ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ආරාධනාවෙන් ලන්ඩන් නුවරට වැඩමකර සිටින පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවූ බෝධිපුජාමය පිංකමක් පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්විණි.
උන්වහන්සේ ලන්ඩන් නුවරට වැඩමකළේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය මඟින් මෙම මස 16 වන ඉරුදින බ්‍රෙන්ට් නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති වෙසක් පොසොන් පිංකමට සහභාගීවීම උදෙසාය. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදොළුවාවේ සෝභිත නාහිමියෝද එම පිංකමට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.
බෝධිපුජා පිංකම ආරම්භයේ අනුශාසනාව පැවැත්වූ පියදස්සි නාහිමියන් පැවසුවේ ධම්මාලෝක හිමියන් ලන්ඩන් නුවරට වැඩමකර ඇතිබව ආරංචි වීමෙන් පසු විහාරස්ථානයේ දායක දායිකාවක් බොහෝ පිරිසක් උන්වහන්සේගේ බෝධිපුජා පිංකමක්
සුදානම් කරන ලෙසට තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවයි. 16 වන ඉරිදා පැවැත්වෙන වෙසක් පොසොන් පිංකමේදීද ධම්මාලෝක හිමියන් බෝධිපුජාවක් පැවැත්වීමය නියමිත වුවද එම පින්කමට පුර්වාරම්භයක් ලෙසට මෙම සති අන්තයේ බෝධිපුජාව කෙටි දැනුම්දීමකින් අනතුරුව සුදානම් කළ බවඋන්වහන්සේ පැවසුහ.
බ්‍රෙන්ට් නගරශාලාවෙදී 16 වන ඉරිදා සවස 4 සිට 10.30 දක්වා පැවැත්වෙන වෙසක් පොසොන් පිංකම සහභාගීවීමට කැමති සියලුමදෙනාට එදිනට පැමිණෙන ලෙසට ආරාධනා කරන බවත් උන්වහන්සේ පැවසුහ. එම පින්කමේදී සද්ධාතිස්ස
දහම් පාසලේ, නර්තන පන්තියේ සහ සංගීත පන්තියේ දරුදැරියන් සහ දෙමාපියන් ඉදිරිපත් කරන බෞද්ධ සංස්කෘතික සංදර්ශනයක් සහ භක්ති ගීත ගායනයක් ඉදිරිපත් කෙරේ.
සංස්කෘතික සංදර්ශනය ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට මහාචාර්ය මුදියන්සේ දිසානායක ලන්ඩනයට පැමිණ සිටී.
භක්තිගීත සංදර්ශනය ඉදිරිපත් කරන්නේ සංගීත විශාරද අර්චනා දිසානායක විසිනි.
එදින ප්‍රධාන දේශනය පවත්වන ලබනුයේ ඔක්ස්ෆර්ඩ්හි සාරා ෂෝ විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිල්වා ඒ මිනිස්සු පිටරටක ඉදන් එහෙම හරි අපේ ආගම අදහන එක ගැන සතුටු වෙන්න අගය කරන්න ඕනේ. මනස් ගාත අල්ලාගෙන ඒ කරන වැඩ වලට ගරහන්න එපා. අගය කරන්න පුරුදු වෙන්න.(නදී)
සිල්වා බුද්ධ දර්ශනයයි මේ වැඩයි අතරේ කිසිම සම්බන්දයක් නැහැ. ඔයා කලබල වෙන්න එපා.(නදී)
ගෞතම බුදුන්ට පස්ස හරවල වාඩිවෙලා ඉන්න ඒ අය බෞද්ධ වන්නේ කොහොමද ?(නදී)
හරියටම හරි සෙනෙවි මේවා දැක්කම හිනා නොවී ඉන්නේ කොහොමද ? මෙයාලගේ ඔක්කොම බොරු ශෝබන (අ)
උඩුවේ දම්මාලෝක කියන්නේ අර එලන්මෙතියාරාමයේ පන්සලේ අතිකරුද. (අ)
දිසා, වැස්සකටවත් පාසල් නොගිය කෙනෙක් වගේ පහත් භාෂාවෙන් කතා කරන්න එපා. (නි)
සිල්වා, මම ඔයාගේ කතාවට බොහොම එකගයි. ඔයා කියන කතාව බොහොම අගයකළ යුතුයි. අපට උගන්නලා තියෙන විදියට බුදු හාමුදුරුවන්ට පිටුපාලා වාඩි වෙන්නවත් හොද නැහැ (නි)
මනෝහරන් හීන් සැරෙන් නගන සයිරන් මනරන්.(නදී)
බලන්න ආසයි මටත් (නි)
මෙහි තිබෙන 4 වන පින්තුරයේ සියලුම දෙනා බුදු රදුන් හට පිටුපස හරවාගෙන සිටීම අනුමත කල නොහැක්කකි ...බුද්ධ පුත්‍රයන් සහ ගිහි අය මීට වඩා මොලය පාවිච්චි කර වැඩ කරන්න.(නදී)
කරුණාකර 4 වන පින්තුරය ඉවත් කරන්න. ස්තුතියි.(නදී)
අනේ හාමුදුරුවනේ ලන්ඩන් වල මොකටද බෝධිපූජා තියල,එහේ මිනිස්සු ඔය යසට ඉන්නේ! අනෙක මේරට නරක නිසානේ වැඩිය හොඳ රටකට ගිහින් ඉන්නේ දන්න දන්න හැම උප්පරවැට්ටයම දාල , මේ රටට වෙලා තියෙන දේ බලල, අනුකම්පා කරල මෙහේ හොඳ බෝධිපූජාවක් තියල මේ අපලේ දුරුකරන්නකෝ එතකොට දවසට දුසිමක් විතර මැරෙනවනේ බෞද්ධ රටේ. වැඩිය පින් ඒක (අ)
බුදු සමිදුට වදිනා දෑසේ කරුණා වයි. බුදු ගුණ වරුණ මුමුණන පද ඇසුනායි පොඩි දරුවන්ගේ මල් මල් පහන් සිතයි බැති බර සිතින් සද්ධා සද කිරණ දිලෙයි බුදු සමිදුට සද්ධා බැති හද පවන් ස ල යි පිට දේසෙක වසනා ඔබ සිංහල බුදු මෙත් මල් පහන් දරයි නිවනින් නිවෙන්නට පුද පුජා තව තවපුරුදු කරනුමැනේ.(නදී) .
උඩුවේ ලොක්කා මාසෙන් දවස් 25 යුරෝපෙනේ ඉන්නේ .... ලංකාවට එන්නේ 1 දාගෙන යන්නනේ ,සමහර දෙශපාලකයො වගේ අනේ අම්මප රටටයි ශාසනයටයි යන කලක මහත.(අ)
පාර්ලිමේන්තුවටත් වඩා එහෙ හොදයිද අපේ හාමුදුරුවනේ.(නදී)
අපේ උඩුවේ හාමුදුරුවන්ගේ මුහුණ දැක්කහම පේනවා කොච්චර හොඳ හිතක්ද තියෙන්නේ කියලා. කොච්චර ආදරෙන්ද මිනිස්සු එක්ක කතාකරන්නේ. (නි)
සුසිල් මිලානෝ, ඔය හාමුදුරුවෝ දේශපාලනෙට බැස්සේ නැත්නම් අදටත් මිනිස්සු ගරු කරනවා. දැන් කියන්න එපා සිවුරට ගරු කරන්න කියලා. මොකෝ සිවුර ඇදන් ඉන්න කෙනා තමයි සිවුරට පන දෙන්නේ. අනික ඇයි මේ ඉතාලියට ප්‍රංසේට එංගලන්තෙට අපේ අය මෙතරන් කෑදර.(නදී)
අරහේ පින්කම්, මෙහෙ පින්කම්, හැම තැනම පින්කම්. හැබැයි ඉතින් කිසිම සමගියක් නැහැ. බෙලි කැපිලි, ඉරිසියාකාරකම්, කුහකකම්, පුහු මාන්නේ, බොරු කීම තමයි ඇත්තට තියෙන්නේ. (නි)