මනෝ භ්‍රමිත මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මීතයිල්නෙඩියොක්සි-මෙතන්පෙතමයින් (එම්ඩීඑම්ඒ), ලිසර්ජික් ඇසිඩ් ඩයතලමයිඩ් පෙති 200ක් පමණ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකින් අත්අඩංගුවට ගත් පොලිසිය පෙත්තක් රුපියල් 2500 හා 3500 ගණනේ අලෙවි කළැයි කියන තිදෙනෙක් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොළඹ ප්‍රධාන පෙළේ රෙදි සාප්පුවක හිමිකරු බව කියන දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් ද කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් ද අත්අඩංගුවට ගත් තිදෙනා අතර වෙති.
පාපන්දු පුහුණුකරුවකු බව කියන පුද්ගලයෙක් ද රාත්‍රී සමාජ ශාලා නර්තන ශිල්පීන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන මුදාහළ බව පොලිසිය කියයි.
මෙම මත්පෙති භාවිත කරන්නන්ගේ මනස විකෘති වී නොයෙකුත් විකාර කරන්නන් බවට පත්වෙතියි වෛද්‍යවරු කියති. මොළයටද ඒවායින් දැඩි හානි සිදුවන බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ හැදෙන ලංකාවේ ළමයින් නම් හන්දියක් ගානේ බෝපැල ඇති උදේ සිට රෑ වෙනකල් පිරිත් ඇසෙන ලංකාවේ හැදෙන 'උඩුකුරුඥන් ළමයි වගේ නම් නෙවෙයි. ඒ අය මානුෂික ගුණාංග වලින් පොහොසත්. රටකට ගිය කල? (බ)
හලෝ ,පිටිගල මමත් ඉන්නේ ඉතාලි ගරිබල්දී පළාතේ ඔයා එක්කෝ සිංහල බාසාව දන්නේ නැහැ .එහෙම නැත්නම් ඔයාට ඉතාලිය ගැන කිසි අවබෝධයක් නැහැමොකද ඔයා මුළු ලංකාවේම ළමයින්ට චෝදනා කරනවා .(බ)
කොහොම වුණත්, මත්ද්‍රව්‍යට විරුද්ධව ගෙනයන සටන ප්‍රශංසනීයයි. මෙහි ජවය තවත් වැඩිකළ යුතුයි. මෙය නතරකරන්න කටයුතු කරන තරම් තවත් පින්කමක් නැහැ (නි)
ගජබා ඔයාට තරහ ගිය හේතුව ඔයත් ළමයව ලංකාවේ තනි කරලා මෙහෙ පුර්ණ කාලීනව යුරෝ දඩයමේ යෙදෙන්නෙක් නිසාද? පිටරටින් දහස් ගණන් මුදල් අතට එන ලංකාවේ මෙවන් ළමයි ගැන ඔබ අසා නැද්ද? කරුණාකර ළමයා තමුන් ළඟට ගෙන්වාගෙන හොඳ ඉතාලි ඉස්කෝලෙකට දාලා උගතෙක් කරන්න. (බ)