
ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, තම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියකු වූ සයියාද් රාසි මුසෝවීය. මුසෝවී, සිරියාවේ හමුදා උපදේශකවරයකු ලෙස කටයුතු කළ අයෙකු බව පැවැසෙයි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගිණිකොණ දෙසින් පිහිටි සයිදා සෙනිබ් නගරයටය.
තම හමුදා නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නිහඬව සිටීමට අදහස් නොකරන බව ඉරානය, ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා වැටෙන තැන්වලින් අයින් වෙලා ඉන්න හමුදා නිලධාරියෙක් වුණත් තේරිලා නෑ...!
ඉන්දියන් සාගරයේ නැවකටත් ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකළ එක ගැන කියන්න කැමැති නැද්ද?