ සක්‍රිය මට්ටමක නොමැතිවුවද ලෝකයේ අනෙකුත් රටවල ඉතාමත් සක්‍රිය මට්ටමින් පවතී. යුරෝපා සංවිධානය, කොටි සංවිධානය තහනම් කළා පමණි. ඒ සඳහා කිසිදු පියවරක් නොගනී. ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ ශ්‍රී ලාංකිකයන් පමණි.නමුත් කොටි සංවිධානය සමඟ ලොව සිටින බලවත් රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන බහුලව සිටි. (නි)
මේ වගේ හිටපු සිංහල ජාතික මුල් හිමිකරුවන්ට මොකද වුනේ ? ඒ අයට අයිතිවාසිකම් නැද්ද ? (නදී)
යුද්ධයට පෙර උතුරේ සිංහල ජනතාවට අයිතිව තිබුණු ඉඩම් කොටි විසින් අත්පත්කරගත්තා. දැන් කාටද බෙදා දුන්නේ ? ඉඩම් ගැන මොනවද දැන් අලුත් ආණ්ඩුව කියන්නේ. (නදී)
ඉතාම හොද වැඩක්. අපි හැමෝම මිනිස්සු ! වේ වගේ දේවල් දිහා බලන්න ඕන මේ වගේ දෙයක් තමනට වුන නම් වෙන තත්වය ගැන හිතල !(ම)
බොහොම හොඳ වැඩක්. මිය ගිය රණ විරුවෝ මේ වැඩේට ආශිර්වාද කරනවාද ? (නදී)
දෙන්න, දෙන්න, දෙන තරමට තමයි ලැබෙන්නේ.(නදී)
ධම්මගේ කතාව සම්පුර්ණ ඇත්ත (නදී)
මේ මින්සුන්ට කොහෙන් හරි ඉඩමක් ලබාදිය යුතුයි. නමුත් මෙයාලා මේ අදි ආරක්ෂක කලාපයෙන්ම ඉඩම් ඉල්ලන්නේ ඇයි කියාලා ටිකක් සිතා බැලිය යුතුයි. ලෝකයේ කිසිම රටක හමුදා කදවුරු ලග මිනිසුන්ට පදිංචි වෙන්ඩ ඉඩ දෙන්නේ නැහැ. දැන් ඉන්න නායකයන් අන්දනවද කියාලා හිතෙනවා. මහවැලියට ඉඩම් යට උණා කියාලා මිනිසුන් ජලාශයෙන්ම ඉඩම් ඉල්ලුවේ නැහැ. අපි දන්නා තරමට මේ නියම අයිතිකාරයෝ වැඩි හරියක් ඉන්නේ පිටරට. මොවුන්ගේ සටන තවම ඉවර නැති බවත් හැමෝම උදේ හවස මතක් කරගන්නවා නම් හොඳයි (නදී)