සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත.
සේවා කාලය අවසන් කරන ඇතැම් ලාංකිකයන් එරට නීති විරෝධීව රැඳී සිටිමට උත්සාහ කරන බවට තොරතුරු ඇතැයිද එසේ කිරීමෙන් ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා වෙළඳපොළ ද අහිමි වෙතියිද කාර්යාංශය බිය පළ කර සිටී.
ඊශ්‍රායල රැකියා සඳහා යෑමට 500කට ආසන්න පිරිසගේ අනාගතයද අවිනිශ්චිත බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොප්පි දාන අයටනම් හොද ආරංචියක් මේක! (බ)
ඕකට ගොඩක් හේතු තියනවා ඊශ්‍රායල් වලට එන්න ලක්ෂ 20 විතර ගන්නවා රටවල් දෙකේම ඒජන්තලා ශ්‍රමිකයන් හුරා කනවා .ඊශ්‍රායල වලට එන්න ඇත්තටම යන ගාන ලක්ෂ 4 විතර පේනවා නේද සූරා කෑමේ තරම ?එන්න වියදම් උන ගාන හොයන්න අවුරුදු 2 කට වැඩිය යනවා ඉතින් නීතියෙන් හිමි කාලය වන අවුරුදු 4 මස 3 හොදටම මදි හම්බ කරගන්න .ඉතින් ශ්‍රමිකයන් කාලය ඉක්මවා ඉන්නවා .ඕක ලංකාවේ අය විතරක් නෙමේ .ඉන්දියා,පිලිපීන ,නේපාල අයත් කරනවා .තව එකක් .සංචාරක විසා වලට ඇවිල්ල .සරණාගත විසා ගහගෙන ඉන්න අයත් ගොඩක් ඉන්නවා .එයාල ලක්ෂ 7 විතර දීල ඇවිල්ල විසා තියන අය ගන්න පඩියම ගන්නවා (බ)
ආරච්චිගේ පිදිය යුත්තන් විතරක් නෙමේ පිදිය යුතු රටවලුත් තියනවා .එයින් එකක් ඊශ්‍රායලය .මම ජපානයේ සහ සිංගප්පුරුවෙත් සේවය කළ කෙනෙක් .හොදම මිනිස්සු ඉන්නේ ඊශ්‍රායල් වල .(බ)
කල්ප කියන දේ හරියට හරි. (බ)
ඔව් ඒක ඇත්ත. අනික තමයි මෙහෙට එන්නේ ඇන්ටිලා. හොඳට මැදපෙරදිග කට්ට කාලා තමයි මෙහෙට එන්නේ. ඊට පස්සේ කොච්චර සල්ලි හොයා ගත්තත් යන්නේ නම් නෑ. අනිත් එක තමයි මෙහේ මිනිස්සුන්ට වගේම සලකනවා. හොඳ පඩියකුත් දෙනවා. කොයි රටේද මෙහෙම පඩියක් ගන්න හම්බවෙන්නේ කියලා අයේ යන්නේම නෑ. ඉතින් මෙහෙ ඇන්ටිලාගේපවුල්වල මිනිස්සු ඔක්කොම වෙන ගෑණු අරගෙන පවුල් විනාශයි. ගාක් නෑ සල්ලි හම්බවෙනවානේ. (බ)
ගොඩක් දෙනා සාත්තු සේවක ඇවිල්ල කරන්නේ ක්ලීනින් වැඩ ඒවායින් මාසෙකට ලක්ෂ 3 විතර හොයනවා .එළියේ වැඩකරනවා කියන්නේ ඒවාට .මන්ධ බුද්ධික /තරුණ අාබාධිත වෙච්ච අය එයාලගේ විස විකුනනවා .මොකද එයාලට ආණ්ඩුවෙන් කෙනෙක් දුන්නට ඇත්තටම එයාලට එයාලගේ වැඩ කරගන්න පුළුවන් .අපේ අය ඒ විස අරන් අවුරුදු 10/15 ඉන්නවා තව මිනිහෙකුට චාන්ස් එකක් දෙන්නේ නැහැ .ඇත්තටම සාත්තු සේවයේ යෙදෙන අය මැරීගෙන වැඩ කරලා අවුරුදු 4 මාස 3 යන්න ඕනේ .මේක හරිම අසාධාරණයි .(බ)
කොරියා යන්න ලොකු මුදලක් යන්නේ නැහැ නේ එ්ත් එයාල 4000 විස නැතුව ඉන්නවලු .ඒ අතින් ඊශ්‍රායල් වල ඉන්න ලංකාවේ අය ලක්ෂ 20 දීල ඇවිල්ල යන්නේ අවුරුදු 4 යන්නේ නැති එක සාධාරණයි (බ)
ඊශ්‍රායලය වගේ රටක සේවය කිරීමට ලැබීමත් අපේ පිනක්. මේ වගේ මිනිස්සු ඉන්න රටක් වෙන කොයින්ද? හැබැයි මේ රැකියා ඒජන්තවරු කරන අසාධාරන වැඩ හින්දා තමයි මේ හැමදෙයක්ම.මේකට අපේ රටේ රජය මැදිහත් වියයුතුයි (නි)
සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයේ රැදී සිටීමට හේතු වන කරුණු සොයා බලා එයට නිසි පියවර ගැනීමට දෙරටේ රජයන් මැදිහත් නොවුනහොත් ශ්‍රී ලංකික අපිට ඊශ්‍රායෙල් රැකියා වෙළඳපොල අහිමිවන දිනය වැඩි ඈතක නොවේ. දෙරටේ අතරමැදි නියෝජිතයන් අයකරගනු ලබන අයතා මුදල් සම්භාරය පාලනය කොට විශේෂයෙන් පිරිමි ශ්‍රමිකයන්ට ඊශ්‍රායල් රැකියා වෙළදපල පුළුල් කරන්නේනම් ලංකාවේ ආර්ථිකයට මෙන්ම කාන්තාව විදේසගතවීමෙන්පවුල් ඒකක දෙදරා යෑම නිසා සමස්ත සමාජයටම වන සාමාජීය බලපෑම බොහෝදුරට අවම කරගැනීමට හැකිවනු ඇත. (ස)
ඉස්රායල් වල ගොඩක් දනක් ඉන්නවා සරනගත විසා ගහගෙන (ස)
ලංකාවේ හොරු ඔක්කොම ඉන්නේ ඊශ්‍රායල්වල හොරට වීසා අරගෙන. අපේ රට විකුණගෙන කනවා. (ස)
ගන්නා වැටුපත් එක්ක මෙහේ අය ලංකාවේ ලොකු වැඩ වලට අතගහලා කාලය අවසන් වෙනතුරු දන්නෙත් නැහැ.අනික තමා ලංකාවේ අය මුදල් හරියට කළමනාකරණය කරන්නේ නැහැ මම නම් කියන්නේ සීමාසහිත කාලයක් මේ අයට වැඩ කරන්න දීලා එම කාලයෙන් පසු පිට නොවුණොත් දඬුවම් කිරීම හොඳයි. (නි)
ඊශ්‍රායල් රට ගැන, එහි නීතිය ගැන නොදන්නා කට්ටියක් මෙහි අදහස් දක්වා තිබෙන්නේ , ඊශ්‍රායල් රට තමයි ලෝකයේ හොඳම මානව හිමිකම් වලට ගරු කරන තවත් එක රටක් , කුහක කම නැතිව නිවැරදි දේ සොයා බලා අදහස් හැටියට දානවා නම් හොඳයි (බ)
ඉන්දු,රමණි ඔයාල නොදන්නා දේවල් කතා කරන්න එපා.අපි ඉන්නෙත් ඊශ්‍රායල් වල.මෙහෙ ඉන්න අය රට විකුණන් කන්නේ නෑ.අපි මෙහෙට එන්නේ අනිත් අය වගේ නොමිලේ නෙමේ. ලක්ෂ 22 ක් විතර දීල එන්නේ.අපි එ්ක හොයන්න ඕනේ.අනික අපි මේ සල්ලි හොයන්නේ මිනිස්සුන්ගේ මළ මුත්‍ර අල්ලලා නිදි මරල.අපි මේ හොයන හැම ශතයක්ම ලංකාවට යන්නේ.ඒ නිසා දෙයක් කියනකොට හොයල බලල කිව්වොත් නේද හොඳ .(බ)
ඊශ්‍රායල් වල අපේ එම්බසි එකේ ඉන්න අය කෙනෙක් අසරණ වුණාම උදවු කරන්නේ නැද්ද? (නි)
දනුක, ඒකනම් දන්නේ නෑ. හැබැයි ඊශ්‍රායල් වගේ රටවල නීතියක් ක්‍රියාත්මක වෙනවා. ඒක කාටත් සමානයි. අරාබි නීතිය වගේ නොවෙයි.(ස)
මේ මාස 6 එන අය කාලය ඉවර උනාම යන්නේ නැති නිසා සත්තු සේවක සේවිකා එන අයගේ ප්‍රස්නයක් නෙවේ .ඔයාලා වැරදියට තේරුම් අරන් තියෙන්නේ (ස)
ඊශ්‍රායල් තමා ලෝකයේ හොඳම රට.කිසිම සේවකයෙක් අපයෝජනය නොකරන මානව හිමිකම් හැමෝටම එක සමානව තියෙන හොඳම වැටුපක් ගන්න පුළුවන් රට තමා ඊශ්‍රායලය. (නි)
ඊශ්‍රායලය වගේ රටකට ලොකු වියදමක් දරලා එන්නේ හොඳට හම්බ කරගෙන යන්න. ඉතින් ඒක වරදක් නෙමෙයිනේ. වීසා නැතුව මේ රටේ ඉන්නේ ලංකාවේ අය විතරක් නෙමෙයි. කොහොම වෙතත් මේ රට වගේ හොඳ රටක් තවත් නැහැ රස්සාවක් කරන්න. (නි)
රමණි,ඉන්ද්‍රානි, ඔයාලා මොනවා දැනගෙනද ඔහොම කතාකරන්නේ? මෙහෙට එන්න නිකන් බැහැ.ඒක නිසා නොදන්නා දේවල් කතා කරන්න එපා.අපි මෙහෙට වෙක දුක් විඳිනවා.ඔයාලා කොහොමද කියන්නේ අපි හොරු කියලා.රට කනවා කියලා.ඔයාලා තමයි රට කන්නේ ලංකාවේ ඉදගෙන.අපි තමයි විදේශ විනිමය එවන්නේ ලංකාවට.නිකන් නොදන්නා දේවල් කතා නොකර ඉන්න පාඩුවේ. (නි)
ශීලාචාර මිනිස්සුන් ජීවත් වෙන රටක්. ඒ රටේ නීතිය හැටියට ක්‍රියා කරලා, හොඳින් රැකියාව කරගෙන, අපේ රටේ නම රැකගෙන හොඳින් මුදලක් හම්බකරගන්න කියල ඒ රටට යන හැමෝගෙන්ම ඉල්ලනවා. අරාබිය වගේ නොවේ මේ රට. (අ)
ඇත්තටම ඊශ්‍රායලය කියන්නේ ගොඩක් හොඳ රටක්. ඒ වගේම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක්.ඒක හැමෝටම පොදුයි. මාත් දැක්ක හොඳම රට. (නි)
ආරච්චිගේ දන්නා දේවල්. මම ඉන්නේ කොහෙද කියලත් දන්නවා. හැබැයි දැනුම ටිකක් මදි. රටක් ගැන දන්නා ටික හරියට කියන්න එහෙ ඉන්නම ඕනෑ නැහැ. මේ ලෝකේ තොරතුරු ලබාගැනීමේ ක්‍රම තිබෙනවා. ටිකක් හොයලා බලන්න. සරණාගතයෝ යනවද, කියන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. හරියටම දන්නා ටික තමයි ලිව්වේ. ඔයා ලියනකොට සංවරව ලියන්නත් පුරුදුවෙන්න. ස්තුතියි. (නි)
වැඩිය කලබල වෙන්න එපා (නි)
තවත් රත්‍රන් බිත්තර ගත් කතාවක් (බ)
නුවන්,සඳුන්,සුනිල්,ඊශ්‍රායලයට ගිහින් වැටිලා යුදෙව්වන්ගේ ගුණ ගායනා කොරනවා, නිකන් පලයල්ල යන්න,සිංහලයා ඊශ්‍රායල් ගිහින් සරණාගත විස ඉල්ලන්නේ,ලංකාවේ මුස්ලිම් අය සිංහලයව මරනවා කියලානේද?මේවට යුදෙව්වන් හිනාවෙනවා ඇතිනේද?මෙහෙමත් බේගල් ගහන සිංහලයෝ ඉන්නවා කියලා (බ)
හැමතැනම ඉතින් ප්‍රශ්න තමයි... (නි)