බුදු රජාණන්වහන්සේගේ අසිරිමත් තෙමගුල සිහිපත්කරමින් ඊශ්‍රායලයේ බෞද්ධ විහාරය ශ්‍රිලංකාවේ තානාපති කාර්යාලය හා සියලුම ශ්‍රීලාංකික සංවිධාන එකමුතුවෙන් සංවිධානයකරන වෙසක් සිල් වැඩ සටහන ටෙල් අවිව් හි බෙද්දානි ශාලාවේදී ලබන සෙනසුරාදා (24) උදේ 7.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට යයි.
සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොල අමරකිත්ති නාහිමියෝ ලංකාවෙන් මේ පිංකමට වැඩම කරති. දෙනගම ධම්මාරාම හිමියන්ගේ මෙහෙය වීමෙන් හා කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම් සිදුකෙරේ.
මෙම අවස්ථාවට ඉන්දීය, නේපාල, තායිලන්ත , මියන්මාර දකුණු කොරියා, ජපාන හා පිලිපීන තානාපතිවරුන්ද සහභාගීවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!! (නි)