උඩුවේ ධම්මාලොක හිමි අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. මාදුළුවාවේ සොභිත හිමියන්ගේ අපවත් වීම සැක සහිතත බව කියමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම කට උත්තරයක් ලබා ගත් බව රහස් පොලිසි ආරංචි කියයි.
එහිදී ධම්මාලෝක හමියන් මාධ්‍ය හමුව් ප්‍රකාශ කළේ සොභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සාමාන්‍ය ඒවා නොවන බව නීති විශාරදයින් ප්‍රකාශ කළ බවත් එම කරුණු වගකීමකින් ඉදිරිපත් කළ බවත්ය.
'මාව විනාශ කරන එක නවත්තලා මේ ගැන සොයා බලන්න එක්වෙන්න' යැයි ධම්මාලෝක හිමියෝ පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු පව් වසා ගන්නට සහ ජනතාව අතරේ ප්‍රශ්න ඇති කර රජය අපහසු කිරීමටත් දරන උත්සහයක් , මොහු කියන දේ සත්‍ය දෙයක් නම් ඔහු ළඟ ඔප්පු කිරීමට කරුණු තිබිය යුතුය , නැතුව එකිනෙකා සිතනා සහ ඕපාදුප ඇසුරෙන් කතා කීම වැරදිය (බ)
ඔප්පු කරන්න දෙයක් නැතිනම් නිකරුනේ කියාවිද මේවා නොතේරෙන කඩේ යන අය ඉන්න එක කණගාටුවක් ඔබ වහන්සේට සියලු දෙවි රැක වරණ පතමි (රේ)
අලි මදිවට හරක් කථාවක්ද (බ)
උඩුවේ හිමි යනු තම පෙම්වතිය ලබා ගැන්ම සඳහා, ඇයගේ රෝගී සැමියාට ඉන්සියුලින් වැඩිපුර එන්නත් කර මරා දැමූ පුජක වරයෙක් නොවේ. (රේ)
බමුණු, දැන් හාමුදුරුවරු කී දෙනෙක් සිර කරාද? මෙයා අලි හොරකමකට. අනෙක් කෙනා උසාවියේ ඉතා අශෝබන ලෙස හැසිරීම. සිවුර දාගත්තම ඕන වැඩක් කරන්න දෙන්න කියලද කියන්නේ.(රේ)
සංඝයා වහන්සේලා අපවත් කරන්න ඉන්න පාලකයෝ හොදයි නේද වෙනස දැන් ඔන්න හෙළි වෙන්නේ (බ)
බුද්ධාගම විනාශ කරන්න දෙන්න නම් බැහැ. (බ)
මහින්දගේ ගෝලයෝ ටිකනේ මේ ඇවිල්ල ඉන්නේ. (බ)
මේ වගේ අය කියන කරන දේවල් අසා රටේ ජනතාවගේ වටිනා කාලය සහ ධනය විනාශ කිරීම ජාතික අපරාධයක්.මෙයා අලි පැටියාව හොරෙන් තියාගෙන ඉඳපු කතාව වෙන පැත්තකට යොමු කරන්න දඟලන දැඟලිල්ල පෙනෙන් නැද්ද. (බ)
බුද්ධාගම විනාශ කරන්න ප්‍රබල සැළසුමක් තිබේ. ඒවා එළිකරන හිමිවරුන්ට තර්ජන එන්නේ එබැවිනි. සමහරුන්ට නම් උඩුවේ හිමියන්ව පෙන්නන්න බැරි ඇති. (නි)
සත්‍ය ජය ගන්නවා හිමියනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.! (ර)
සමහර දුසිල් මහණුන් සියලු දේ අවභාවිතා කර, ලොව රවටා, ව්‍යාපාර මට්ටමෙන්ම බණ දෙසා, මධ්‍යම හා ඉහළ පැලැන්තියේ උවැසියන්ගේ සිත් පැහැරගෙන දුෂිතයන්ට හේත්තු වී වරදාන ලබගන්නවා. (නි)
ගැමුණු නමටත් කැතයි කියන්නේ එළාරගේ කතානේ (බ)
බමුණු මත ධාරීන්ට කිසිදාක යථාර්තය පිළිගන්වන්න බැහැ. රටේ නීතියක් කියා දෙයක් තියෙනවනේ. (බ)
මෙවැනි දේ ගැන කතා කිරීමට සිදුවීමත් බෞද්ධයන් වන අපේ අවාසනාවකි. ඔබවහන්සේට එල්ල වී ඇති චෝදනා වලින් ගැළවෙන්න මෙවැනි අභූත චෝදනා නඟන්න නම් එපා. ඔබවහන්සේ කව්ද කියලත් ජනතාව දන්නවා. අලි අමතකවෙලා යන්න තරම් මෝඩයෝ තවත් ලංකාවේ නැහැ (නි)
අලි හොරකම සමඟ බුද්ධාගම පටළවන්න එපා. (නි)
මේවට අදහස් දාන්නේ මේ රටේ මිනිස්සුද, නැත්නම් වෙන ලෝකෙකින් ආ මිනිස්සුද මන්දා. කොහොම වුණත් හාමුදුරුවනේ මේක කලින් කිව්වා නම් තමයි නේද හොඳ? අපිටත් මේවා සැකයි. (නි)
අලියා ගැන කියපු දේවල් සීඅයිඩීය පිළිගත්තා නම් සෝභිත හාමුදුරුවන්ගෙ අපවත්වීමත් ප්‍රශ්නයක් නොවේවි (නි)
අපේ හිතේ බුද්ධාගමට ඇති ගෞරවය නැතිකරන්න නම් එපා (නි)
විඳිමින් ඉන්න සුර සැප අහිමි වෙන්න යන එක ගැන කාටද දුක නැත්තේ. ඒ හින්දා සෑම් කියනවා වගේ අලි පැටියව අපට අමතක කරවන්න මොන මොනවා හරි කියන්නකෝ (නි)
පාරමිතා පෙරහරේ ධර්ම රාජ්‍යය සොයාගෙන පාර්ලිමේන්තු ගිහින් වවාගෙන කෑ අයනේ අපිට ඉන්නේ. (නි)
මනෝජ් පළමුව කියන්න මුන් වහන්සේ අලිපටියෙක් කොහෙන්ද හොරකම් කලේ? කවුද කීවේ මගේ අලිපැටිය හොරකම් කල කියල. හොරකම් කල කියලා කාගෙන් හරි පැමිණිල්ලක් තිබෙනවද? මේ කොහෙවත් ඉන්න අයටනේ අමරුව හැදිලා තිබෙන්නේ. මොකක්ද කරපු අසෝබන ක්‍රියාව. සිවුර දාගත්ත අය තමයි මේ සාසනය සහ සිංහල ජාතිය බෙර ගත්තේ නැතුව කලිසම් කොට ඇද ගත්ත අය නොවෙයි. (ර)
නුසුදුස්සන් ශාසනයෙන් එළවාදමා බුද්ධාගම පිරිසිදු කරගැනීම මහනායක හිමිවරුන්ගේ යුතුකමක්. උන්වහන්සේලා මුනිවත රැකීම නිසා දුස්ශීල සිවුරු දරන්නන් සිවුරට මුවාවී ශ්‍රී ලංකාවම විනාශ කරනවා (නි)
අපේ හාමුදුරුවනේ, එතන ගිහිල්ලා බොරු වදාරන්න නම් එපා, අර අලියව පන්සලේ දාලා ගියා වගේ. මුසාවාද කියලා සිවුරේ ගෞරවය නැති කරගන්න එපාෙ. අපිට නම් සංඝරත්නය වදාරන දේවල් ගැන දැන් එතරම් විශ්වාසයක් නැහැ (නි)
මනෝජ් වගේ අය තමා බුද්ද සාසනේ කන්නේ කණගාටුවෙන් හරි කියන්න සිද්ද වෙනවා. (ර)
බුද්ධ සාශනය ගැන දුකට පත්ව අදහස් දමන, බෞද්ධ නොවන ඇත්තන් ගැන ඇත්තේ පුදුමයකි.කෙසේ වෙතත් ඒ ඇත්තන්ට යහපතක්ම වේවා! (බ)
ගාමිණී,යථාර්තය හඳුනා නොගත් ඔබ,දමා ඇති අදහසින්,ඔබ සිටිනා තැන මනාව හඳුනා ගත හැක. (ර)
විශ්ව තවමත් කඩේ යනවද (බ)
ලංකාවේ ප්‍රගමනය වසර ගණනාවකින් ආපස්සට ගෙනයන්න තරම් බල තණ්හාවෙන් කටයුතු කරන්නන්ට ඒ ශාපයේම ගිලෙන්න වන බව දැනගත්තොත් හොඳයි (නි)
සිවුරට නිගා කරන්න නම් එපා. මේ වගේ වැඩ නිසා බුදුසසුන නැතිවෙලා යනවා (නි)
දේශපාලනීකරණය වූ සිවුරුදරන්නන්ට බුදුදහම රැකගත හැකිද? මෙය විශාල ගැටළුවකි (නි)
හාමුදුරුවන්ට මොන දෙයක් වෙලාද මේ හදිසියේ? අනේ අනේ! (නි)
සෝභිත හිමියන්ගේ අපවත් වීම සැක සහිතත බව ප්‍රකාශ කිරීමට මෙතරම් ප්‍රමාද කළේ තමන්ට නඩු පැවරෙන තෙක් බලාසිටි නිසාද .(බ)
මෙච්චර දවසක් ඕක හංගාගෙන හිටියේ ඇයි අර අලි පැටියාගේ සිද්ධිය වගේ? (නි)
ඔය පරීක්ෂණ කටයුතු අපක්ෂපාතිව සිදුවේද යන්න සැක සහිතය මන්ද පොලීසය යනු පවතින රජයේ රූකඩයකි . පෙර පැවති රජයේද මේ තත්වය දක්නට ලැබුන අතර පවතින රජයේද ඒලෙසම සිදුවේ (බ)
අනේ මන්දා හාමුදුරුවනේ, කරන දෙයක් එක වරක් නෙමෙයි, කිහිප වරක්ම හිතා කරන්න (නි)
සෑම්, හොඳට මතක තියාගන්න. මේ ඉන්නේ අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා. උදුවෙ හිමි ළඟ අඩුපාඩු ඇති. රහත්වෙලා නැහැනේ. අපි කවදාවත් අනිත් ආගම්වල පූජකතුමන්ලට අපහාස කරන්නේ නැහැ වගේම අපේ හාමුදුරුවරුන්ට අපහාස කරනවා බලාඉන්නෙත් නැහැ. (නි)
ඉතින් හාමුදුරුවනේ, ඔය කියන කරුණු ටික අපිට කියන්නේ නැත්තේ ඇයි? ගරු සෝම හිමියන්ගේ අපවත්වීම ගැනත් ඇත්ත එළිකරනවා කියලා ඔබ වහන්සේ ඒ දවස්වල කිව්වා. අපි තවමත් බලා ඉන්නවා (නි)
ඔබේ වහන්සේලා ශාසනය රැකගැනීමට දේශපාලනයෙන් ඉවත්වන්න. දේශපාලනය නිසා අද සිවුරට තිබෙන ගෞරවය නැතුව ගිහින්. ශාසනයට මෙවැනි විනාශයක් පෙර කවදාවත් වෙලා නැහැ. අද මේවා දකින අනාගත පරම්පරාව බස් එකක සීට් එකක් දෙන්නවත් නැගිටින එකක් නැහැ. ශාසනයට තිබෙන ආදරය නිසයි මේ කියන්නේ. (නි)
මාළුවා නහින්නෙත් කට හින්දයි කිවනේ ! (බ)
අවසරයි අපේ හාමුදුරුවනේ, තාජුඩීන්, එක්නැලිගොඩ, රවිරාජ් ඝාතන අබිරහස් එළියට එන්න කාලයක් ගතවුණේ එම ඝාතන කළ උදවිය බලයෙන් පහවෙන්න කාලයක් ගතවුණ නිසා. දැන් අපේ හාමුදුරුවෝ වදාරන්නේ මොකක්ද? (නි)
"මාව විනාශ කරන එක නවත්වලා මේක හොයන්න එක්වෙන්න" කතාව නම් මට ඇල්ලුවේ නැහැ. අලි කතාව වහන්න තව කතාවක් වගෙයි මට හිතෙන්නේ (නි)
මේවා දැන්ද කියන්නේ මුලදී ඕව කියන්න තිබුනනේ ඔබවහන්සේ ගැන අපට ඇත්ත කලකිරීමකි (බ)
මෙතන අදහස් දාලා තියෙන්නේ වැඩිපුරම කටු ලෙව කන කට්ටිය බව පේනවා. හොඳට මතක තියා ගන්න වටරැක විජිතයි සිවුරට නිග්‍රහ කරන්නේ. උඩුවේ හාමුදුරුවෝ නෙවෙයි. (බ)
කරුණාකර හාමුදුරුවරුන්ට දෙන දඬුවම නවත්වන්න. දැන් මේවා දැකලම ඇතිවෙලා.(බ)
ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ ප්‍රතිචාරය සැබවින්ම තර්කානුකූලයි. යහපාලනයටත් විපක්ෂයටත් කත් අදින්නේ නැති ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් පත්කළ යුතුයි, ඒ ගැන පරීක්ෂණයක් කරන්නට. හැබැයි සාක්ෂි විමසීමත් නිගමනයත් වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩදිය යුතුයි. (නි)
අපේ හාමුදුරුවනේ, ප්‍රවේශම් වෙන එක හොඳයි (නි)
මාදුළුවාවේ සෝභිත හිමියන් කියන්නේ අපේ රටට තිබුණු සම්පතක්. උන්වහන්සේ අපවත්වෙලා දැන් මාස 5ක්. මගේ ප්‍රශ්නය අපේ හාමුදුරුවන් මොකද මෙතරම් කාලයක් නිහඩව හිටියේ? (නි)
අපේ රට දැන් බෞද්ධ රටක් නෙමෙයිද? ඇයි මෙහෙම උතුම් සංඝයා වහන්සේලාට කරදර කරන්නේ? (නි)
විනාශකරන්න දෙයක් නැහැ හාමුදුරුවනේ. දැන් විහින්ම විනාශවෙලා ඉවරයි කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
මේ මිනිස්සු අලිපැටියෙක් ගැන කතා කොරනවා. පන්සලක අලිපැටියෙක් ගෙනල්ල හදා ගත්තට ඇති වැරැද්ද මොකක්ද? හොරෙන් ගත්ත හරි කැමැත්තෙන් ගත්ත හරි අලිපැටියට අසාධාරණයක් සිද්ද වෙලා නැහැනේ. කවදා හෝ ඔය අලිපැටිය ඔය පන්සලේම පෙරහරට දාතු කරඬුව ගෙනයාවී. දම්මාලෝක හාමුදුරුවෝ ගැන කතා කල සැනින් පටන් ගන්නේ අලිපැටියෙක් ගැන කතාව. හාමුදුරුවරු සිර කොරන එක ගැන කිසිම කතාවක් නැහැ. (රේ)
බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කතාවත් ඇත්ත කියල මුන්වහන්සේ එක බණක දේශනා කලා මමත් අහගෙන හිටිය. ඒක බුදුදහම විනාශ කිරීමක් නොවේද? (රේ)