නිධන්වලින් ගත් රන් බව කියා මිනිසුන් රවටා රන් පැහැ ගැල්වූ ඊයම් කැබලි විකිණීමේ ජාවාරම අනුරාධපුරයෙන් ගම්පහටද පැමිණ ඇතැයි පොලීසිය කියයි.
ගම්පහ පොලීසියෙන් උපාය දූතයන් යොදා කරන ලද වැටලීමකින් ජාවාරමට සම්බන්ධ බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කරවිල ඇටයක හැඩයට ඇති රන් පැහැ ගැල්වූ ඊයම් දඹ රත්තරන් බව කියමින් කිලෝව රුපියල් දොලොස් ලක්ෂයකට අලෙවි කරද්දීය.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඊයම් කෑලි කිලෝව ලක්ෂ 12යි
Etakichchca Sunday, 10 June 2012 01:40 PM
රාළ 2012-06-09 23:27:51 මෙතුමාගේ ඔවදන්වල කිසි සම්බන්දතාවයක් නැහැ. ඒවා හරියට "ඇහැළ මල් පිපෙයි පිට කසයි" වගේ කිසි සම්බන්දකමක් නැහැ. රාළ ගොයියෝ, ඔයාට තේරුනේ නැ.ි එකට එයාට දොස් කියන්න එපා.දඹරන් කියන්නේ රත්තරං මෙන් මතුපිට පෙනුම ඇති වටිනාකමින් අඩු ලෝහයක් මිස නියම රත්තරං නෙමෙයි. මිනිසාගේ ක්‍රියාවන් දඹරන් විය යුතුයි කියන්නේ බාහිර ඔපය පමණක් ඇති හරසුන් ක්‍රියාවල යෙදිය යුතු බවයි. කොච්චර වටින ඔවදනක්ද?
මේධා Saturday, 09 June 2012 04:59 PM
දැන් මේ කැලේ නිදන් හොරැ වැඩියි...
ප්‍රසා Saturday, 09 June 2012 05:43 PM
නියමයි.. නියමයි...
කෙවින් Saturday, 09 June 2012 05:31 PM
බලන්න හසන්ත, නිදන් රජයෙන් ඔක්කොම ගොඩ දැම්මනම් මේ ප්‍රශ්ණය ඉවරයිනෙ...
අලිබබා Saturday, 09 June 2012 06:21 PM
හපෝයි ඉතා භයන්කාර ක්‍රියාවක් නෙ කොරල තියෙන්නේ. ඊයමි දඔරත්තරන් කොරන සමාජයක්. ඉස්සර කිවුවෙ ගෑනියෙක් පිරිමියෙක් කොරන්නත්, පිරිමියෙක් ගෑනියෙක් කොරන්නත් විතරයි බැරි කියලා. නමුත් මෙ අය දැන් ඉස්සරහට ඒදේත් කොරයිද දන්නෑ.
රජිත මංජුල Saturday, 09 June 2012 06:47 PM
වේලාසනින් ගත්ත කට්ටිය ඉන්නවානම් මතක්කරල දැල් කඩෙන් විසි දැලකුත් අරන් යන්ද??
සුජිත් නිශාන්ත හේවගේ Saturday, 09 June 2012 07:46 PM
දඹ රත්තරන් විය යුතු මිනිසාගේ ක්‍රියාවක් නැතුව බාහිර භෞතික ද්‍රව්‍යයන් නෙවෙයි
ෆිරෝ Saturday, 09 June 2012 07:35 PM
දැන් ඊයමුත් වටිනවා. මේක වෙලා තියෙන්නේ කාගේ ආසනේද?
සුජීව Saturday, 09 June 2012 07:35 PM
සුජිත් මහත්තයෝ කරුණාකර ඔබතුමාගේ දේශන නවත්තගන්න. කිසි තේරුමක් නැති බවයි මට හැගෙන්නේ.
ශෙරිෆ් Saturday, 09 June 2012 08:01 PM
එස් එල් එස් ප්‍රමිතියට අනුව අපේම නිෂ්පාදනයක්
නයන බණ්ඩාර Saturday, 09 June 2012 09:14 PM
ඔං මම බහිරවයා නෙමේ....
රන්ජිත් Saturday, 09 June 2012 09:38 PM
හදුනාගන්න බැරි අය ලංකාවෙ ඉන්නවාද?
රජිත Saturday, 09 June 2012 08:58 PM
රත්‍රං ඊයං හදුනාගන්න බැරි අයත් ඉන්නවා නේද?
රම්‍යා Saturday, 09 June 2012 08:59 PM
නියමයි කලෙන් කාලෙට අලුත් අලුත් ව්‍යාපාර...
අමිල Saturday, 09 June 2012 09:16 PM
බීට්රෑට් 24 ඒ නියම ඊයම්....
පාලිත වීරතුංග Saturday, 09 June 2012 10:08 PM
රැවටෙන්න ලංකාවෙ ඉන්නෙ කොණ්ඩෙ බැදපු චින්නුද??
හසි Saturday, 09 June 2012 10:16 PM
නියම උපකරණයක්නෙ... හොර වැඩවලටමනෙ මේගොල්ලො මේවා හොයා ගන්නෙ.. යහපත් දේකට යමක් හොයා ගන්නේ නෑනෙ..
චාමර වත්තල Saturday, 09 June 2012 10:37 PM
ප්‍රශ්නයක් නැහැ ඕනේ හොරබඩුවක් තණ්හාවට ගන්නේ හොරකන් කරලා හම්බ කරන අයම තමයි..... ඕක කරගෙන යන්න දීල ඒ වෙලාව වෙන අපරාදයක් අඩුකරන්න යොදවන්න තියෙන්නේ.....
තකවින් Saturday, 09 June 2012 11:25 PM
අපේ හාමුදුරැවනේ සේරිවානිජ කච්චපුට ජාතක කතාව මේකට හොදම උදාහරණයක් නේද?? එහෙම කියල බෑ රටේ තියෙන නිදන් ටික ඔක්කොම ගොඩ දැම්මනං මේ ප්‍රශ්ණය කම්මුතුයි නේද??
රාළ Saturday, 09 June 2012 11:27 PM
මෙතුමාගේ ඔවදන්වල කිසි සම්බන්දතාවයක් නැහැ. ඒවා හරියට "ඇහැළ මල් පිපෙයි පිට කසයි" වගේ කිසි සම්බන්දකමක් නැහැ. බලන්න මේ කමෙන්ට් එකයි නිවුස් එකයි කියවල - සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 19:46:15 දඹ රත්තරන් විය යුතු මිනිසාගේ ක්‍රියාවක් නැතුව බාහිර භෞතික ද්‍රව්‍යයන් නෙවෙයි
එච්.බී. Saturday, 09 June 2012 10:52 PM
අලි බබා දන්න තරම, දැන් නවීන ලෝකෙ ගෑනියේක පිරිමියෙක්, පිරිමියෙක් ගෑනියෙක් කරනත් ලේසියි...
රාළ Saturday, 09 June 2012 10:54 PM
මේ කටයුත්ත කරගන්න ඉඩ දුන්නනම් ඉවරයි. මොවුන් සාදාරනයි. රටේ නිදන් වස්තු හොරකම් කරලා නැහැනේ. අනික කාටවත් බල කරලා විකුණලත් නෙවෙයි නේ. තමන්ගේ මහන්සියෙන් නිර්මාණයක් කරලා සල්ලි උපයනවා. නිර්මාණ පැහැරගන්න පොලිසියට බැහැනෙ...
රාළ Sunday, 10 June 2012 12:19 AM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ශ්‍රේෂ්ඨ විද්වතෙකි.උගතෙකි.
වාස Sunday, 10 June 2012 12:30 AM
ලංකාවෙ දැන් මෝඩ අය වැඩිවෙලා...
සූටික්කා Saturday, 09 June 2012 11:57 PM
මෙච්චර දවස් මං හිතන් හිටියේ ආචාරියා සම්පූර්ණ මෝඩයෙක් කියලා. එත් මගේ නිගමනය වැරදියි. අඩුම වශයෙන් නිශාන්ත වගේ ආචාරියෝ හතර දෙනෙක්වත් ඕන සම්පූර්ණ මෝඩයෙක් හදන්න.
පොතේගුරා Sunday, 10 June 2012 08:23 AM
ඊයම් බෝල රත්තරං කියලා ගත්ත අයගේ ඔලුව ඇතුලේ තියෙන්නේ මොනවද කියලත් බැලුවොත් නේද හොඳ ?
සමන් මෙල්බර්න් සිට Sunday, 10 June 2012 08:38 AM
අනේ ලංකාවේ මෝඩයෝ.
බෙන් ටෙන් Sunday, 10 June 2012 10:41 AM
මේක පුදුම ලෝකයක්..... මේ සියල්ලටම හේතුව ආර්ථික ප්‍රශ්න තමයි. ලංකාව නම් දැන් 3 වන ලෝකය රටක් නෙවෙයි. 9 වන ලෝකයේ රටකි. ජීවත්වීමට පුදුම සටනක් දිය යුතුව තිබෙනවා.. ඒකයි ඊයම් වලටත් රත්තරං පාට ගාල විකුණන්නේ....
නිරාන් Sunday, 10 June 2012 11:40 AM
ඊයම් බෝල කරලා වෙඩි තියන්න ඇති