IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට හේතු වූයේ, මීට වසරකට පෙර 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, ඔවුන්ට සහාය දක්වන ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයයි.

එම අවස්ථාවේදී සිය ගණනක් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය අතර, අද වනවිට ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද යන්න පවා නොදන්නා බව වාර්තා වේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් මුලිනුපුටා දමන බවටය ප්‍රතිඥා දී ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය. 

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට, මියගිය ගාසා පලස්තීනුවන් ගණන 41,825 කි. තුවාල ලැබූ ගණන 96,910 කි. මියගිය අය සහ තුවාල ලැබූවන් අතරේ සිටින වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ අරමුණ වී ඇත්තේ, ගාසා තීරය ජීවත් වීමට නුසුදුසු ස්ථානයක් බවට පත් කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දී ඇත්තේ ගාසා තීරය මේ වනවිට මිහිපිට අපායක් බවට පත් වී ඇති බවය. 

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වුණු අර්බුදය, වසරක් ගත වෙද්දී, ඊශ්‍රායලය සහ ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් අතරේ ගැටුමක් දක්වාත්, ඊශ්‍රායලය සහ ඉරානය අතරේ ගැටුමක් දක්වාත් වර්ධනය වී ඇත. 

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site