IMG-LOGO

උත්තේජක මර්දන ආයතනයට නව සභාපතිවරයෙක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කෙරුණු ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා  අතින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පත්වීම් ලිපිය බාර ගත්තේය.

‘2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත III කොටස මගින් මෙම ආයතනය පිහිටුවා ඇත. 

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත්වීම් ලද ඔහු,  ක්‍රීඩා විද්‍යාව පිළිබඳ කියුබාවේ "මැනුවෙල් ෆජාර්ඩෝ" ජාත්‍යන්තර භෞතික, සංස්කෘතික හා ක්‍රීඩා විද්‍යා විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධියක් සහිතව ඉක්වදෝරයේ ක්විටෝ හි "ඩි'ෆර්නැන්ඩා" ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයෙහි පරිපාලන කළමනාකරුවකු වශයෙන් ද කලක් සේවය කර ඇති අතර ජාත්‍යන්තර බොක්සිං සංගමයෙහි (IBA) ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු වශයෙන් ද මේ දක්වා කටයුතු කර ඇත.



අදහස් (1)

උත්තේජක මර්දන ආයතනයට නව සභාපතිවරයෙක්

ලුම්බිණි Saturday, 24 May 2025 10:31 AM

කියුබාවේ තියෙන්නේ පුදුම විශ්ව විද්‍යාල.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site