මනෝ භ්‍රමිත මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මීතයිල්නෙඩියොක්සි-මෙතන්පෙතමයින් (එම්ඩීඑම්ඒ), ලිසර්ජික් ඇසිඩ් ඩයතලමයිඩ් පෙති 200ක් පමණ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකින් අත්අඩංගුවට ගත් පොලිසිය පෙත්තක් රුපියල් 2500 හා 3500 ගණනේ අලෙවි කළැයි කියන තිදෙනෙක් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොළඹ ප්‍රධාන පෙළේ රෙදි සාප්පුවක හිමිකරු බව කියන දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් ද කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් ද අත්අඩංගුවට ගත් තිදෙනා අතර වෙති.
පාපන්දු පුහුණුකරුවකු බව කියන පුද්ගලයෙක් ද රාත්‍රී සමාජ ශාලා නර්තන ශිල්පීන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන මුදාහළ බව පොලිසිය කියයි.
මෙම මත්පෙති භාවිත කරන්නන්ගේ මනස විකෘති වී නොයෙකුත් විකාර කරන්නන් බවට පත්වෙතියි වෛද්‍යවරු කියති. මොළයටද ඒවායින් දැඩි හානි සිදුවන බව කියති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.