
(සමන් පාලිත නානායක්කාර, ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය බදුල්ල බණ්ඩාරවෙල අතර කිරි මණ්ඩලය ආසන්න ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .
කෙසේ වෙතත් මේ වන විට මාර්ගය අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දන්වයි.
මේ අතර පස්සර බිබිල මාර්ගයේ 187 කනුව ප්‍රදේශයේදී ද පස්කදු කඩා වැටී ඇති අතර එම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ඇති බවද අවශ්‍ය ඕනෑම අවස්ථාවක යොදාගැනීමට හැකිවන පරිදි පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පරිදි බැකෝ යන්ත්‍ර දෙකක් රඳවා ඇති බව ද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර නුවරඑළිය ගලාගම හරහා වැලිමඩ මාර්ගයට කාර්රවුම ප්‍රදේශයේදී විශාල ගල් පෙරලීම නිසා මේ වනවිට එම ස්ථානයෙන් ගමන් කළ හැකි වන්නේ කුඩා වහන වලට පමණක් බවද අඹගස්දෝව පොලිසිය පැවසීය.
එම ස්ථානයේ සිටි අවදානම් නිවසක පදිංචිකරුවන්ද තාවකාලිකව ඉවත් කර තිබෙන බව ආපදා අංශ සඳහන් කළේය.
(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd