1911දී සිදුවූ භූ කම්පාවක් සහ නාය යෑමක් හේතුවෙන් විනාශ වුණු පරිසර තත්ත්ව ආරක්ෂා කරන්නට මෙන් ස්වභාව ධර්මය පෑ අපූරුතාවක් මෙලෙස සටහන් වෙනවා. එම භූ කම්පාවත් නායයෑමත් සමග විනාශ වුණු ගස් අදටත් දිය යට වැඩෙනවා. එහි කඳන් ජලයෙන් මතුපිටට විත් වාතාශ්‍රය උරාගන්නවා. මේ සිදුවීම වාර්තාවන්නේ කසකස්ථානයේ වැවකිනුයි. සියවසකට පසුවත් ගස් කඳන් ජලයෙන් ඉහලට එසවී කෙළින් පවතින අතර, ජලය ඉතාමත් සීතලෙන් යුක්ත වෙනවා. එම සීතල නිසා දිය යට ඇති ගස් අතු තවමත් සීතලෙන් ගල්වී තිබෙනවා. මෙය ස්වභාව ධර්මය විසින් විනාශයක්, ඉතා අලංකාර පරිසර තත්ත්වයක් බවට පත්කළ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd