ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ගේ ජෙෆර්සන් මන්දිරයේ සොල්දරයෙන් ඇසුණු අමුතු ශබ්දය ගැන ආරක්ෂකයන් විමසිලිමත් වුණාලු. ලිබියාවේ බෙංගාස් නුවරදී ත්‍රස්තවාදීන් ඇමරිකා තානාපති නිවසට පැන තානාපති ඝාතනය කිරීමෙන් පසු ලොව පුරා ආරක්ෂාව දහදොළොස් ගුණයකින් වැඩි කර තිබිණි.
ජෙෆර්සන් මැදුරේ සද්ද බද්ද කරන ත්‍රස්තවාදියා කවුදැයි සොයාගැනීමට ලෙහෙසියෙන් නොහැකි විය.
තානාපති අතුල් කෙෂැප් සිය ට්විටර් ගිණුමෙහි මෙසේ ලියා ඇත.
‘කිසිම බද්දක් නොගෙවා මගේ නිවසේ සොල්දරයේ සිටින උගුඩුවාට වඩාත් හොඳ තැනක් ලබාදීමට පියවර ගන්නවා.‘
නිශාචරයකු වන මේ උගුඩුවා තානාපති වරප්‍රසාද යටතේ ජනශුන්‍ය පෙදෙසකට මුදා හැරිණි. උගුඩුවාගේ සරණාගත ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කළාද නැත්නම් පිළිගත්තාදැයි දැනගන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජයගේ නියම කතාව. (ර)
උගුඩුවා එන් ජී ඕ කාරයෙක් වෙන්න ඇති, තානාපති සැළකිල්ලක් දුන්නේ. (නි)
අපේ රටේ තමයි වෙලා තියන්න්නේ. (ර)
පසුගිය රජයෙන් සිදුවූ ක්‍රමයම මිතුරන් පිනවීමට පවුලේ අය සැනසිමට තානාපති වරප්‍රසාද ලබා දෙන ක්‍රමය මෙම රජයෙන්ද එලෙසෙම අඩුවක් නොමැතිව සිදුවේ , අප රජයක් වෙනස් කර බලා පොරොත්තු වුනේ වෙනසක් , එහෙත් වෙනසක් නොදකිමි , සියල්ල පරණ ක්‍රමයටම සිදුවේ (බ)
ඔය සිද්ධිය අපේ රටේ වුණානම් උගුඩුවා වෙනුවෙන් මානව හිමිකම් යන අයත් ඉන්නවා. (බ)
අපි දන්නා විදියට සරණාගතයිනුත් තානාපති කාර්යාලවල රැකියා කරනවා. පැරිසියේ රියදුරෙකුත් ඉන්නවා .නම ගම ඕනෙද ? (බ)
පවු අහිංසක සතා! (නි)
කිසිම බද්දක් නැතුව මගේ ගෙදර උගුඩුවො, කුරුල්ලෝ, ලේනුන් පදිංචිවෙලා. නිවාඩුවට ගෙදර ගියාම දවස් දෙකක් විතර පිරිසිදු කරන්න ඕනෑ. ඒත් අහිංසක සතුන්ට හිරිහැර කරන්න හිත දෙන්නේ නැහැ. (නි)
කිසිම බද්දක් නැතිව මගේ ගෙදර උගුඩුවො කුරුල්ලෝ ලේනුන් පදිංචිවෙලා. නිවාඩුවට ගෙදර ගියාම දවස් දෙකක් විතර පිරිසිදු කරන්න ඕනේ. ඒත් අහිංසක සත්තුන්ට හිරිහැර කරන්න හිත දෙන්නේ නෑ. (ර)
අපේ රටේ උගුඩුවෝ කී දෙනෙක් නම් තානාපති වරප්‍රසාද භුක්ති විඳිනවද ? (බ)
කොහොමත් අපේ රටේ උගුඩුවො බදු ගෙවන්නේ නැහැ. (නි)