(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
මුදල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 18 කට අධික බව පොලීසිය සඳහන් කරයි
විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ 3හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත
මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකි
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත බාරදී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් ගාවත් පොඩි ගානක් තියෙනවා. නිකන් තියාගෙන ඉන්නේ. ඒවත් අල්ලයිද දන්නේ නෑ.