IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උගුඩුවාටත් තානාපති වරප්‍රසාද

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ගේ ජෙෆර්සන් මන්දිරයේ සොල්දරයෙන් ඇසුණු අමුතු ශබ්දය ගැන ආරක්ෂකයන් විමසිලිමත් වුණාලු. ලිබියාවේ බෙංගාස් නුවරදී ත්‍රස්තවාදීන් ඇමරිකා තානාපති නිවසට පැන තානාපති ඝාතනය කිරීමෙන් පසු ලොව පුරා ආරක්ෂාව දහදොළොස් ගුණයකින් වැඩි කර තිබිණි.

ජෙෆර්සන් මැදුරේ සද්ද බද්ද කරන ත්‍රස්තවාදියා කවුදැයි සොයාගැනීමට ලෙහෙසියෙන් නොහැකි විය.

තානාපති අතුල් කෙෂැප් සිය ට්විටර් ගිණුමෙහි මෙසේ ලියා ඇත.

‘කිසිම බද්දක් නොගෙවා මගේ නිවසේ සොල්දරයේ සිටින උගුඩුවාට වඩාත් හොඳ තැනක් ලබාදීමට පියවර ගන්නවා.‘

නිශාචරයකු වන මේ උගුඩුවා තානාපති වරප්‍රසාද යටතේ ජනශුන්‍ය පෙදෙසකට මුදා හැරිණි. උගුඩුවාගේ සරණාගත ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කළාද නැත්නම් පිළිගත්තාදැයි දැනගන්නට නැත.

 



අදහස් (0)

උගුඩුවාටත් තානාපති වරප්‍රසාද

මහින්ද Tuesday, 19 January 2016 11:41 AM

සංජයගේ නියම කතාව. (ර)

:       0       0

දිනේෂ් Tuesday, 26 January 2016 02:07 AM

උගුඩුවා එන් ජී ඕ කාරයෙක් වෙන්න ඇති, තානාපති සැළකිල්ලක් දුන්නේ. (නි)

:       0       0

රුචිර Monday, 18 January 2016 11:41 AM

අපේ රටේ තමයි වෙලා තියන්න්නේ. (ර)

:       0       0

රිචි බාලසුරිය Monday, 18 January 2016 12:18 PM

පසුගිය රජයෙන් සිදුවූ ක්‍රමයම මිතුරන් පිනවීමට පවුලේ අය සැනසිමට තානාපති වරප්‍රසාද ලබා දෙන ක්‍රමය මෙම රජයෙන්ද එලෙසෙම අඩුවක් නොමැතිව සිදුවේ , අප රජයක් වෙනස් කර බලා පොරොත්තු වුනේ වෙනසක් , එහෙත් වෙනසක් නොදකිමි , සියල්ල පරණ ක්‍රමයටම සිදුවේ (බ)

:       0       0

මහින්ද සෞදි Monday, 18 January 2016 06:44 AM

ඔය සිද්ධිය අපේ රටේ වුණානම් උගුඩුවා වෙනුවෙන් මානව හිමිකම් යන අයත් ඉන්නවා. (බ)

:       0       0

විදානගේ Tuesday, 19 January 2016 01:54 PM

අපි දන්නා විදියට සරණාගතයිනුත් තානාපති කාර්යාලවල රැකියා කරනවා. පැරිසියේ රියදුරෙකුත් ඉන්නවා .නම ගම ඕනෙද ? (බ)

:       0       0

නිශාන්ත Monday, 18 January 2016 03:23 AM

පවු අහිංසක සතා! (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Tuesday, 19 January 2016 04:40 PM

කිසිම බද්දක් නැතුව මගේ ගෙදර උගුඩුවො, කුරුල්ලෝ, ලේනුන් පදිංචිවෙලා. නිවාඩුවට ගෙදර ගියාම දවස් දෙකක් විතර පිරිසිදු කරන්න ඕනෑ. ඒත් අහිංසක සතුන්ට හිරිහැර කරන්න හිත දෙන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Tuesday, 19 January 2016 04:34 PM

කිසිම බද්දක් නැතිව මගේ ගෙදර උගුඩුවො කුරුල්ලෝ ලේනුන් පදිංචිවෙලා. නිවාඩුවට ගෙදර ගියාම දවස් දෙකක් විතර පිරිසිදු කරන්න ඕනේ. ඒත් අහිංසක සත්තුන්ට හිරිහැර කරන්න හිත දෙන්නේ නෑ. (ර)

:       0       0

සංජය Tuesday, 19 January 2016 06:25 AM

අපේ රටේ උගුඩුවෝ කී දෙනෙක් නම් තානාපති වරප්‍රසාද භුක්ති විඳිනවද ? (බ)

:       0       0

අමා Wednesday, 20 January 2016 06:30 AM

කොහොමත් අපේ රටේ උගුඩුවො බදු ගෙවන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site