ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පොහොය නිමිත්තෙන් බෝධි පුජා පින්කමක් සහ ධර්මදේශනාවක් පැවැත්වීමට උඩුවේ ධම්මාලෝක හිමියෝ ලන්ඩන් වඩිති.
විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කැරෙන මෙම පිංකම ලබන 24 වන සෙනසුරාදා සවස 4.30 ට කින්ස්බරි මහා විද්‍යාල ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
පින්කමෙන් අනතුරුව සද්ධාතිස්ස විහාරස්ථානයේ දායකයින් විසින් සංවිධානය කර ඇති ආහාර දන්සලක්ද පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් බෞද්ධයන්ට දීර්ඝායු,සැප,බල,ප්‍රඥා නොඅඩුව ලැබේවා! (නි)
මිලානෝ රන්ජිත්, පිටිගල අයියේ, බෝධි පුජා පවත්වලා ඔබ කියනා සේ 'ප්‍රඥාව' දියුණු කරගන්නා ආකාරය කියලා දෙන්නකෝ. (නි)
උතුම් හිමිනමක්.... (නි)
නන්දන පනාගොඩ, මම රන්ජිත්. නැතුව පිටිගල මිලානෝ නෙමෙයි. මම ඉන්නේ ඉතාලියේත් නෙමෙයි. බෝධි පූජාවක් තියලා ප්‍රඥාව දියුණු කරගන්න බැහැ. හැබැයි එයින් ලැබෙන කුසලානිසංසයෙන් සැප, බල, ප්‍රඥා ලැබෙනවා කියලා බෞද්ධ අප විශ්වාස කරනවා. හැබැයි ඒ කරන දේවල් බුදුන් කෙරෙහි ඇති භක්තියෙන් කුහකකම් වලින් තොරව කරනවා නම් ඉහත සඳහන් දේ ලැබෙන්න බැරිකමකුත් නැහැ.ඔබ බෞද්ධයක් නම් අත්හදා බලන්න.මට නම් උපදිනකොටම ප්‍රඥාව මට ජීවත් වෙන්න අවශ්‍යදේට ප්‍රමාණවත් අන්දමින් පිහිටා තිබුනා. ඔබට ප්‍රඥාවේ අඩුපාඩුවක් දැනේ නම් භක්තියෙන් බුදුදහම තුළ උගන්වන කුසල ක්‍රියාවල යෙදෙන්න. දිනපතා භාවනා කරන්න. ප්‍රතිපල ලැබේවි. ඔබට සුභ වෙසඟක් වේවා! (නි)
බෝධීන් වහන්සේ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසට තමයි බෞද්ධ අපි සළකන්නේ. අකුසල කර්ම හේතුකොට ඇතිවන අපලයන් මඟ හරවාගෙන අපගේ සංසාරික කුසලානුකර්ම බලය මතුකර ගැනීමට බෝධි පූජා ඉවහල් වෙනවා.සැමට සුභ වෙසඟක් ! (නි)
රන්ජිත් පිටිගල අයියේ, බෝ වෘක්ෂයකට කිරි වලින්, ජලයෙන් සහ කවි වලින් පූජා පවත්වා 'කුසල්' රැස් කරන්න බැරි බවයි මගේ දැනීම. බුද්ධ දේශනාවේද කිසිම සුත්‍ර පදයක 'කුසල්' රැස් කිරීමට යටකී හේතුන්ද මඟක් යැයි දක්වා නැත. ඔබ කියා ඇති 'බෞද්ධ අප විශ්වාස කරනවා' යන්න නිවැරදි විය යුතුයි. ධර්මය 'ඒහිපස්සික' ලෙස ගතයුතු දෙයක් මිස විශ්වාසයෙන් ගත යුතු දෙයක් නොවේ. විශ්වාසය මත පදනම් වී ඇත්තේ ආගම්වාදී සංකල්පයන්ය. (නි)
බෝධි පූජාවක් කිරීමෙන් ලැබෙන දෙයක් අපට පෙනෙන්නේ නැති වුවත් බෝධි පූජාවෙන් ගුණයක් පිහිටක් ලැබෙන බව බෞද්ධයෙක් හැටියට'' මම විශ්වාස කරනවා". එයින් කුසල් රැස් කරගන්න බැරි වුණත් ආධ්‍යාත්මිකව අපට යම් සැනසීමක් මෙලොව වශයෙන් ලැබෙනවා. අපේ ජීවිත තැන්පත් බවට පත් වෙනවා. (නි)
මෙවන් කටයුතු තව තවත් ඉදිරියට කිරීමට හැකිවේවා! (නි)
බුදු රජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ පවා, පුද පූජා පැවැත්වීමට ආනන්ද බෝධිය රෝපණය කළා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා යනුවෙන් පූජා විදි දෙකක් බුදු දහමෙහි විස්තර වෙනවා. ප්‍රතිපත්ති පූජාව වගේම ආමිස පූජාවත් කුසල් රැස් කර ගැනීමට උදවු වෙනවා. දහමෙහි චිරස්තිතියටත් ආමිස පූජා උපකාරී වෙනවා. දහම හරියට නොදැන බක පණ්ඩිත අදහස් දැක්වීමට වඩා, ආමිස පූජාවකවත් යෙදෙනවානම් යහපත්. (දී)