IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඊශ්‍රායෙල පන්සලේ පිංකමක්

 ඊශ්‍රායල්  බෞද්ධ මධ්‍යස්ථානයට ශ්‍රීලංකාවෙන්  ධාතු කරඬුවක් වැඩම කරවීමේ පිංකම පසුගිය 18 වන සෙනසුරාදා  දින ඊශ්‍රායලයේ තිබේරියා හි  ඊශ්‍රායල් බෞද්ධ මධ්‍යස්ථානයේදී,   කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ හා ඊශ්‍රායල් ජාතික හිමිවරුන් දෙනමකගේ ප්‍රධානත්වයෙන්    පැවැත්විණි.

  බෞද්ධ හා බෞද්ධ නොවන විශාල ශ්‍රීලාංකිකයින් පිරිසක් ඊට සහභාගී වූහ.

 ඊශ්‍රායලයේ ශ්‍රීලංකා තානාපති සරත් විජේසිංහ මහතා හා මහත්මිය, නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා තානාපති කාර්යය මණ්ඩලයද, නේපාල හා මියන්මාර් තානාපති නිලධරයෝ හා ඊශ්‍රායෙල ජාතිකයෝ පිරිසක් ද  සහභාගී වූහ.

  බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන විදේශිකයන් හට තානාපති සරත් විජේසිංහ මහතා     බෞද්ධ පොත්පත් තෑගි කළේය.

01-(4) 02-(4) 03-(3) 04-(3) 05-(3) 06-(2)



අදහස් (0)

ඊශ්‍රායෙල පන්සලේ පිංකමක්

චානක Monday, 20 October 2014 05:12 PM

ඇත්තටම ලංකාවේ සිංහලයින්ගෙන් ගොඩක් දෙනෙක් බෞද්ධ දර්ශනය දන්නේ නැහැ. ඒ අයට අනිත් ආගම් සහ බෞද්ධ දර්ශනයෙහි වෙනසක් වටහාගන්න අමාරුයි. (නි)

:       0       0

චමල් Monday, 20 October 2014 09:56 AM

ඊශ්‍රායලයේ පන්සල් ඇත. එ්ත් අරාබියේ යන්තම් එම්බසියේ අටවගත්ත අට්ටාලයක බුදු පිළිමයක් ඇත . ඕං සහජීවනේ. (නදී)

:       0       0

කමල් Monday, 20 October 2014 09:08 PM

මුළු ලෝකයම බුදුදහම අවබෝධ කරගත්තත්, ලංකාව ගැන නම් කණගාටුයි (නි)

:       0       0

නිශ්ශංක - බදුල්ල Monday, 20 October 2014 11:17 AM

එකම ලේ බිදුවක්වත් නොසෙල්වා ලොව පුරා ව්‍යාප්ත වන ස්වභාව ධර්මයාගේ ඇත්ත ඇති සැටියෙන් උගන්වන මේ සත්‍ය බුදු දහම සියලුම ලෝකවාසීන්ට අවබෝධ වෙත්වා! (නදී)

:       0       0

සිල්වා Monday, 20 October 2014 11:34 AM

ඇමරිකාවේ ඉන්න යුදෙව්වන් විශාල වශයෙන් බුදුදහම වැළඳ ගන්නවා. ඇපල් සමාගමේ ලෝක්කා ගූගල් හිමිකරු මෙවැනි බුද්ධි මත් උදවිය හරිම උනදුවෙන් ඉන්නේ බෞද්ධ දර්ශනය ගැන. (නදී)

:       0       0

මෝරලා Monday, 20 October 2014 11:35 AM

බුදු දහම අපේ සිංහල මිනිස්සුන්ට හරියට අවබෝධ වෙලා තිබුනා නම් ලංකාව කොච්චර සුන්දර රටක් ද ? (නදී)

:       0       0

සම්පත් Monday, 20 October 2014 01:03 PM

ඊශ්‍රායල් ඉතාම හොඳ රටක්..අපි බෞද්ධයෝ, ඉතාම හොඳින් කරදයක් නැතුව මෙහෙ ඉන්නවා..අරාබි කරයේ මෙහෙම දේවල් කරන්ඩ බෑ .පුදුමය නම් අපේ අය පලස්තීනයට කඩේ යන එක... (ස)

:       0       0

අයන්ත Monday, 20 October 2014 01:54 PM

සම්පත් ඔබ හරි. (ස)

:       0       0

අරුණ Monday, 20 October 2014 07:54 AM

යුදෙව් ජාතිකයන් බොහෝ දක්ෂ පුද්ගලයෝය.මේ අයට බුදු දහම පිලිබඳ අවබෝධය ලැබුනහොත් මුළු ලෝකයටම විශාල සෙතක් වේවි.(හේ)

:       0       0

දිනෙල්ක‍ා Tuesday, 21 October 2014 04:55 AM

යහපත් කටයුත්තක්. සාධු සාධු සාධු! (නි)

:       0       0

චංක Monday, 20 October 2014 04:49 PM

ඇත්තටම ලංකාවේ සිංහලයන්ගෙන් ගොඩක් දෙනෙක් බෞද්ධ දර්ශනය දන්නේ නැහැ. දන්නෙ මල්, පහන්, හදුන්කූරු සහ බුදුහාමුදුරුවන්ට වදින ගාතා ටිකයි ජාතක කතා ටිකකුයි විතරයි. ඒ අයට අනිත් ආගම් සහ බෞද්ධ දර්ශනයෙ වෙනසක් වටහා ගන්ඩ අමාරුයි. හැම ආගමම එක වගෙයි පේන්නේ. අපේ හාමුදුරුවරුන්ට පුලුවන්නම් බෞද්ධ දර්ශනය ටික ටික අපේ සිංහලයන්ට කියල දෙනන. ඊට වඩා දෙයක් මේ ලෝකෙ නැහැ. බෞද්ධ රටක ඉන්න අන්‍ය ආගමිකයින්ට පවා මේ දර්ශනයේ වෙනස කියල දෙන්ඩ ඕනා. මේක දෙවියන් පස්සේ යන දහමක් නෙමෙයි. මෙහි කියල දෙන්නේ සංසාරයේන් එගොඩ වෙන හැටි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site