පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමයේ අනවසර අලි පැටවකු ළඟ තබාගත්තැයි සැකපිට නඩුවකට මුහුණ දෙන උඩුවේ ධම්මාලෝක හිමියන් සැප්තැම්බර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා එතෙර යෑමට කළ ඉල්ලීම ගැන නීතිපති වාර්තාවක් ලබාගන්නැයි කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.
ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ පිංකමකට ඇරැයුම් ලැබී ඇති බව ඒ හිමියන්ගේ නීතිඥවරු උසාවියට දැන්වූහ.
නීතිපති වාර්තාව ලැබෙන තෙක් නඩුව අඟහරුවාදාට (30) කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන් වහන්සේ කිසිම වරදක් කර නැත..සතෙකුට හොදට කන්න බොන්න දීල ආදරෙන් බලාගන්න එක වරදක් වෙන්නේ කොහොමද? වද හිංසා දුන්න නම් වරදක්..(ම)
අනේ මෙයාට යන්න දෙන්න. (හේ)
උසාවි නඩු වැටෙනකොට අසනීප වෙනවා, රට යන්න ඕන වෙනවා... (ර)
අම්මගෙන් වෙන්කළ, රැලෙන් වෙන් කළ සතෙක්ට කන්න බොන්න දුන්නේ සතාට තිබ්බ කරුනාවටද, දඩයක කාරයන්ව තව තවත් උනන්දු කරවන්නද, වස්තුවට ලෞකික දේට තිබ්බ කෑදරමටද? (බ)