
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රග්‍රාමි දුම්රිය පිලීපැනිමට ලක් වීමෙන් අඩාලව පැවති බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (15) පෙරවරුවේ සිට යථා තත්ත්වය ට පත්කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මේ අනුව අද (15) අලුයම 5.45 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය පෙරවරු 7.33 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ බවද එහි ප්‍රකාශයකු කීය .
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අනෙකුන් දුම්රිය න් සාමාන්‍ය පරදි ධාවනය වන බවත් , ඊයේ (14) රාත්‍රි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය අද (15) උදෑසන බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කරවන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට