(මනෝප්රිය ගුණසේකර)
උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරු වන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (24) තීරණය කළේය.
සොරකම් කළ අලි පැටවකු විහාරස්ථානයේ තබාගෙන සිටි බවට ඒ හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
රාජ්‍යතාන්ත්‍රික කටයුතු කිරීමට අවශ්‍ය බව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවශ්‍ය හෙයින් අද අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කළ දැනුම්දීම පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඈත ගම්බද හේන් ගොවියන් දිනපතා මුහුණ පාන අලි උවදුරට ඇති එක විසදුමක් නම්, උන් අල්වා හීලෑ කොට, හැකියාවක් ඇති අයට උන් ඇති කිරීමට අවසර දීම. මෙවැනි දෙයකට හරස් වන පරණ නීති ඇත්නම්, ඒවා කාලයට ගැලපෙන් පරිදි සංශෝදනය කල යුතුයි.
නාරද, ඒකට කල යුත්තේ අලින්ගේ භුමි අසල ඉන්න මිනිස්සුන්ව වෙනත් ජනාවාස සාදා ඒවායේ පදිංචි කිරීම. ඔබ කියන්නේ බල්ලෝ පුසෝ ඇතිකරනවා වගේ අලිත් ගෙදර තියාගන්න කියලද?
උඩුවේ හිමි අලින්ට හරිම ආදරෙයි. ඉතින් අලිපැටිය දෙන්න හදාගන්න. හාමුදුරුවන්ට හොද අදායමක් තිබෙන නිසා අලිපැටිය නඩත්තු කරන්න පුළුවන්.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පන්සලේ ඇතා ගැන හාමුදුරුවන්ට විරුද්දව සාක්කිදී සතර අපායෙන් මොන අපායට යන්නද. කොමිසමට ගොස් බැංකු කොල්ලය ගැන දන්නදෙයක් කියන්නකෝ එය ජාතියට කරනසේවයක් පන්සලක අලියෙක් ඉන්න එක බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණයක්. මිලියන ගණනක ගෙයක් තමන්ට නොමිලේ ලැබුනේ කොහොම කියා නොදන්නා මුදල් ඇමතිවරයෙක් සිටින රටක පන්සලක් ළඟ අලිපැටියෙක් සිටීම පුදුමයක් නොවෙයි. මේ ස්වාමින්වහන්සීට විරුද්දව කිසිවෙක් සාක්කි නොදෙන බව මට ෂුවර්ය.
"ඔබ කියන්නේ බල්ලෝ පුසෝ ඇතිකරනවා වගේ අලිත් ගෙදර තියාගන්න කියලද?" කන්න දෙන්න පුලුවනම් සාත්තු සප්ප්යම් කොරන්න පුලුවන්නම්, අලියෙකුට ඉන්න ඉඩකඩ තිබෙන වානම්. අලි එකෙක් නොවෙයි 10 තියා ගත්තාම ඔබට මොකෝ මට මොකෝ? ඉස්සර කලේ වලව් වල අලි කීපදෙනා සිටිය. ඔබගේ සීයා ගෙන් අහලා බලන්නකෝ.