පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිටපු මන්ත්‍රී හිමියන් ගේ නඩුව මහේස්ත්‍රාත් උසාවියේ අසනවාද එසේත් නැත්නම් මහාධිකරණයට යොමු කළ යුතුද යන්න ගැන උපදෙස් ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (17) රහස් පොලිසියට නියෝග කළේය.
බලපත්‍රයක් නැතිව අලි පැටවකු ඇති කළැයි කියන සිද්ධියක් මත නඩුව පැවරීමට යයි. මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට පැවසූයේ අලි පැටවාගේ වටිනාකම අනුව දඩයක් නියම කළහොත් එම දඩය මහේස්ත්‍රාත්වරයකුට නියම කළ හැකි දඩයේ සීමාව ඉක්මවා යා හැකි බවයි.
මහේස්ත්‍රාත්වරයා පැවසූයේ ධම්මාලෝක හිමියන් කළැයි කියන වරද පොදු දේපළ පනත යටතට ගැනෙන බවයි. ඒ අනුව නිශාන්ත පීරිස් මහතා පෙන්වා දුන්නේ අලියාගේ වටිනාකම රුපියල් ලක්ෂ 56ක් බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත් විසින් පැනවිය හැකි දඩයේ සීමාව උපරිමය ඉක්මවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන් අයගේ නිදසට වැට බැඳ දැන් එය ඔබ වහන්සේට පටිසන් දුන්නා නේද? (නි)
අපි පැටියකු ළඟ තබා ගත්තා කියන එක වරදක් නොවේ.(හේ)
වෙන කෙනෙක් බේරාගන්න බොරුවක් කළා නම්, බුද්ධාගම හෑල්ලු කළා නම් ඒවාට දඬුවම් කළයුතුය. එහෙම නැතුව නිදහස් කරනවා නම් හැම සිරකරුවෙක්ම නිදහස් කළයුතුය. සැමටම එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
මොනවා වුණත් ස්වාමින් වහන්සේලා නඩුහබ වලට පැටළෙන එක ගැන අපේ නම් ප්‍රසාදයක් නැහැ (නි)
හාමුදුරුවන් කියල ඉතින් මාර්ග පල ලබල ම නැහැනේ. තාමත් තෘෂ්ණාව දුරුකරලා නැහැ. මේක අල්ලාගෙන භික්ෂු ශාෂනයටම අගවුරවය වෙන එක වැරදියි. මිනිසුන් මේ පිලිබදව හොද අවබෝදයෙන් ඉන්න ඕනේ. බන දේශනා කලාට ඒ දේශනාවේ පිහිටනවාම කියල හිතන්න බැහැ. (ර)