නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමි රහස් පොලිසියෙන් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයට ගොස් අත්අඩංගුවට ගත් ඒ හිමියන් රහස් පොලිසියේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාසනෙත් ඉවරයි නීතිය නිසා. යහපාලනේ නාමෙන් බුද්ධාගම විනාශ කරනවා (බ)
බුදු හාමුදුරුවෝ දේශනා කළේ සියල්ල අත්හරින්න කියල, එ්ත් ගොඩක් අය කරන්නේ තවතවත් අල්ල ගැනීම, ඉතින් පුද්ගලයෙක් වසලයෙක් හෝ බමුණෙක් වන්නේ ක්‍රියාවෙන් , ඒ නිසා සිව්රු දරන හැමෝම උත්තරීතර වෙන්නේ නැ. ක්‍රියාවෙන් තමා මනින්න වෙන්නේ (බ)
යහපාලනය අාපු ගමන් ගොල් ෆේසයට ගෙනල්ල උල තියනවා කියපු අය කෝ දැන් (කැලණියේ දුටුගැමුණු.කොළඹ කුඩු රජා.කේ .පි. කරුණා.වේදිකා ගිනිබත් කරපු එවුන් ) ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ සාක්ෂි නැද්ද ? (බ)
අලි කැලෙන් අල්ලාගෙන ඇවිත් හොර උප්පැන්න හදල අලි විකනපු එකා කෝ දැන්.? ඌට නඩු නැද්ද ? (බ)
පහුගිය රාවය පත්තරේ බලන්න උඩුවේ ධම්මලෝක හිමි ගැන හොද ලිපියක් තියනවා 06 මාර්තු 2016 (බ)
තරාතිරම නොබලා හාමුදුරුවරු වුණත් වැරදි කරලා තියෙන බවට කරුණු ඇත්නම් මෙයාවත් ඇතුලට දාන එකයි ඇත්තේ .මෙය නේද ?කිවුවේ පන්සලට අලියෙක් දාලා ගිහින් කියලා (ම)
අලි වෙනුවට තමන්ගේ හිත රැකගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ නේ හාමුදුරුවනේ.....(කෞ)
අලි බොරු කිව්ව උඩුවේ හාමුදුරුවෝ අලි අමාරුවක වැටිලා නේද ? (ම)
හිතට දුකයි (බ)
ශ්‍රී ලංකාවේ නීතියට ගෞරව කරමි (බ)
අනේ මන්දා අපේ රට ගිය කලක්...! (නි)
හේමන්ත මහත්තයෝ ,අලි කැලේට ගොස් අල්ලන් අවේ නැහැ කියන එක අපි දන්නවා ,නමුත් සොරකම් කිරීමට වඩා බයානක වැඩේ සොර බඩු ලග තබා ගැනීම,මෙහි වරද ,(1) ලග තබා ගැනීම ,(2)අනුබලදීම ,(3)අදාල අංශයන්ට දැනුම් නොදීම , උන්නාන්සේ සුළුපටු කෙනකු නොව රටේ පිළිගත් උගත් යයි සිතන නිතිය දන්නා නිතිසම්පාදනය කරපු පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී කනෙක් අන්න එතන තමා ගැටලුව මේක තේරුම් ගන්න බැරි වීම කණගාටු දායක තත්වයක්. (ර)
ඇත්තට ම උන් වහන්සේලා කැලේ ගිහින් අලි අල්ලාගෙන අවේ නැහැ. අලි පැටියකු ළඟ තබා ගැනීම වරදක් කියක අපේ නීතියේ තිබුනද? අලි අල්ල ගෙන ඇවිත් විකුනපු අයටයි දඩුවම් දෙන්න ඕන. රටේ ආර්ථිකය බින්දුවට බැහැල, සංවර්ධනයක් ඇත්තෙම නැහැ, ඒවා පැත්තක තියලා භික්ෂුන්ට දඬුවම් දෙන එකයි කරන්නේ. අනේ රට ට ගිය කලක්! (බ)
බුද්දාගමට ඇතා හෝ අලියා කියන සතා බොහොම සමීපයි. එමනිසයි පන්සල්වල ඇතුන් සිටින්නේ. අනික ඔය සතා පනසලේ වැඩුන කාලේ මිනිසුන්ට අලි ඇතුන් තියා ගන්න බැහැ කියන කතාවක් තිබුනේ නැත එනිසයි හාමුදුරුවෝ එම සතා හදා ගත්තේ. ඉතින් එහෙම තියා ගන්න එපානම් එපා කියන කෙනා ඇවිත් අලියව අරගෙනයන්න. (ර)
ඔවැනි හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගෙන් පසුව ධර්මය වෙනුවෙන් පෙනී හිටියනම් මේ වෙනකොට බුද්ධ ධර්මයත් නැතිවෙලා ගිහින්. (බ)
මිලානෝ මිනිසුන් බල්ලෝ බළල්ලු හදන්නේ තන්හවටද ? හාමුදුරුවෝ අලියා හැදුවේ තන්හාවටද. දන්නා දෙයක් කතා කරන්න (බ)
ඔය කුඩා අලි පැටියාගේ ඇත් දළ දෙකෙන් උඩුවේ හාමුදුරුවෝ අල්ලාගෙන සජින් වාස්ට ඇත් දළ වැඩිලා තිබෙනවා පෙන්වන ෆොටෝ එකක් අන්තර්ජාලයේ තිබුන. (බ)
රෝහල්වල භික්ෂු වාට්ටු වෙන්කරලා තියෙනවා වගේ, සිරගෙවල්වලත් භික්ෂු කුටි වෙන්කරන්න වේවිද මන්ද මෙහෙම ගියොත්. නන්නත්තාරේ ගිහින් පන්සලට ඇතුල් වෙච්ච අලියා නිසා, පන්සලේ හාමුදුරුවන්ට ටික දවසකට හෝ පන්සල අහිමි වුනා.... (බ)
කමල්ගේ ගේ ගාවටයි හේමන්තගේ ගේ ගාවටයි අලි පැටියෙක් ගෙනත් දාන්න කවුරුවත් නැහැනේ (බ)
උන්වහන්සේට රිමාන්ඩ් භාරයට පත් නොවී ඇප ලැබීමට හැකි වේවා.! (බ)
මිනිස්සු වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා අලින්ට ඉන්න තැනක් නෑ. (ම)
අලි පැටියකු ළඟ තබා ගැනීම වරදක් කියක අපේ නීතියේ තිබුණා. එහෙම හදනවා නම් ලියාපදිංචි කරලා තියෙන්න ඕනෑ.(ම)
හේමන්ත, ඔබගේ කොමෙන්ට් එකෙන් ඔබ ගැන සියලු තොරතුරු තේරුම් ගන්න පුළුවන් (බ)
සමහරු හාමුදුරුවන්ට ඔයා මෙයා කියනවා බෞද්ධයෝ නම් වෙන්න බැහැ සිංහල නම් තිබුනට (බ)
නීතිය එලෙසින්ම ඉටුවීම හොඳයි. මීට වඩා දහම් දේශනා කරන සිල්වත් යතිවරු ලංකාවේ ඉන්නවා. මුන් වහන්සේ රාජපක්ෂලාට කඩේ යාම නිසා ලබාගත් නීති විරෝධී තුටු පඳුරුවලින් එකක් මේ. නීතිය නීතියක්ම විය යුතුයි. (බ)
අපේ ඡන්දය අරගෙන හොරුන් වෙනුවට බෞද්ධ භික්ෂුන් හිරේට දමන අන්‍ය ආගමිකයන්ට අපි පිළිතුරු දෙනවා (බ)
දරු කැක්කුමක් නැහැ ජාතියක් ආගමක් ගැන තැකීමක් නැහැ එහම අය බලයට ආවම ඔහොම තමා ඔබ වහන්සේට සම්බුදු සරණයි (බ)
මම නම් දකින්නේ කෙනෙක් නිසි ආකාරව අලියෙක්ව රැක බලා ගන්නවා නම් මොකක්ද තිබෙන ගැටලුව .දැන් ඔය පින්නවල ගිහින් දැම්ම කියල හරියට බලගනිවිද (බ)
කමල් ඔබගේ කතාව සම්පුර්ණ සත්‍යයක් (බ)
කෝකටත් කියල ගෙදර බිත්තියේ ගහල තිබුන අලියාගේ ෆොටෝ එක, මම ගලවලා දැම්මා. (බ)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තමයි. සරත් ෆොන්සේකාට බොරු චෝදනා ගෙනා කෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි (බ)
මොනවද මේ වෙන්නේ ! දුෂණය බිෂණය නැති කරන්න මොනවත් කරලා නැ. මේ අලි පැටවා සහ හාමුදුරුවන් අල්ලගන විකාර කරනවා . උදේ හවස පාතාලය රජ කරනවා ! රටේ යන යන තැන නාස්තිය දුෂණය ! ආර්ථිකය අගාධයේ ! කොටස් වෙළද පොළ හාන්සි ! දිනෙන් දිනම මේ ආණ්ඩුව පිරිහීමට පත්වෙනවා ජනතව අතර ! (බ)
පිස්සු හැදිලා මෙයාලා මොන තරම් වැඩ තියනවද කරන්න අපි ලොකු වයස අය නෙමෙයි එ්ත් අපිට තේරෙනවා මුන් කරන ගොන් වැඩ (බ)
මම මේ බලන ඉන්නේ අපේ ගෙදරට කවද්ද අලි පැටියෙක් ගෙනත් දන්නේ කියල..(බ)
මෙන්න තවත් යහපාලන වැඩසටහනක් .මේ දේවල් තමයි කරන්න ඕන නම්බුව බේරගන්න. වෙන මොනවා කරන්නද මල්ලියේ . (කෞ)
නඩුවට වියදම් කරන්න රු.10 බැගින් දෙන්න ඔය කෑගහන අයටත් දැන් පුළුවන්. (නි)
තමුන්ගේ නොහැකියාව වසන් කරගන්න අනුන්ගේ කුණු බලලා නම් වැඩක් නැහැ (නි)
පෙරහර වලට අනාගතයේ අලි හොයාගන්න බැරිවෙන හැඩයි. (නි)
සමහරු නගරයේ ඉඳලා වනයට ගිහින් වනය එලි කරලා සත්තුන්ගේ ප්‍රදේශ අල්ලාගෙන පදිංචි වෙන කාලයක් මේක. එ්ත් වනයේ ඉන්න අලියෙක් එහෙම ගමකට එවිත් ඉන්නකොට බලපත්‍ර නෙතිව උට කන්න බොන්න දීල බලාගත්තොත් ඒ කෙනාව අල්ලලා එතුලට දාන එකනම් මානුෂික නැහැ වගේ නේද?? (කෞ)
හිරේට ගියොත් ඉතින් බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෑතරම් කාලය තියෙයිනේ. අධික තණ්හාව තිබෙන චීවරධාරියෝ නිසා ශාසනය විනාශ වෙනවා කිව්ව බුදු වදන මතක්වෙනවා (නි)
ඕවා ඔහොම තමා. ඔබ වහන්සේට සම්බුදු සරණයි! (නි)
හක්කපටස් දාලා, විදුලිසැර වද්දලා, වෙඩි තියලා මේ අහිංසක සතුන් මරාදාන රටේ උන්වහන්සේ කරලා තියෙන්නේ ආදරයෙන් කන්න බොන්න දීලා අලි පැටවකු ඇති කිරීමයි. මේ රටේ අලියකු ඇති කළ එකම හිමිනමත් උන්වහන්සේ නොවෙයි. පන්සල් වල දේවාල වල ඉන්න අලිත් උන්ගේ පවුලේ අයගෙන් සහ ස්වභාව ධර්මයෙන් ඈත් කරලයි ඉන්නේ. මේ නීති හදන්නේ අලින්ගේ නිදහස ආරක්ෂා කරන්න නම් කිසිම අලියෙක් මනුස්ස වාසයේ ඉන්න බැහැ. අනේ මන්දා මේවට අදහස් දාන්නේ කොහොමද කියලා. (නි)
අලියෙක් කියන්නේ තිරිසන් සතෙක්. හාමුදුරුවෝ ඒ සතාව මරලා හැංගුවේ නැහැනේ. කන්න බොන්න දීලා ආදරෙන් බලාගත්තා. ඔයිට වඩා හරි ලස්සනට තරුණ කොල්ලෙක්ව හප්පලා ඔය ෂෝක් එකට අහවලා යහතින් ඉන්නේ. ඒවාට මොන නීතියක්වත් නැහැනේ. මේක තමයි අපේ සමහර කට්ටිය ඉල්ලපු යහපාලන බුමරංගය. (නි)
අපිට නම් ජාතිය ආගම ගැන කැක්කුමක් තිබෙනවා (නි)
'භික්ෂුත්වය' ට දියයුතු ගෞරවය සමඟින් අදහස් දැමීමට බොහෝ අයට නොහැකි වී ඇත. (නි)
මේවට තමයි අපි කියන්නේ ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියලා කපනවා කියලා (නි)
අනේ අපේ හාමුදුරුවනේ! (නි)
එක අලියෙක් ගැන මහා ලොකුවට කියනවා. අලි ජීවත්වන විල්පත්තු කෑලේ කපන අය අල්ලන කවුරුත් නැහැ. (නි)
පොල් වල බලය සමහරු දෙන දාන වලින් නවත්වන්න බැහැ කියලා හිතෙනවා මේවා දකිනකොට (නි)
ඕක තමයි යහපාලනය කියන්නේ (බ)
අලි පෑටිය රෑක ගත්තට වෑඩක් නෑ..ඒ සතාව හොරෙන් අරන් ආවනම්..ඈයි කියන්න බැරි අලි පැටියා ලෑබුන හරි විදිහ...බණ කිව්ව්ට ඒවා රකින්න හෑමෝටම බෑ..ඒකයි සමහර හාමුදුරුවහන්සේලා අපවත් වුනත් අපේ හදවතේ රෑදිලා ඉන්නෙ.. (බ)
අයියෝ (බ)
මෙවැනි බෞද්ධ හිමි නමකට වැරදක් කර ඇත්නම් ඉක්මනින් සමාදෙන්න .(හේ)
අලියෙක් බලා හදා ගැනීම මේ තරම් දරුණු වරදක් නම් මිනිහෙක් පැහැරගෙන ගොස් පහර දීම කොතරම් වරදක්ද (බ)
හාමුදුරුවෝ කියන්නේ සියළු දේ අත්හරින්න උත්සාහ කරන අයට (නි)
මම නම් කියන්නේ නිතිය කාට වුණත් එක විය යුතුයි.(ම)
අලි ජීවත් වෙන කැලය කපපු එවුන්ට මොකුත් කරන්නේ නැද්ද එතකොට? අලි බලාගනිපු අයටද මේ ඔක්කොම ?(ම)
කාසියටත් වාසියටත් දැන දැන වැරදි ලියනවා , එහෙම කරත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා (ම)
තණ්හාය ජායතී ශෝකෝ ,තණ්හාය ජායතී භයං ,තණ්හාය විප්ප මොත්තස්ස නත්ති සෝකෝ සුකෝ බයක්!(අ)
යහපලානේ දේශපාන වෛරය පතුරවනවා. ඔවුන්ට සිවුරත් කියල වෙනසක් නැහැ පළිගන්න තියනවා නම්. කොල්ලෝ වාහනේ හප්පපු එකා නිදැල්ලේ . අලි පැටියෙක් පන්සේලේ තියාගත්තා කියල හාමුදුරුවෝ හිරේ. ඉස්සරහට අපිට නුවර පෙරහැර කරන්න වෙන්නේ අලි ඇත්තු නැතුව. (අ)
මේ වෙනකොට අප රටේ තිබෙන දැවෙන ප්‍රශ්නය පන්සල්වල අලින් ඇතිකිරීම වෙන්ඩ ඇති . එම නිසා මේ ගැටලුව නිරාකරණය කරන්න රජය ප්‍රමුඛස්ථානයක් දෙනවා වෙන්ඩ ඇති. ආර්ථික හා පතල අපරාද වගේ දේවල් කොයි වෙලාවේ විසඳා ගන්න බැරිද. (අ)
හාමුදුරුවෝ හතර වැනි සිල් පදේ කැඩුව නිසා වෙන්න ඕන (ම)
රට පුරා දහම් දෙසමින්, සමාජය දැහැමි මගට ගැනීමට කැප වූ උඩුවේ හිමිපානන්ද ? (ම)
උන්වහන්සේ අහිංසක කෙනෙක් , අලි පැටියා නේද පන්සලට ඇවිත් ඉන්නේ ? මොකද කරන්න කියන්නේ ? (ම)
කිරි දෙමින් සිටින ඇතුන් මරණ වනසතුන්ගේ වාස භූමි අත්පත්කරගෙන උන් මරාදමන අය නිදැල්ලේ .(කෞ)
බල්ලො බළල්ලු වගේ අලි පැටව් අතහැරලා යන රටක ඕකත් වරදක්ද? (නි)
දාලා ගිය අනාත අලියට කන්න බොන්න දුන්න හාමුදුරුවෝ හිරේ, සුදු වෑන් වලින් මිනිස්සු උස්සපු අය ගෙවල් වල. පුදුම ලෝකයක්.(කෞ)