ඊශ්‍රායල් බෞද්ධ මධ්‍යස්ථානයට ශ්‍රීලංකාවෙන් ධාතු කරඬුවක් වැඩම කරවීමේ පිංකම පසුගිය 18 වන සෙනසුරාදා දින ඊශ්‍රායලයේ තිබේරියා හි ඊශ්‍රායල් බෞද්ධ මධ්‍යස්ථානයේදී, කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ හා ඊශ්‍රායල් ජාතික හිමිවරුන් දෙනමකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බෞද්ධ හා බෞද්ධ නොවන විශාල ශ්‍රීලාංකිකයින් පිරිසක් ඊට සහභාගී වූහ.
ඊශ්‍රායලයේ ශ්‍රීලංකා තානාපති සරත් විජේසිංහ මහතා හා මහත්මිය, නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා තානාපති කාර්යය මණ්ඩලයද, නේපාල හා මියන්මාර් තානාපති නිලධරයෝ හා ඊශ්‍රායෙල ජාතිකයෝ පිරිසක් ද සහභාගී වූහ.
බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන විදේශිකයන් හට තානාපති සරත් විජේසිංහ මහතා බෞද්ධ පොත්පත් තෑගි කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලංකාවේ සිංහලයින්ගෙන් ගොඩක් දෙනෙක් බෞද්ධ දර්ශනය දන්නේ නැහැ. ඒ අයට අනිත් ආගම් සහ බෞද්ධ දර්ශනයෙහි වෙනසක් වටහාගන්න අමාරුයි. (නි)
ඊශ්‍රායලයේ පන්සල් ඇත. එ්ත් අරාබියේ යන්තම් එම්බසියේ අටවගත්ත අට්ටාලයක බුදු පිළිමයක් ඇත . ඕං සහජීවනේ. (නදී)
මුළු ලෝකයම බුදුදහම අවබෝධ කරගත්තත්, ලංකාව ගැන නම් කණගාටුයි (නි)
එකම ලේ බිදුවක්වත් නොසෙල්වා ලොව පුරා ව්‍යාප්ත වන ස්වභාව ධර්මයාගේ ඇත්ත ඇති සැටියෙන් උගන්වන මේ සත්‍ය බුදු දහම සියලුම ලෝකවාසීන්ට අවබෝධ වෙත්වා! (නදී)
ඇමරිකාවේ ඉන්න යුදෙව්වන් විශාල වශයෙන් බුදුදහම වැළඳ ගන්නවා. ඇපල් සමාගමේ ලෝක්කා ගූගල් හිමිකරු මෙවැනි බුද්ධි මත් උදවිය හරිම උනදුවෙන් ඉන්නේ බෞද්ධ දර්ශනය ගැන. (නදී)
බුදු දහම අපේ සිංහල මිනිස්සුන්ට හරියට අවබෝධ වෙලා තිබුනා නම් ලංකාව කොච්චර සුන්දර රටක් ද ? (නදී)
ඊශ්‍රායල් ඉතාම හොඳ රටක්..අපි බෞද්ධයෝ, ඉතාම හොඳින් කරදයක් නැතුව මෙහෙ ඉන්නවා..අරාබි කරයේ මෙහෙම දේවල් කරන්ඩ බෑ .පුදුමය නම් අපේ අය පලස්තීනයට කඩේ යන එක... (ස)
සම්පත් ඔබ හරි. (ස)
යුදෙව් ජාතිකයන් බොහෝ දක්ෂ පුද්ගලයෝය.මේ අයට බුදු දහම පිලිබඳ අවබෝධය ලැබුනහොත් මුළු ලෝකයටම විශාල සෙතක් වේවි.(හේ)
යහපත් කටයුත්තක්. සාධු සාධු සාධු! (නි)
ඇත්තටම ලංකාවේ සිංහලයන්ගෙන් ගොඩක් දෙනෙක් බෞද්ධ දර්ශනය දන්නේ නැහැ. දන්නෙ මල්, පහන්, හදුන්කූරු සහ බුදුහාමුදුරුවන්ට වදින ගාතා ටිකයි ජාතක කතා ටිකකුයි විතරයි. ඒ අයට අනිත් ආගම් සහ බෞද්ධ දර්ශනයෙ වෙනසක් වටහා ගන්ඩ අමාරුයි. හැම ආගමම එක වගෙයි පේන්නේ. අපේ හාමුදුරුවරුන්ට පුලුවන්නම් බෞද්ධ දර්ශනය ටික ටික අපේ සිංහලයන්ට කියල දෙනන. ඊට වඩා දෙයක් මේ ලෝකෙ නැහැ. බෞද්ධ රටක ඉන්න අන්‍ය ආගමිකයින්ට පවා මේ දර්ශනයේ වෙනස කියල දෙන්ඩ ඕනා. මේක දෙවියන් පස්සේ යන දහමක් නෙමෙයි. මෙහි කියල දෙන්නේ සංසාරයේන් එගොඩ වෙන හැටි. (නදී)