
( ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
දුම්රිය මාර්ගයට විශාල ගස් කඩා වැටී තිබෙන බව දුර දී දැක ඇති බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය රියදුරු ධාවනය වෙමින් තිබූ දුම්රිය නවතා ගෙන විශාල අනතුරක් වලකාගත් බවද එම දුම්රියේ ගමන් ගත් මගීහූ පැවසූහ .
ඔහිය ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පවතින අධික සුලං තත්ත්වයත් සමග අද (19) උදෑසන මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ට විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් එම විශාල ටර්පන්ටයින් ගස් කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
COMMENTS