ඇතැම් පිරිස් , ඇතැම් සංවිධාන ඊළමක් ඉල්ලනවා, රට බෙදන්න කියනවා. දෙමළ ජාතික සංධානයත් ඊට උදව් කරනවා. දෙමළ ඩයස් පෝරාවත් රටින් කෑල්ලක් කඩා ගන්න හදනවා. ඒ ඊළාම් ඉල්ලීම් නතර කළොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මුලින්ම කැමති වෙන පුද්ගලයා මමයි. නිකන් කතා කරන බොහෝ දෙනා අකමැති බව මා දන්නවා. මෑතදී ඊළමට ආවඩන ඩයස්පෝරාවේ බ්‍රිතාන්‍යය, ඇමරිකාව හා යුරෝපයේ සිටින කණ්ඩායම් වෙනම රාජ්‍යයක් සඳහා පිඹුරුපත් හැදූ බව ආරංචියි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ඔවුන් හමුවීමට ගිහින් ආ බව ආරංචියි.
‘‘ඊළමක් හෙවත් වෙනම රාජ්‍යයක් අපි ඉල්ලන්නේ නැහැ. උතුරේ ඇතැම් පිරිස් ඊළමක් ඉල්ලනවා. ඊළමක් ඉල්ලීම නතර කළහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සලකා බැලිය හැකියි.” ජනපති පිළිගැනීමට මහ සෙනගක් පැමිණ සිටියහ. අඩු ගණනේ 20,000 ක් පමණ ප්‍රධාන උත්සවයට පැමිණි බව වාර්තාවේ.‘‘ඊළම දෙන්නෙත් නැහැ. රට බෙදන්න දෙන්නෙත් නැහැ.”
යුද්දයෙන් අවතැන්වූ පවුල් 20,000 කට ඉඩම් ඔප්පු ලැබිණි. රන් බඩු අහිමිවූ 2350 දෙනකුට ඔවුන්ගේ රන් බඩුද යළි හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ජය! (නි)
ඔබතුමා ඉන්නතුරු රට සුරක්ෂිතයි. යුද්ධය අවසන් කළ ඔබතුමාගේ අදහස නිවැරදියි (නි)
ඊලමට කිසිසේත්ම ඉඩ නැතැයි කීම එඩිතර කතාවක්. නමුත් විදායක ජනාදිපති ක්‍රමේ අහෝසි කිරීමට ඊලම ගාව ගැනීම නම් බොලඳ කතාවක්. (නදී)
අපි ඔබ සමඟයි (නි)
අපිට අපේ ජනාධිපතිතුමා නැවත ඕනේ. හැබැයි ජනාධිපතිතුමනි, වටේ ඉන්න හොරු ටික යවන්න (නදී)
මම නම් දැන් පුරුද්දක් විදිහට බන්දුල පෙරේරාගේ අදහස් කියවන්නේ නැහැ.ඒ තරම් හරයක් නැහැ (නි)
ආණ්ඩුවේ උදවිය කතා කරන්නේ හරියට රටේ සිටින හැම දෙමළ මනුස්සයෙක්මත් බටහිර රටවල සිටින හැම මනුස්සයෙක්මත් උදේ දිවා රෑ කල්පනා කරන්නේ ලංකාව දෙකඩ කරන එක ගැන කියලා. සමහර බටහිර විතරක් නෙවෙයි බලවත් පෙරදිග රටවලත් විදේශ ප්‍රතිපත්තියේ කොටසක් තමයි දියුණු වෙමින් පවතින රටවල ආරවුල් ඇති කර දෙකඩ කරන එක. හැබැයි එහෙම ම කියලා අපි අපේම රටේ මිනිස්සුන්ව බෙදා වෙන්කර එකිනෙකා අතර සැකය වෛරය වර්ධනය වෙන විධියේ වැඩ කරන එක වැරදියි. ඇත්තටම රට බෙදෙනවට අකමැතියි නම් කරන්න ඕනේ සිංහල දෙමළ සහයෝගය වැඩි දියුණු වෙන විදියේ අවංක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක. කවුරු කිව්වත් වෙනම රටක් එපා කියන විදියේ දෙමළ ප්‍රජාවක් හදන එක. අපේ නායකයෝ උතුරට ගිහින් කතා කරන්නේ හරියට තමන්ගේ යටත් විජිතයක ඉන්න මිනිස්සු අමතන ගානට. ඔහොම වැඩකරොත් වෙන්නේ මීලගට ලැබෙන පළමු අවස්ථාවේම ඔය මිනිස්සු වෙනම රටක් ඉල්ලන එක. ඒක නවත්වන්නනම් කරන්න ඕන ඔය මිනිස්සුන්ගේ හිතේ තියෙන සැක සංකා දුරු කරලා ගැටළු තිබේනම් ඒවාට කඩිනම් විසදුම් දෙන ඒක. (නදී)
බන්දුල කන් ඇහෙන්නේ නැති කෙනා ගෙන් ද කන් ඇහෙනවද අහන්නේ ? මොලය පරික්ෂා ගත්තොත් හොඳයි නේද ? ඔහොම තමා ආවඩන කොට මෙලෝ සිහියක් නැති වෙනවා. (නදී)
හැබෑවටම යුද්ධ කල මිනිහා හිරේ දාලා සිය ගණනක් රණවිරුවෝ හාමුදුරුවරු මරපු ත්‍රස්තවාදියෙකුට ඇමති කමක් දීපු රජයක් මේක. ෆොන්සේකා කියන දේශපාලනඥයාගේ සපෝටර් කෙනෙක් නෙවේ මම. කවුරු මට බැන්නත් එ්ක පිළිගන්න වෙන ඇත්තක්. (නදී)
අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
මේ පුංචි රට තව කෙසේ බෙදන්නද.(හේ)
ඊලමට කඩේ යන්නෝ ඇවිස්සුන හැටි මේ තීරුවෙන්ම බලා ගන්න පුළුවන්. රටේ බහුතරය දරණ මතය වටහාගන්න බැරි මේ අයගේ පක්‍ෂ වලට මොන ජයග්‍රහනද?පරණ පුරුද්දට තවමත් කඩේ යනවා. (නදී)
ජය වේවා ජනාධිපතිතුමනි! (නි)
ඔය ඊළම ගැන කතාකරන්න එපා කියන අය පොඩ්ඩක් ලෝකයේ මොනවද වෙන්නේ කියලා ඇස් ඇරලා බැලුවා නම් හොඳයි (නි)
දේශපාලනය කියන්නේ ඔහොම තමයි. (නි)
ඔබතුමාගේ ප්‍රතිපත්ති අපිටත් කියන්න (නි)
අපිට ඔබ විශ්වාසයි (නි)
ඊළමක් අපිට අවශ්‍ය නැහැ (නි)
ඔබට ජය වේවා! (නි)
කොන්ද කෙළින් තියාගෙන කතාකරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමණනි, ඔබතුමාට තෙරුවන් සරණයි. ඔබ නැවත වරක් අපේ මවුබිමේ ජනාධිපති වේවා! (නි)
බන්දුල පෙරේරා, ....පිස්සු කතා කියන්නේ නැතිව පන්දම් අල්ලන්නේ නැතිව උඩබලාගෙන ඉන්න.....13 එක දෙනවා කියලා ඉන්දියාවට පොරොන්දුවුනේ කවුද..? කොටින්ට සල්ලි දුන්නේ කවුද...? දීපල්ලකෝ උත්තර.(අ)
පිටිගල මහත්තයෝ, ඔබ හරි. දන්නෝ දනිති.මොලේ අමාරුකාරයෝ, පන්දම් කාරයෝ ,සට්ටබියෝ,..වගේ අය ආණ්ඩුව වර්ණනා කරනවා.කොටියාව ඉවර කළා කියමුකෝ.දැන් මෙයා ගෙනාපු චිනාව එළවන්නේ කොහොමද..?බන්දුල පෙරේරා වගේ මොලේ කළදක් නැති අයට මේ පැහැදිලි ඇත්ත නොතේරෙන්නේ ඇයි කියලා මටනම් තේරෙන්නේ නැහැ.(අ)
හැබෑවටම යුද්ධ කල මිනිහා හිරේ දාලා සිය ගණනක් රණවිරුවෝ හාමුදුරුවරු මරපු ත්‍රස්තවාදියෙකුට ඇමති කමක් දීපු රජයක් මේක.කොටි නායකයෝ සියල්ලක්ම රජයත් එක්ක මහජනයාගේ බදු සල්ලි වලින් නඩත්තු වෙනවා.කොටි කතා කියන්නේ ඡන්දයක් නිසා මිසක් සිංහලුන්ට ආදරෙන් නොවී (අ)
කෙලින් කතා කරන රට පාවා නොදෙන එකම නායකයා ඔබ අපේ ජනාදිපති , අනික් අයට ඕනේ රට පවා දීල හරි කඩා වෙන්කර හරි බලයට එන්නට පමණයි . එදත් මෙයට උදව් කල සිංහලයන් සිටියා රට පාවාදෙන , අදත් ඉන්නවා , සමහර ප්‍රතිචාර වලිම්ම එය පේනවා (අ)
පිට බැද්දර ජයෝ..ඇත්තටම 20,000 ම අර කාමරේ අස්සක් මුල්ලක් නෑර සාන්තව පුටු 75ක ඉගෙන ඉන්න ලස්සන දිහානේ මම ඇසිපිය නොහෙලා බලාගෙන හිටියේ ..! (අ)
අසව්, අසව්.. අළුත්ම බෙර පදය. (හේ)
ඔබ තමා නියම රජා ලංකාවේ. කෙලින් කතාකරන ඔබතුමාට ජයෙන් ජය. (නදී)
එයා හැබෑවටම යුද්දේ කලේ තනිවම වෙන්න ඇති නේද.අනිත් හමුදාවල් නිකන්නේ ඉඳල තියෙන්නේ ....සාම සාකච්චවලට අාවනම් ප්‍රභාකරනුත් අද ඇමති කෙනෙක් (අ)
අති ගරු ජනපති මහින්ද රාජපක්ෂ මැති තුමා දිනෙන් දින දිනේවා (නදී)
මෙහෙම කථා අහනකොට අනිත් පැත්තට දෙන්න හිටිය අපිටත් පොඩි ගැම්මක් එනවා. රනිල් සජිත් ඊලම ගැන කියන්නේ මොනවාද කියලත් දැනගන්න සතුටුයි. තීරණයක් ගන්න පුලුවන් එතකොට (නදී)
පිට බැද්දර ජයාට කට්ටිය දොස් කිව්වට ඒ කතාවේ අත්තක් නැත්තේම නෑ. අනික් කාරනේ තමයි බලන්න මේ ඡායාරූප දිහා හොදට. කෝ මෙතන සිංහල ජනතාව? යුද්දෙට කලින් යාපනේ සිංහලය හිටිය. එත් අද ඉන්නේ මුස්ලිම් හා දමිල ජනතාව පමණයි. ඇයි මෙහෙම වෙනසක්. මේ කියන කතාව එකපාරම අනුමත කරන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලන්න සිංහල නිජභූමියෙන් කොටසක් ඉබේම දමිල හා මුස්ලිම් ජනයාට පමණක් ඉතුරු වෙලා. ජනාදිපතිතුමා මෙච්චර ආදරෙයි නම් රටට යාපනෙත් සිංහල ජනතාව පදිංචි කරන්න. තේසවලාමේ නිතිය ඉවත් කරලා ඒකීය රටක අයිතිය සිංහල ජනතාවට ලබාදෙන්න. අපිනම් රැවටෙන්නේ නෑ ඕවට. (අ)
විදේස ගතව සිටින සමහර ශ්‍රී ලාංකිකයන්ගේ මොලය පස්සට බැස ඇති බව හැගේ ,සමහර ද්‍රවිඩ ඩයස්පෝර එක යූඑස් ,ඊයූ ,යූඑන් ,යන ලෝකයට විහිළු සපයන්නන් සහ ලෝකය විනාශ කිරීමට දගලන වන සතුන් සමග එකමුතු වී නටන කොටි සෙල්ලම අඩු තක් සේරු කල නොහැක යූ.එන්. පී. එක යනු එහි එක පුරුකකි ,ඉදිරි වසර 20 තුලත් තිබෙන රජය රැක ගැනීම යූ.එන්. පී,ටීඑන් ඒ ,ජේවීපී,එම්සී ඇතුළු සියලුම ජන කොටස්වල ජිවිත අරක්ශාවම වන්නේය .(අ)
මෙයාල මේ දේවල් කරන්නේ රටට ආදරෙන්ද ? නැතිනම් ලග එන ජනාධිපතිවරනය නිසාද ? (නදී)
සමීර, රජයේ පැවැත්ම සදහා ඊලම යලි යලිත් කරලියට ගෙන ඒම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා . නමුත් ඔබ කියන දේ ඇත්තක් තියනවා. මේ විදිහට යලි යලිත් ඊලම පට්ටගැසීමට යාමෙන් මධ්‍යස්ත දම්ළ ප්‍රජාව ඊලමට ඇදී යාමේ අවදානමකුත් තිබෙනවා. අපි පරම්පරාවෙන් සන්දානයට සහයෝගය දෙන අය වුණත් මෙවැනි ප්‍රකාශ වලින් වැලකි සිටිය යුතු බව මගේ අදහසයි. අපි කළ යුත්තේ ඊලම අපගේ මතකයෙනුත් ඉවත්කර මේ දෙමළ ප්‍රජාවගේ මනසට ලාංකිකත්වය ආරෝපණය කිරීමයි. දේශපාලනය වෙනුවෙන් ආයෙත් ජාතින් බෙදා වෙන් කරන්න එපා පින්සිද්දවෙයි !!!! (අ)
අපි කල යුත්තේ ඉතිහාසයට අදාළ දේ ඉතිහාසයට බාර දීමයි. දමිළ ජනතාව අපේම කොටසක් ලෙස සැලකීමයි. මේ අතීත කුණු ගොඩවල් අවුස්සමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ නොකළ යුතුයි. අපි බොහොම සාමකාමී ලෙස සහෝදරයන් මෙන් ගමනක් යන වෙලාවේ මේ වගේ දේවල් කියන්න එපා . TNA එක පවා පැහැදිලිවම ඊලම ප්‍රතික්ෂේප කර තිබෙනවා.අපි ඔබට ආදරෙයි. ජනපතිතුමනි. එත් මේ වගේ සංවේදී මාතෘකා දේශපාලන සටන් පාට ලෙස යොදාගන්න එපා .ඔබතුමාට ජය වේවා !!!! (අ)
ජනපති තුමනි අපි ඔබ සමග, රට බෙදන්න කිසි දින ඉඩ නොදෙමු. ඌරො මඩ කැළැල් කලත් උන්ටත් වැපුරුමක් බැරිය. නරියෝ සිංහ වෙස් ගත්තත් පලේ මොකද නාද බැරිය. (නදී)
රත්තරංවල අයිතිකාරයෝ හොයන්න අවුරුදු පහක්ම ගිහිල්ලා.(අ)
ඉතා හොඳයි, ඊළම දෙන්ඩ ඕනත් නැහැ ජනාදිපති කම අපට ඕනත් නැහැ. මුළු රටම ඊළමට විරුද්දයි. සිංහල, දෙමල, මුස්ලිම් සියල්ලම ඊළමට කැමති නැහැ. ප්‍රජාත්න්ත්‍රවාදී නිදහස රැක ගනිමු. (නදී)
ඔබට ජය වේවා! (නි)
සමන් වසන්ත..ඔබේ අදහස හරි..එහෙම වැඩ පිළිවෙලක් දකින්නවත් නෑ.මම එක උදාහරණයක් දෙන්නම්. දෙමළ ,මුස්ලිම් මිනිසුන්ට රටේ ඕන තැනක ඉඩම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒත් සිංහල අපිට උතුරෙන් පර්චස් 10 අරගෙන ජීවත් වෙන්න පුලුවන්ද. (අ)
ජයවේවා ගරු ජනාධිපතිතුමනි. කොටින්ට උඩගෙඩි දෙන උන්ට දැන් උණ අරගනී. ඊළමට කැමති අය තමයි ඔබතුමාට වල කපන්නේ අපි සැමදා ඔබ සමග (නදී)
බන්දුල පෙරේරා, පිටබැද්දයට ඔබ දුන් පිළිතුර හරියටම හරි!! (නි)
එඩිතර ප්‍රකාශය ගැන සතුටු වෙනවා. නිතිමය වශයෙන් නුදුන්නත් සිංහල මිනිසුන්ට උතුරේ පදිංචි වීමට ඉඩ නොදීමෙන් නිකම්ම ඊලම හදනවා. සිංහල මිනිසුන්ට උතුරේ පදිංචි වීමේ හැකියාවක් නැති බව අද ඉරිදා ලංකාදීප පත්‍රයට සිංහල කම ගැන කැක්කුමක් ඇති ඇමති කෙනෙකු කළ ප්‍රකාශයකින් පැහැදිලි වෙනවා. නමුත් දෙමල කතා කරන අයට රටේ ඕනෑම තැනක පදිංචි විය හැකිනම් සිංහලයන්ටත් උතුරේ පදිංචි වීමේ හැකියාව ඇති කරන ලෙස හෝ පදිංචි කරවන ලෙස ඉල්ලනවා. නැතිව කතා වලින් පමණක් වැඩක් නැහැ. (නදී)
ඔබතුමා වැඩ පටන්ගන්නේ රනිල් මහත්තයට මඩ ගහල නේද ? අනේ මන්දා අපි බලා පොරත්තු වන දේ නෙමෙයි ඔබතුමාලා හැමෝම කරන්නේ. අනුන්ට මඩ ගහල මහජනයව මුලා කරලා ඡන්දෙ ගන්න බැහැ. අද දියුණු රටවල වල වගේ ඇත්ත කතාකරලා ඡන්දෙ ඉල්ලන්න බැරි ඇයි? එ්කට බයයි නේද (නදී)
ජනාධිපති තුමා ඇත්තෙන්ම හොඳ කෙනෙක්. අනිත් අය කරන වැඩ නිසා තමන්ගේ නමටයි හොඳ නැත්තේ (නදී)
අසව් ...අසව් මෙන්න බන්දුලටත් තේරිලා මෙයා කතා කරන්නේ බුද්ධියෙන් තොරවයි කියලා....ඉතින් අනෙක් වැඩත් මේවගේ තමයි කියලා ඔයාට නිකමෙට හිතෙන්නේ නෙද්ද බන්දුල අයියා? (අ)
ජනාධිපතිතුමනි, ඔබේ අධිෂ්ඨානයට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! ජය නියතයි (නි)
උතුරු හා නැගෙනහිර දෙමල ඡන්ද ජනාදිපතිවරනයකදී වර්තමාන ජනාදිපතිට නොලැබෙනවා කියන්නේ ලැබෙන පක්ෂ ගැන දෙවරක් සිතිය යුතු වෙනවා (නදී)
බන්දුල හිතන්නේ පිටබැද්දර ජයාගේ බෙල්ල මිරිකුවාම අනිත් අයත් බයවෙලා කටවල් වහගනී කියලද? දන්නේ නැතුව ඇති තමන් දැන් රජවාසල කවටයාගේ තත්වයට වැටිලා කියලා. (නි)
ඔය හද්ද පරණ තැටිය දැන් වලංගු නැහැ. අලුත් එකක් හොයා ගන්න වෙයි (නදී)
මේ වචන ටිකම ඇති ජනපතිතුමනි (නි)
අනේ මන්ද , මොකද මේ එක පාරටම ආයි ඊලමක් ගැන කතාවක් ? ඡන්දයක් ලඟගම එන නිසා ඊලාම් මයින හම ආයිම අදිනවා වගේ. කවදා ඉවරයක් වෙයිද මේ ජඩ දේශපාලනය මගේ මවුබිමෙන්. (නදී)
ඔබයි අපගේ සැබෑ ජනපති! (නි)
අපිටත් දැන ගන්න ඕනෑ අනාගත වැඩ පිළිවෙල මොකද්ද කියලා. අතීත නටබුන් අවුස්සාගෙන වැඩක් නැහැ. යන්න ඕනෑ ඉදිරියට මිසක් පස්සට නෙමෙයි. (නි)
ඔබතුමා කිසි කලෙක ඊළමට ඉඩ නොදෙන බව අපට විස්වාසයි. මේ විස්වාසය මත තමයි ඔබත් ජනතාවත් එකට බැදී ඉන්නේ. (නදී)
අපි හැමෝම එකම රටක ජනතාවක් ලෙස සාමදානෙන් ජීවත් වෙමු..(නදී)
ලොව කොතන ගියත්, මොන සමුළුවට ගියත්, ලංකාවේ මොන පළාතට, දිසාවට ගියත්, මෙහෙම කෙලින් කතා කරන නායකයෙක් මම නම් දැකලම නෑ.(හේ)
දේශපාලන සංවාද වලට අපේ කාන්තා පක්ෂයේ සහභාගිත්වය බොහොම අඩුවෙලා බව පෙනෙනවා. ඒ මොකද දන්නේ නැහැ. බවලතුන්ගේ අදහසුත් වැදගත්. ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවෝ වෙලා සද්දනැතුව ඉන්න එක හරි නැහැනේ. (නි)
ඔබතුමා රට බෙදන්නේ නෑ කියන විශ්වාසේ මත තමා අපි ඔබතුමා එක්ක ඉන්නේ..(හේ)
ඊලම් ඉල්ලන්නේ බඩගෝස්තරකාරයින්. උන්ට වෙන වැඩ නැහැ. ජනාදිපතිතුමෝ ඔබ තමයි අපේ දෙවියෝ. ඔබ සාමය ඇතිකළා. දැන් සංවර්දනය. හෙට ඉපදෙන දරුවන්ට සැපවත් දවසක් ඇතිකරන්න ඔබ ගන්න මහන්සි කොතරම් වටිනවද? ඔබේ ජය අප සැවොමගේ ජයයි. (නදී)
බන්දුලට දැන් හිතේ අමාරුව තියෙන්නේ, මෙච්චර කඩේ ගිහින් තවම තානාන්තරයක් ලැබුනේ නැති දුක . අන්න තියනවා පුරප්පාඩු වෙලා ස්වාසිලන්තයේ නම් එකක්. හොඳට ගැළපෙනවා. (නි)
ජනාදිපතිතුමනි නිකන් බොරු ඊළමක් නැවත ඇදල ගන්න එපා (නදී)
දැන් කොහොමද ඔය කට්ටිය රත්තරන් බඩු වලට තමන්ගේ අනන්‍යතාවය ඔප්පුකරලා තියෙන්නේ. අනේ මන්දා! (නි)
පිට බැද්දර ජයා....සමීර ... හොදින් මතක තියාගන්න ඕක පරණ තැටිය නෙමෙයි. ජාතිවාදී දෙමල නායකයින්ගේ තැටියට දෙන සදාතනික ඍජු පිළිතුරයි. ඔබ හොදින් බලන්න පසුගිය ජනාධිපති වරනයෙදී ඔවුන් ඉල්ලුවේ මොකද්ද..එයට එකගවූ කෙනාටයි සහයෝගය දුන්නේ. මේ ජාතිවාදී නායකයින් අද ප්‍රකාශකරන ආදහස් සහ එදා ප්‍රභාකරන්ගේ අදහස් අතර ලොකු වෙනසක් තියෙනවද කියලා. පසුගිය සතිය පුරා ඔවුන් දක්වූ අදහස් විමසා බලන්න අපිනම් මැරිලා උපන්න අය නෙමෙයි. (නදී)
ඔබට ජයෙන් ජය! (නි)
ප්‍රනාන්දු පැරිස්, ඔබ හරියටම හරි. විදෙස්ගතව ඉන්න ඔබගේ මොළය තියෙන තැන ඔබ හරියටම දැනගෙන. (නි)
වසර ගණනාවක් ත්‍රස්තවාදයෙන් බැට කෑ අපේ රටේ දියුණුවට ජනපතිතුමා පියවර ගන්නේ නම් ජනතාව ලෙස අප සහයෝගය දිය යුතුය (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
පිට බද්දර ජයෝ.. මොකක්ද මහත්තයෝ මෙතන තියෙන ජඩ දේශපාලනේ..කොටි සංවිධානයත් එක්ක මේ කට්ටියගේ ඊලම් සිහිනයත් ඉවර වුණා කියලද ඔබ තුමා හිතන්නේ..මේ රටෙත් විදෙස් ගතවත් කොටි රුකඩ මේ රටට වින කරන්න දතකන හැටි නොපෙනෙන්නේ ඔබතුමාගේ ඇස් පොට්ටද ? කන් ඇහෙන්නේ නැද්ද?..යන්න මහලු මඩමකට.. එච්චර වයසක් නැත්නම් යන්න ඉස්පිරිතාලෙකට..ගිහින් ඒ දෙකට බේත් ගන්න .(අ)
උතුරට ගිහින් ඊළම දෙන්නෙ නැහැ කියපු එකම නායකයා... ඔබට ජය ජනාධිපතිතුමනි! (නි)
ඔය තැටිය පරණ වැඩියි. (නදී)
පරණ කොටි නායකයෝ ඉන්න තරමක් ඉන්නේ කොහෙද? මට පැටලිලයි තියෙන්නේ. (නදී)
ඊළමට එහා රට චීනට දෙන එක. කට කට. (නදී)
ඊළම නොදී රට බේරා ගත් අවංක ජෙනරාල් ෆොන්සේකා තුමාට අපි සදා ණය ගැති වෙමු. (අ)
ජනාධිපතිතුමා උතුරටම ගිහිල්ලා මෙහෙම කියන එක හොඳයි, සමහර අය දන්නෙ නැහැ ද්‍රවිඩ සන්ධානෙ ඉල්ලන්නෙ මොනවද කියල, බලන්නකො රනිල් මහත්තය ගියහම මොනවද කියන්නෙ කියල. අපට පිටකොන්දක් තියෙන හොඳ සිංහල නායකයෙක් ඉන්න එක ගැන ආඩම්බරයි. (අ)
කරුණාකර අනුන්ගේ නම් වලින් මෙතන ප්‍රතිචාර දාන්න එපා. තමන්ට ආවේණික මොකක් හරි නමක් යොදාගන්න. මම කිසිම කෙනෙකුගේ දේශපාලන ගැත්තෙක් නෙමෙයි (නි)
කෙහෙල්මල් ඊළම, මොන රටේද මේ විදියට යුද්ධයකින් පස්සේ තම විරුද්ධ වාදීන්ට සලකල තියෙන්නේ. දැන් උතුරු නැගෙනහිර ජනතාවට බිය සැක නැතිව ජීවත් වෙන්න පුළුවන්. හැබයි ඩයස් පෝරාවේ හා එයාලගේ දේශපාලුවන්ගේ ලනු කෑවොත් ආයෙත් විනාශය තමා. (අ)
ඔබ වැනි නිර්භීත පුද්ගලයෙක් මා ජීවිතයටම දැකලා නැහැ (නි)
අනිත් අය බලාගෙන ඉන්නේ රට බෙදුම් වාදීන්ටයි ලෝකයටයි ඕනා විදිහට පාවාදෙන්න. (නදී)
මගේ නමිනුත් කවුදෝ ලියන්න පටන් අරගෙන. (නි)
ආපහු පරණ කතාවම ඇදල ගත්තා ඔන්න. අර මැක්කගේ කතාව වගේ තමයි ඉතින් ඕකත්. උඩ ප්‍රතිචාර දෙක තුන දැක්කම හිතුනේ තවම ඔය කතාව නොතේරුන මිනිස්සු ඉන්නවා කියන එක. (නදී)
අනේ හොඳයි! ජය වේවා! (නි)
ඊළම නුදුන්නට චීනට දීල තිබෙන හරිය හොදටම ඇති. (නදී)
ඔය අනුන්ගේ නම් වලින් මෙතන ලියන කැත පුරුද්ද නවත්වාගන්න එක කාටත් හොඳයි. අනෙක් අයගේ නම් වලින් දේශපාලන ප්‍රතිචාර ලියන එක නම් කැත වැඩක්. (නි)
මටනම් දැන් ඊළම ගැන කියන කතා අහලම එපා වෙලයි තියෙන්නේ. (අ)
පිට බද්දර ජයෝ.. මොකක්ද මහත්තයෝ මෙතන තියෙන ජඩ දේශපාලනේ..කොටි සංවිධානයත් එක්ක මේ කට්ටියගේ ඊලම් සිහිනයත් ඉවර උනා කියලද ඔබ තුමා හිතන්නේ. මේ රටෙත් විදෙස් ගතවත් කොටි රූකඩ මේ රටට වින කරන්න දතකන හැටි නොපෙනෙන්නේ ඔබතුමාගේ ඇස් පොට්ටද ? කන් ඇහෙන්නේ නැද්ද? (නදී)
ඔබ තුමාට ජය වේවා මගේ රට බේරා දුන්නාට (නදී)
සදුනි,බන්දුල පෙරේරා, අදහස් දෙක හරියටම හරි. මේ වගේ සංවේදී මාතෘකා කිසිදු දේශපාලන පක්ෂයක් මැතිවරණ සටන් පාඨ ලෙස යොදානොගත යුතුයි. ඒ යුගය හැමෝම අමතකකර සහෝදරත්වයෙන් ගමනක් යන්න අවශ්‍යයි. (නි)