IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඊළඟ රැලියේ දී ජනපති අපේක්ෂක කියනවා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ  මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් දිනුම රටට එක්ව පෙරට තේමාව යටතේ සංවිධානය කරන මහජන හමු මාලාවේ තෙවැන්න බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහත්වරු රැළිය සංවිධාන කළහ.

මෙම රැළියට සහභාගී වූ  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරු අදහස් පළ කළහ.



අදහස් (12)

ඊළඟ රැලියේ දී ජනපති අපේක්ෂක කියනවා

ජගත් ලියනගේ Monday, 15 July 2024 09:19 AM

කියන්න ඕන නැහැ ඕන කෙනෙක් දන්නවා . වෙන කවුරුත් නෙවෙයි රනිල් . ඒක සාදරී කරන හැටිත් දන්නවා . " රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව " කියල කියනවා . එතකොට මිනිස්සුත් රැවටෙනවා .

:       10       29

පිටිගල මිලානෝ Monday, 15 July 2024 09:22 AM

බාලගිරි දෝෂෙ වගේ….!

:       7       25

පුරවැසියා Monday, 15 July 2024 09:24 AM

රදල පැළැන්තිය රැක ගැනීම සඳහා ගොඩ නගා ගත් පක්ෂ කුණු බක්කියට දැමිය යුතු කාලය එළඹ ඇත. රටේ සම්පත් වැඩි ප්‍රමාණයක් සීමිත පිරිසකට භුක්ති විඳීමට ඉඩ නොදී සැමට ම සමානව බෙදී යන ලෙස රටේ සෑම කෙනෙක් ම ආර්ථික ය ට සහභාගී කරවන රටේ පාලනය පුරවැසියන් අතරින් බිහි වන පක්ෂය ක ට බාර දිය යුතු කාලයයි.

:       10       33

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 10:01 AM

රජ වාසල කවට නඩයේ විහිළු වලට රට වැසියන්ට හිනා යන්නේ නැහැ. ඒක නිසා දැන් අලුත් කවටයින් පිරිසක් පත්කර ගන්න කාලය ඇවිල්ලා...!

:       2       7

රෝයි ෆෙඩ්රික්ස් Monday, 15 July 2024 11:22 AM

දානවා නම් දාන්න ඕනේ රත්තරං මිනිහෙක්. අවාසනාවට එයා ඉන්නේ රාජ පස්සලා එක්කනේ. අර ගුරුවරිය දණ ගස්සපු බඩාව දාමුද?

:       5       1

fairoos Monday, 15 July 2024 11:46 AM

මෙහෙම රැළිවලට එන්නේ ලංකාවේ මිනිස්සුද? නැතිනම් වෙන රටකින්ද මන්දා..?

:       3       9

Suranga Monday, 15 July 2024 12:22 PM

නෑ නෑ කලබල වෙන්න එපා අනුන්ගේ වැඩට අත දාන්නත් එපා... ඒක නියමිත වෙලාවට නිසි බලධාරී මැතිවරණ කොමිසමේ සභාපති කියාවි...

:       2       2

Wickramanayaka Monday, 15 July 2024 01:41 PM

ජනාධිපති අපේක්ෂක නම් කිරිල්ල සිමෙන්ති සිරිපාලට බාරදීලා සැප පුටුවක් දුන්නා නම් හරි...

:       1       3

Wickramanayaka Monday, 15 July 2024 01:45 PM

ඔය හදන්නේ කම්මැලි කාලකන්නි 3% ටිකට සමාන වරප්‍රසාද ලබා දීම සඳහා ලස්සන අකුරු ටිකක් කොටන එක...

:       2       3

de silva Monday, 15 July 2024 02:53 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ? නිකන් විහිලු කතා කියනවා, ඡන්දයක් තිබ්බොත් උපරිම මන්ත්‍රී ආසන 4 මුළු රටෙන්ම දිනාවි

:       0       3

ගමේ එකාලා Monday, 15 July 2024 07:11 PM

ඔය කවුරු දැම්මත් වැඩක් වෙන එකක් නැහැ දූෂිත දේසපාලුවෝ කාගේ කගෙත් කෙරුවාවල් අපි නොදන්නවා නෙවෙයි .

:       0       0

Asoka Tuesday, 16 July 2024 10:30 AM

ශ්‍රීලනිපය 5% වගේ ප්‍රතිශතයකින් සියල්ලන්ගේම ඡන්දය ලැබේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site