පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් එහි විහාරාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට නිකුත් කරන ලද කොන්දේසි සහිත නියෝගය නිසි ආකාරව ක්‍රියාත්මක කරන්නේදැයි යන්න ගැන කරුණු දැක්වීමට ලබන 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස් අමරසිංහ මහත්මිය කිරුළපොන පොලිස් ස්ථානාධිපතිට අද නොතීසි නිකුත් කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරු වූ උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී සිටිමින් සිය විරෝධතා අධිකරණය වෙත ඉදිරිපත් කළද ඒවාට ප්‍රති විරෝධතා ලබන 20 වැනිදා ගොනු කරන ලෙස මහේත්‍රාත්වරිය නියෝග කළාය.
ශබ්ද විකාශන යන්ත්‍රවලින් පිටවන අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මානසික සෞඛ්‍යයට ඇතිවන අහිතකර පීඩාව මැඩ පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනෙක් මෙම පෙත්සම ගොනු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රිද්ම, ඔය තත්පර ගාන ඔයාගේ නිදහස අවුරුදු ගානකට සීමා කරයි (නි)
හුඟක් පන්සල් වල ශබ්ද විකාශන යන්ත්‍ර වලින් නිතර ඇහෙන්නේ පිරිත්ම නොවෙයි. "ටෙස්ටින්..වන්...ටෙස්ටින්.. වන්" කියලයි. දැන් හැම පිරිතක්ම සීඩී, ඩීවීඩී මඟින් අහන්න පුළුවන්. එහෙව් එකේ මොකටද කන් බිහිරි කරවන තරම් හඬින් පිරිත් විකාශනය කරන්නේ? අපට නම් මේක තේරුම් ගන්න අමාරුයි. (නි)
පිරිත් ඇහෙනකොට ඉන්න බැරි අයත් ඉන්නවා, රිද්ම වගේ (නි)
අපේ ගමේ නිවාඩු නිකේතනයක අධික ශබ්දයකින් ගීත වාදනය කරනවා. හරිම කරදරයක්. පැමිණිලි කළාට වැඩක් නෑ වැඩේ යසට කරනවා. (බ)
මේවට ආත්ම ගණනාවක් වන්දි ගෙවන්න වෙනවා (නි)
මේ සියලුම දෙනා විරුද්ධ වෙන්නේ පන්සල් වල දාන ශබ්ද විකාශන වලට පමණයිද? (නි)
මෙතන බොහෝ අයට බණ දාන එක ගැටළුවක් වගේ. අනේ අපේ බෞද්ධ රටට ගිය කලක්! ඔය නඩුව දාපු අයට බස් වල නලා ශබ්දය මිහිරි ඇති නේද? නියම මිනිසෙක් නම් මුලින්ම නඩු දාන්න ඕනෑ එයට (නි)
පවතින නීතිය සියලු ජාතින් ආගම වලට අයත් සියලු දෙනාට සමාන වියයුතුය (නි)
පන්සලේ ශබ්ද විකාශන වලට විරුද්ධවෙන ගොඩක් දෙනා අනිත් ආගම් වලින් නිතිපතා කරන ශබ්ද විකාශන වලට විරුද්ධ වෙන්නේ නැහැ. එ්කයි කණගාටුව. සමහරවිට ඒවා කනට මිහිරි ඇති. (නි)
පිරිත් අැසෙනකොට නලියන්නේ අවාසනාවට. මේ පාලනය නිසා තමයි මේ සියල්ල. (නි)
උදේ හවා කොළඹ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඇහෙන බල්ලෙක් උඩුබුරුලන හඩ හොඳ ඇති පිරිත් සඤ්ඤායනාවට වඩා! (බ)
අපේ රටේ සිංහලයෝම නේද මේ විරුද්ධ වෙන්නේ. මුන් එකට ගෙනත් උල තියන්න ඕනේ.(බ)
සියලු ආකාරයේ ශබ්ද විකාශන තහනම් කළ යුතුයි. මේ පිස්සු එක්ක කොහොමද ළමයෙක් පොතක් පතක් වත් පාඩම් කර ගන්නේ. සියලු ආකාරයේ ආගමික සහ වෙනත් බලහත්කාරකම් තහනම් කළ යුතුයි. දියුණු රටවල නම් එහා ගෙදරට ඇහෙන්න රේඩියෝ එක වත් දාන්න දෙන්නේ නැහැ. (බ)
පිරිත් ඇසෙනවිට එය කර්ණකටෝර වන්නේ කාටද? පුදුම වෙන්න දෙයකුත් නැහැ, මෙලෙස පිරිත් සඳහා විරුද්ධවීම ගැන (නි)
මුලු රටේම විහාරස්ථාන වල ශබ්ද විකාශන යන්ත්‍ර තහනම් කරන දිනය අත ළඟය. මුස්ලිම් ජනතාව චිරාත් කාලයක සිට කරනු ලබන නමාස් වන්දනාව කිසිවෙකුටත් හිරිහැරයක් නැත. එය විනාඩි 15ක් පමණි. (නි)
හැමදාම බුදු දහමට වෙන්නේ අසාධාරණමයි. ස්වාමින් වහන්සේලා අත්අඩංගුවට නිතර ගන්න මේ රටේ, පිරිත් දේශනා වලට ඔහොම විරුද්ධ වුණු එක අහන්නත් දෙයක්ද? තව ටික කාලෙකින් පෝයට පන්සලේ රැස්වෙන එකත් තහනම් කරයි කුමන්ත්‍රණ කරනවා කියලා. බෝතලේට බත් එකට රැවටිලා ඡන්දෙ දෙන මිනිසුන්ට අන්තිමේට වෙන්නේ තමන් මොන අාගමේද කියලා කියන්න බය හිතෙන තහනම් වෙන පරිසරයක් තමන්ගේ දරුවන්ට දෙන්න වෙන එකයි (නි)
උදේ හවා පමණක් ඇහෙන හඬ අප ඉවසා සිටින්නේ අප බෞද්ධයින් නිසා. එහෙත් දවසේ වැඩි වෙලාවක් සහ පෝය දින පුරාවටම සමහර පන්සල්වල සිට ශබ්ද විකාශනවලින් විසුරුවා හරින හඬ අප බෞද්ධ බවින් ඈත් කරනවා. (බ)
අනේ ගොන් නුවන්, එක තප්පර ගාණයි තියෙන්නේ. මේක එහෙම නෙවෙයි බන්ඩ බැහැ කන්කරච්චලේ. (බ)