
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වෛරස් උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසරේ හැර සෙසු වසර වල සිසු සිසුවියන්ගේ අධ්‍යන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට පමණක් සිදු කිරීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ.ජයන්ත මහතා පැවසීය.
උණ රෝග ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් පාලන අධිකාරිය රැස්වී එම තීරණය ගත් බවද ඒ මහතා කීය.
ඒ අනුව කෘෂි විද්‍යා පීඨයේ පලමු, දෙවන හා තෙවැනි වසර වල සිසු සිසුවියන්ට පමණක් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කෙරේ.
සිව් වැනි වසර හෙවත් අවසන් වසරේ සිසු සිසුවියන්ට සාමාන්‍ය පරිදි අධ්‍යන කටයුතු සිදු කර ගෙන යන බවද අනෙකුත් වසර වල සිසු සිසුවියන් විශ්ව විද්‍යාල නේවාසිකාගාර ආදියෙන් ඉවත් කිරීමක් සිදු නොකරන බවද එම විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.ඒ.ජයන්ත මහතා වැඩි දුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd