
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් දිනුම රටට එක්ව පෙරට තේමාව යටතේ සංවිධානය කරන මහජන හමු මාලාවේ තෙවැන්න බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහත්වරු රැළිය සංවිධාන කළහ.
මෙම රැළියට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරු අදහස් පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න ඕන නැහැ ඕන කෙනෙක් දන්නවා . වෙන කවුරුත් නෙවෙයි රනිල් . ඒක සාදරී කරන හැටිත් දන්නවා . " රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව " කියල කියනවා . එතකොට මිනිස්සුත් රැවටෙනවා .
බාලගිරි දෝෂෙ වගේ….!
රදල පැළැන්තිය රැක ගැනීම සඳහා ගොඩ නගා ගත් පක්ෂ කුණු බක්කියට දැමිය යුතු කාලය එළඹ ඇත. රටේ සම්පත් වැඩි ප්‍රමාණයක් සීමිත පිරිසකට භුක්ති විඳීමට ඉඩ නොදී සැමට ම සමානව බෙදී යන ලෙස රටේ සෑම කෙනෙක් ම ආර්ථික ය ට සහභාගී කරවන රටේ පාලනය පුරවැසියන් අතරින් බිහි වන පක්ෂය ක ට බාර දිය යුතු කාලයයි.
රජ වාසල කවට නඩයේ විහිළු වලට රට වැසියන්ට හිනා යන්නේ නැහැ. ඒක නිසා දැන් අලුත් කවටයින් පිරිසක් පත්කර ගන්න කාලය ඇවිල්ලා...!
දානවා නම් දාන්න ඕනේ රත්තරං මිනිහෙක්. අවාසනාවට එයා ඉන්නේ රාජ පස්සලා එක්කනේ. අර ගුරුවරිය දණ ගස්සපු බඩාව දාමුද?
මෙහෙම රැළිවලට එන්නේ ලංකාවේ මිනිස්සුද? නැතිනම් වෙන රටකින්ද මන්දා..?
නෑ නෑ කලබල වෙන්න එපා අනුන්ගේ වැඩට අත දාන්නත් එපා... ඒක නියමිත වෙලාවට නිසි බලධාරී මැතිවරණ කොමිසමේ සභාපති කියාවි...
ජනාධිපති අපේක්ෂක නම් කිරිල්ල සිමෙන්ති සිරිපාලට බාරදීලා සැප පුටුවක් දුන්නා නම් හරි...
ඔය හදන්නේ කම්මැලි කාලකන්නි 3% ටිකට සමාන වරප්‍රසාද ලබා දීම සඳහා ලස්සන අකුරු ටිකක් කොටන එක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ? නිකන් විහිලු කතා කියනවා, ඡන්දයක් තිබ්බොත් උපරිම මන්ත්‍රී ආසන 4 මුළු රටෙන්ම දිනාවි
ඔය කවුරු දැම්මත් වැඩක් වෙන එකක් නැහැ දූෂිත දේසපාලුවෝ කාගේ කගෙත් කෙරුවාවල් අපි නොදන්නවා නෙවෙයි .
ශ්‍රීලනිපය 5% වගේ ප්‍රතිශතයකින් සියල්ලන්ගේම ඡන්දය ලැබේවි