IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා සහෝදර බටහිර රටවලින් මෙම ඉල්ලීම කළේ ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ දැමීම ආරම්භ කර වසරක් ගතවීම සහ ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින් දිගටම පහර දීම සැලකිල්ලට ගනිමිනි.

“පලස්තීනුවන්ගේ ජීවිත අනතුරේ දමමින් ඊශ්‍රායලය වසරක් තිස්සේ ගාසාවට බහර දෙනවා. දැන් ලෙබනනයට පහර දෙනවා. ඊශ්‍රායලයට සතුරන් අඩපණ කිරීමට අයිතිය තිබෙන බව ඇත්ත. නමුත් අහිංසක වැසියන් මියයනවා. දැන් ඇති. ඊශ්‍රායලය දේශපාලනික විසඳුමකට යන්න ඕනෑ. තව දුරටත් ගාසා තීරයට පහර දෙන්න ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නොකළ යුතුයි.” යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් අවධාරණය කර තිබේ.

ප්‍රංශය සහ ඊශ්‍රායලය සමීප මිතුරන් වන නමුත්, ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධනේ ප්‍රංශ ජනාධිපති මැක්රොන් නිරන්තරයන් සිය කනස්සල්ල ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පැහැදිලි කර තිබේ. ප්‍රංශය යුරෝපයේ බලවත් රාජ්‍යයක් වන අතර යුරෝපා සංගමයේ ප්‍රබලයෙකි. ඊට අතරව ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ද ප්‍රබල සාමාජිකයෙකි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගත්තේ, පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ගාසා හමාස් සටන්කාමීන් ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ඇතිව ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරයෙන් පසුවය. 

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න

Don Wi Monday, 07 October 2024 07:24 PM

අනේ ඉතිං ඔයාලත් යුක්‍රේනයට ආයුධ දීම නවත්තන්නකෝ. එතකොට ඊශ්‍රායලයත් එහෙම කරයි

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site