පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිටපු මන්ත්‍රී හිමියන් ගේ නඩුව මහේස්ත්‍රාත් උසාවියේ අසනවාද එසේත් නැත්නම් මහාධිකරණයට යොමු කළ යුතුද යන්න ගැන උපදෙස් ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (17) රහස් පොලිසියට නියෝග කළේය.
බලපත්‍රයක් නැතිව අලි පැටවකු ඇති කළැයි කියන සිද්ධියක් මත නඩුව පැවරීමට යයි. මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට පැවසූයේ අලි පැටවාගේ වටිනාකම අනුව දඩයක් නියම කළහොත් එම දඩය මහේස්ත්‍රාත්වරයකුට නියම කළ හැකි දඩයේ සීමාව ඉක්මවා යා හැකි බවයි.
මහේස්ත්‍රාත්වරයා පැවසූයේ ධම්මාලෝක හිමියන් කළැයි කියන වරද පොදු දේපළ පනත යටතට ගැනෙන බවයි. ඒ අනුව නිශාන්ත පීරිස් මහතා පෙන්වා දුන්නේ අලියාගේ වටිනාකම රුපියල් ලක්ෂ 56ක් බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත් විසින් පැනවිය හැකි දඩයේ සීමාව උපරිමය ඉක්මවේ.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘උඩුවේ හිමිගේ නඩුවට නීතිපති උපදෙස් ඕනෑ‘
මංජු Thursday, 17 March 2016 09:46 PM
අන් අයගේ නිදසට වැට බැඳ දැන් එය ඔබ වහන්සේට පටිසන් දුන්නා නේද? (නි)
මිලින්ද Thursday, 17 March 2016 12:21 PM
අපි පැටියකු ළඟ තබා ගත්තා කියන එක වරදක් නොවේ.(හේ)
නිල්හාන් Friday, 18 March 2016 01:50 AM
වෙන කෙනෙක් බේරාගන්න බොරුවක් කළා නම්, බුද්ධාගම හෑල්ලු කළා නම් ඒවාට දඬුවම් කළයුතුය. එහෙම නැතුව නිදහස් කරනවා නම් හැම සිරකරුවෙක්ම නිදහස් කළයුතුය. සැමටම එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
තිලංග Friday, 18 March 2016 09:18 AM
මොනවා වුණත් ස්වාමින් වහන්සේලා නඩුහබ වලට පැටළෙන එක ගැන අපේ නම් ප්‍රසාදයක් නැහැ (නි)
ප්‍රියා Friday, 18 March 2016 03:07 AM
හාමුදුරුවන් කියල ඉතින් මාර්ග පල ලබල ම නැහැනේ. තාමත් තෘෂ්ණාව දුරුකරලා නැහැ. මේක අල්ලාගෙන භික්ෂු ශාෂනයටම අගවුරවය වෙන එක වැරදියි. මිනිසුන් මේ පිලිබදව හොද අවබෝදයෙන් ඉන්න ඕනේ. බන දේශනා කලාට ඒ දේශනාවේ පිහිටනවාම කියල හිතන්න බැහැ. (ර)