(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් අඩාල වූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (15) අලුයම සිට යලි සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
පවතින අධික වර්ෂාවත් සමඟ ඊයේ (14) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ .
පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ පැවති වර්ෂාවත් ශීතල ද නොතකා දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස්කන්ද මහත්වෙහෙසක් දරා ඉවත් කර උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය යලි යථා තත්වයට පත් කල බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd