බලපත්‍රයක් නොමැතිව වල් අලි පැටවකු ලඟ තබා ගත්තැයි කියන හිටපු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියනට ලන්ඩනයේ පින්කමකට සහභාගී වීම සඳහා මහාධිකරණය අද අවසර දුන්නේය.
ගමන් බලපත්‍රය සැප්තැම්බර් 13 වැනිදා අධිකරණයට බාර දෙන ලෙස මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (30) නියෝග කළේය
කවුදෝ කෙනෙකු තමන් වැඩ සිටින පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ගේට්ටුව ලඟ අලි පැටියා දමා යන්නට ඇතැයි ද තමා එම පැටවා ඇති දැඩි කළැයි ද ධම්මාලෝක හිමියන් රහස් පොලිසියට කියා ඇත.
2010 වත්කම් හෙළි නොකළැයි එතෙර යාමට තහනම් කර සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුට සැප්තැම්බර් 09 වැනි දා නඩු දිනය තෙක් රටින් බැහැරව සිටිමට කොළඹ මහාධිකරණය අද (30) අවසර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බුද්ධාගම භාරව සිටින්නේ මේ භික්ෂූන්ය. දේශපාලනය භාරව සිටින්නේ ජොන්ස්ටන්ලාය. ආණ්ඩුවට අභීයෝග කරන්නේ මහින්ද රාජපක්ෂය.මේ සියලු දෙනා මාසයට වරක් එක් ඉරිදාවක පොලිසි ගොස් පොත අත්සන් කරති. මාසයට වරක් උසාවි යති. (බ)
රට ගියේ අලියා පිටේ නැගලා වෙන්න පුළුවනි.(හේ)
ලන්ඩනයට වඩිද්දී "ඇලන්,මතිනියාරාමය" ළඟ දාල ගිය අලියා බලාගන්න කෙක්කත් අරගෙන ද වඩින්නේ, එහෙම නොවුනොත් කෙක්ක තනිකරලා වැඩියා කියල තවත් නඩුවක් (බ)