(යොහාන් භාසුර)

උඩරට හා උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය අඩාල වීම මත එම මාර්ග ආශ්‍රිත දුම්රිය ස්ථානවල සේවය කරන සේවකයන්ට අතිකාල අහිමි වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්වශක්ති සංගමය රජයෙන් ලිඛිතව ඉල්ලා සිටියි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

දිට්වා සුළි කුණාටුවත් සමග රඹුක්කන සිට අඹේවෙල දක්වා දුම්රිය මාර්ගය හානි වී දුම්රිය ධාවනය අඩාල වී තිබීමත් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට කන්කසන්තුරේ දක්වා මාර්ගය නවීකරණයන් හේතුවෙන් වසා දමා තිබීමත් මත එම මාර්ගවල සේවය කරන දුම්රිය සේවකයන්ට අතිකාල දීමනා අහිමි වී මාසික වැටුපෙන් පමණක් ජීවන වියදම දැරීමට සිදුව තිබෙන බව ද එම්.ජේ රොබට්ස් මහතා එම ලිපියෙන් සදහන් කර තිබේ.

ඔවුන් සදහා අවම වශයෙන් මාස තුනක හෝ ණය සහනයක් දෙන්නැයි ඉල්ලා සිටියි.