ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් නානායක්කාර මහතා බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට 88 වැනි වියේ පසුවූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. තරුණ වියේදීම දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා සමග දේශපාලනයට එක්වූ ඔහු 1970 සමගි පෙරමුණු රජය යටතේ කඹුරුපිටිය ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. දේහය පන්නිපිටිය, අතුරුගම පාරේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (10) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිටින දේශපාලකයන්ට වඩා සිය දහස් ගුණනකින් වැදගත් මහත්මයෙකි. ඔබතුමාට නිවන් සුව! (නි)
සැබෑ මහත්මයෙක් වූ මෙතුමාට නිවන් සුව ලැබේවා. (ම)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා.! (ර)
එතුමාට නිවන්සැප ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. (ර)
නියම සමාජවාදීන්ගේ නික්ම යාම. (ර)
ඔබ විශ්වාස කරන උතුම් මාර්ගයකින් සැනසුම ලැබේවා! (නි)
1973 වසරේ අපේ පාසලේ රාහුලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට පැමිණ කල දෙසනය උතුම් ඔබට නිවන් සුව (ම)
සමගි පෙරමුණු ආණ්ඩුව බිහි වෙලා පළමු කටයුත්ත මොරටුව විශ්ව විද්‍යාලය දකුණේ උතුරේ සිසුන්ට බිහි කිරීමය මෙතුමාත් එහි පුරෝගාමියෙක් (බ)